IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තලප කෑම දියවැඩියා මර්දනයට රුකුලක්

ධාන්‍ය පිටි තලප වැනි ආකාරයට සාදා කෑඹට ගැනීමෙන් දියවැඩියාවෙන් වැලකි සිටිමට හැකි බව පරියේෂකයන් කියති. විද්‍යාඥයින් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ ධාන්‍යවල ඇති කෙඳි හේතුවෙන් දෙවැනි ඝනයේ දියවැඩියාව ඉහළ යෑමේ අවදානම අඩුවන බව බවයි.

ඔවුන් පවසන්නේ දිනකට කෙඳි සහිත ධාන්‍ය ග්රූම් 26 ක් ආහාරයට එක්කර ගැනීමෙන් දියවැඩියා තත්වය සියයට 18 කින් පාලනය වන බවයි.

විද්වතුන් ගේ විශ්වාසය කෙඳි සහිත ආහාර මගින් ශරීරයේ බර ප්‍රශස්ත මට්ටමක තබාගැනීමට හැකියාව ලැබෙන බවයි. ඒ හේතුවෙන් දෙවැනි ඝනයේ දියවැඩියා තත්වය වර්ධනය විමේ හැකියාව අඩුවන බව ඔවුන් පවසයි.

නමුත් ආහාරයට ගන්නා ධාන්‍ය වල ඇති කෙඳිති මගින් ශරීරයට වඩාත් හොඳ ආරක්ෂාවක් ලැබෙන බව යුරෝපීය දියවැඩියා සම්මේලනය තම ප්‍රකාශනයක් මගින් පෙන්වාදෙයි.

නොර්වේජියානු විද්‍යා සහ තාක්ෂණික  විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් ඉම්පිරියල් කොලෙජ් හි පර්යේෂකයන් පවසන්නේ පලතුරු වල ඇති කෙඳිති මගින් දියවැඩියා තත්වයට ආරක්ෂාවක් නොලැබෙන බවයි.

ඔවුන්ට අනුව කැකුළු හාල් ඇතුළු සියළුම ධාන්‍ය වර්ග කෙදිති වලින් පොහොසත්ය. කෙඳි සහිත ආහාර ගැනීමෙන් හෘද රෝග ඇතිවීම පාලනය වන බවද ඊට හේතුව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම බවද සොයාගෙන ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද අධ්‍යනයකින් හෙලිවි ඇත්තේද ආහාරයේ කෙඳිති ප්‍රමාණය වැඩි කිරිම මගින් වසරකට එංගලන්තයේ  අඩුබර දරු උපත් 4000 ප්‍රමාණයක් වලක්වා ගත හැකි බවයි.ක්‍රෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ වසංගත අධ්‍යනයේ මහාචාර්ය නික් වේහැම් පවසන්නේ මෙම අධ්‍යනය මගින් ආහාරයේ ඇති කෙඳි ප්‍රමාණය වැඩි විමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභයන් ඉහළ යැම පිලිබඳව ඉතාමත් වැදගත් සාක්ෂි ලැබි ඇති බවයි.

මේ අනුව මහජන සෞඛ්‍ය පිලිබඳ ලෝක දත්තයන් පෙන්නුම් කරන්නේ කෙඳිති සහිත ආහාර පරිභෝජනය වැඩි කිරිම මගින් අධික තරබාරුව සහ දියවැඩියා තත්වය පාලනයට මහඟු රුකුලක් ලැබෙන බවයි.



අදහස් (0)

තලප කෑම දියවැඩියා මර්දනයට රුකුලක්

යහපාල Thursday, 28 May 2015 09:45 PM

කෙඳි ආහාර මොනවාද කියලා ආහාර ලැයිස්තුවක් දුන්නා නම් හුගක් හොඳයි. (නි)

:       0       0

සරත් Thursday, 28 May 2015 10:52 PM

අපේ ගෙවල් වල ඉස්සර නම් තලප තමා උදේ ආහාරය (70 - 90). අපේ මුතුන්මිත්තෝ පර්යේෂණ නොකළත් මේවා දැනගෙන හිටියා. (නි)

:       0       0

සමන්ති Thursday, 28 May 2015 10:56 PM

කෑමබීම පටන් මළපහ කිරීම දක්වා දේශීය වශයෙන් පැවති ක්‍රම පිළිබඳ දැනීම දැනුයි බටහිර ජාතීන්ට හොඳ බව තේරිලා තියෙන්නේ.හැබැයි අපි විදේශිකයන්ගේ විද්‍යාත්මක නොවූ ආහාර රටාවලට පුරුදුවෙලා. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 03 June 2015 03:48 PM

ඔය අලුතෙන් පරීක්ෂණ කළා කියන ආහාර අපේ අය කෑවේ අවුරුදු සිය ගානකට කලින් (බ)

:       0       0

ලලිත් Friday, 29 May 2015 06:46 PM

අපේ කට්ටිය කන තලප වල තියෙන ඒ කියන කෙඳි වලට අමතරව ඉසකෙය කෙන්දිත් තියෙනවා. ඒ මදිවට කටේ ඇලෙන ගානට සිනිත් දානවා. පස්සේ කියනවා, කෝ අර කිව්වට කිසි ගුණයක් නැහැනේ කියල.(බ)

:       0       0

කස්තුරිආරච්චි Saturday, 30 May 2015 03:14 AM

කුරක්කන් තලප එක්ක ඌරු කරුක්කල් හොද්දක් නැත්නම් මුං ඇට හොද්දක් කාපු අපේ මුතුන් මිත්තෝ රතු හාලේ බත් එක්ක පරිසරයේ තිබු දේවල් කෑමට ගත්තා. අපේ ජාතික අාහාර රටාව විනාස කරගත් එකෙන් තමයි අපි විනාස උනේ. (ස)

:       0       0

මහින්දපාල Friday, 29 May 2015 04:20 AM

අනිවාර්යයෙන්ම ඔබ සැම කියවිය යුතුම ලිපියක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 26 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 994 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 92 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1235 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 224 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 140 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site