පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේදී ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තමන්ට හැකියාව ලැබුණු බව තලේබාන් සටන්කාමීහු පවසති. තම සටන්කාමීන් විසින් පහර දී බිම හෙළනු ලැබූ එම ඇමෙරිකන් ඩ්‍රෝන යානයේ සුන්බුන් මාධ්‍ය වෙත නිකුත් කරන බව ප‍්‍රාදේශීය තලේබාන් නායක හෆීස් ගුල් බහාදූර් පවසයි. ”අප යානය බිම දැම්මේ මචිකෙල් ප‍්‍රදේශයේදී. එම අවස්ථාවේදී යානය ඉතා පහළින් පියාසර කරමින් තිබුණා. අපේ සටන්කාමීන් ඊට වෙඩි තැබුවේ එවිටයි.” යැයි තලේබාන් නායකයා වැඩි දුරටත් කියා සිටියි. පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවට අයත් උතුරු වසිරිස්තානයේදී තම ඩ්‍රෝන යානයක් අනතුරට පත්වී කඩා වැටුණු බව ඇමෙරිකා හමුදාව ද පවසන නමුත් ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානය කඩා වැටුණේ තාක්ෂණික දෝෂයක් නිසා බවය. කෙසේ නමුත් යානයේ සුන්බුන් තලේබාන් සටන්කාමීන් අතට පත් ව ඇති බවත් ඒවා යළි ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවත් ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් කියා සිටියි. තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මතය. ඩ්‍රෝන මෙහෙයුම්වලට නායකත්වය දෙන්නේ ද ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයයි. ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. බුද්ධි අංශය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත. පාකිස්තාන බලධාරීන් ප‍්‍රකාශ කළේ ඇමෙරිකන් ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් දැන ගැනීමට ලැබී නැති බවය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තලේබාන් සටන්කාමීහු ඇමෙරිකා ඩ්‍රෝන යානයක් පහරදී බිම හෙළති