පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය ගත් තීරණයට ජනතා විරෝධය එල්ල වී ඇත.
මෙසේ විරෝධය පළ කරන්නේ තලේබාන්වරුන්ගේ අඩන්තේට්ටම්වලට මෙන්ම තලේබාන්වරුන්ගේ කුරිරු ප‍්‍රහාරවලට ගොදුරු වූවන්ගේ පවුල්වල අයයි.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා අවශ්‍ය නොවන බවත් සටන්කර ඔවුන් පරාජය කළ යුතු බවත් එම පිරිස පාකිස්තාන රජයට පවසයි.
පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය තීරණය කළේ ඇෆ්ගන් රජය අනුගමනය කරමිනි. සාම සාකච්ඡා පැවැත්වීමට තලේබාන් නායකයන්ගේ ද කැමැත්ත හිමිවී ඇතැයි වාර්තා වේ.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයන් අවධාරණය කර තිබේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තලේබාන් සමඟ සාම කතා එපා පාකිස්තාන රජයට ජනතා විරෝධය
සේන Monday, 25 February 2013 09:40 AM
මේ මිනිස්සු මේ අනුමත කරන්නේ ඇමරිකාවේ ප්‍රහාරය නොවේද ? (ස)