IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ සටන් විරාමයකට

තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ දින 10 ක සටන් විරාමයකට එළඹීම සඳහා මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා අතරතුර තීරණය කරනු ඇතැයි වාර්තා වේ. 

දෙපාර්ශ්වය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා තලේබාන් සහ ඇමරිකානු නියෝජිතයෝ බදාදා (15) කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදී රැස්වූ බව කටාර්හි තලේබාන් කාර්යාලය පවසයි.

මෙම සාකච්ඡා වලදී යම් ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් තවත් දින කිහිපයක් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් සඳහන් වේ.

වසර 18ක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සාකච්ඡා දින කිහිපයකින් බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 

නැවත පසුගිය දෙසැම්බර් මාසයේ සාකච්ඡා ආරම්භ වුවද එයට ද බාධා එල්ල විය.

දෝහාහි දී ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇමරිකානු හමුදා සමඟ දින 10 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ ඇෆ්ගනිස්ථාන රජයට එරෙහි ප්‍රහාර අඩු කිරීමට තලේබාන් නායකත්වය එකඟ වී ඇතැයි සඳහන් වේ.

මීට පෙර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් ගිවිසුමක් ඇතිවූ පසු දෙපාර්ශ්වයේ නියෝජිතයන්ට ජර්මනියේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ හැකි බවද තලේබාන් සංවිධානය පවසා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ සටන් විරාමයකට

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට
2025 මාර්තු මස 12 127 0

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට


මෝදි මුරුසි දූපතේ සංචාරයක
2025 මාර්තු මස 12 64 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ


මොස්කව් අගනුවරට යුක්රේනයෙන් ප්‍රහාරයක්
2025 මාර්තු මස 12 123 0

රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත


තර්ජනවලට බය නැහැ: පුළුවන් දෙයක් කරන්න
2025 මාර්තු මස 12 72 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ


ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය
2025 මාර්තු මස 12 34 0

ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 2859 2

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 156 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site