IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක්

තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සහ නව  රජයක් පිහිටුවීම දකුණු ආසියානු කලාපයටත්, විශේෂයෙන් ඉන්දියාවටත් විශාල තර්ජනයක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, තලේබාන්වරුන්ට පාකිස්තානයේ පමණක් නොව, චීනයේ ද සහාය හිමවීමය. තලේබාන්වරුන් පිහිටුවන නව රජය පළමුවෙන් පිළිගැනීමට ඉදිරිපත් වූයේ චීනයයි. ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා තලේබාන් රජය සමඟ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් පාකිස්තානය හරහා ඉදිවන නව සේද මාවතට ඇෆ්ගනිස්තානය ද ඇතුළත් කිරීමටත් චීනය බලාපොරොත්තු වෙයි.

චීනය සහ තලේබාන්රුන් අතර හිතවත්කම් වර්ධනය කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කළේ ද පාකිස්තානය බව ලොවට රහසක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මාධ්‍ය නිදහස ලබා දීමට, ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට, කාන්තා අයිතීන් සුරැකීමට ඉස්ලාමීය නීතිය සහ සංස්කෘතිය ඇතුළේ අවසර ලබා දෙන බවත්, මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරන බවත් තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.

කෙසේ නමුත් දැඩි මූලධර්මවාදීන් පිරිසක් ලෙස සැලකෙන තලේබාන්වරුන් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජගත් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ඇමෙරිකන් බුද්ධි අංශ සනාථ කර ඇත්තේ, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත්, අල් කයිඩා සංවිධානයත් තලේබාන්වරුන් සමඟ එක් වී සිටින බවය. ඊට අමතරව කාශ්මීර බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ද පාකිස්තානය හරහා තලේබාන් සංවිධානය සමඟ හිතවත්ම් පවත්වන බව ද ඇමෙරිකා බුද්ධි අංශ පමණක් නොව ඉන්දීය බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)



අදහස් (4)

තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක්

janabala Wednesday, 18 August 2021 10:51 AM

ශ්‍රීලංකා තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක් නොවේද ?

:       29       14

මුණසිංහ Thursday, 19 August 2021 07:37 AM

චීනය බොහෝ කලකට පෙර කරපු සැළසුමක් තමා පකිස්තානය-ඇෆ්ගනිස්ථානය හරහා යුරෝපය වෙළඳාම් ආක්‍රමනයකට සූදානම් වීමට ඔය කියන සේද මාවත සකස් කිරීම. ඇමරිකාව කරපු වැඩෙන් චීනය දැන් ඉන්නේ ඉබ්බා දියේ දැම්මා වගේ. යුධමය ලෙස ජයග්‍රහණය කරන්න අමාරු භූමියක් වන ඇෆ්ගනිස්ථානය චීනය විසින් උපක්‍රමිකව කිසිදු යුද්ධයක් නැතිව තමන්ට නතු කර ගන්නවා. මේකෙන් ආසියාවේ ඇමරිකානු කඳවුර කඩා වැටෙනවා. හේතුව චීනය සමග රුසියාවත් (කලින් යුද්ධ කර පරාජය වූ) එකට සිට ගැනීම. දැනටත් අධිවේගී මාර්ග සකස් කිරීමට චීනය අත ගසා තිබෙනවා. ඉදිරියේ දී මේ නිසා ඉන්දියාව තනි වෙනවා. පකිස්ථානය දැනටමත් චීනය සමග එකට වැඩ කරනවා.

:       0       0

කල්පනා Thursday, 19 August 2021 05:57 PM

රූපවාහිණී පුවත් සමග ඉදිරිපත්කරන දර්ශන දැක්කම ඉන්දියාවට ලංකාවට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් නොවුනොත් පුදුමයක් විය හැකිය

:       0       0

Nilanka Sunday, 22 August 2021 08:25 AM

මේ ත්‍රස්තවාදීන් විශ්වාස කළ නොහැකි ඔවුන් පිළිගන්න ඉක්මන් වීම සුදුසු නැ. ඔවුන් සමග ලොව සිටින අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් එක්වීම ලෝකයට ලොකු තර්ජනයක් වේවි.. ඉදිරි කාලයේදී..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 118 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1222 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 194 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1495 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 259 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 156 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site