මාලදිවයින් ජනාධිපති මොහොමඞ් වාහිඞ්, ඉන්දියානු සමාගමක් වන ජී.ඇම්.ආර්. යටතේ පාලනය වූ මාලේ අන්තර් ජාතික ගුවන් තොටුපල දෙසැම්බර් 1 වැනිදා සිට දින 7ක් ඇතුළත භාරදෙන ලෙස නියෝග කළේය. දකුණු ආසියාවේ බලවත් රාජ්‍යය වූ ඉන්දියාවේ උදහසට ලක්වීමේ අනතුර නොසලකා මාලදිවයින් ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ ඔහු විසින් ඉන්දියානු පුවත්පතකට ප‍්‍රකාශ කළ ආකාරයට ගුවන් තොටුපල පාලනය ආපසු භාර ගැනීම සඳහා වූ අන් සියලූ මාර්ග අසාර්ථක වූ නිසාය. හිටපු ජනාධිපති මොහමඞ් නෂීඞ්ගේ පාලනය යටතේ 2010 දී මාලේ ගුවන් තොටුපල සංවර්ධනය කොට භාවිත කිරීම සඳහා ජී.ඇම්.ආර්. නමින් හැඳින්වෙන ඉන්දියානු සහ මැලේසියානු ඒකාබද්ධ ව්‍යාපාරයට වසර 25කට පවරා දුන්නේය. ඒ අනුව මෙම සමාගම ගුවන් තොටුපල නවීකරණය සඳහා ඩොලර් දශ ලක්ෂ 500ක් ආයෝජනය කිරීමට නියමිතව තිබිණි. ජනතා විරෝධය හා පොලිසියේ බලපෑම මත ජනාධිපති නෂීඞ්ට තනතුර අතහැර යෑමට සිදුවීමෙන් පසු පසුගිය පෙබරවාරි 7 වැනිදා බලයට පත් මොහොමඞ් වාහිඞ් කලින් පැවති රජය යටතේ පෞද්ගලික අංශයට පවරා දුන් ව්‍යාපාර හා දේපල ගැන විමර්ශනය කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොල පවරාදීම රජයට අවාසිදායක යැයි හඳුනා ගෙන තිබිණි. ඔහු සඳහන් කරන ආකාරයට නෂීඞ්ගේ පාලනය සමයේ විදේශීය සමාගම්වලට හා ඔහුගේ ආධාරකරුවන්ට සංචාරක ව්‍යාපාර සඳහා දුපත් 400ක් ලබාදී ඇත. එහෙත් ජී.ඇම්.ආර්. සමාගමෙන් ගුවන් තොටුපොල පවරා ගැනීම ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත‍්‍රික ගැටුමක් බවට පත්වීමේ අනතුරක් ද තිබිණි. ඇත්තෙන්ම හිටපු ජනාධිපති නෂීඞ් එවැනි පියවරක් මාලේ ආර්ථිකයට දැඩි පහරක් විය හැකි නිසා ප‍්‍රවේශමෙන් කටයුතු කරන මෙන් අනතුරු හැඟවූයේය. මාල දිවයින් විදේශ ඇමැතිවරයා නවදිල්ලියට ගොස් සාකච්ඡා කළද ගුවන් තොටුපල ආපසු පවරා ගැනීමට ඉන්දියානු බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට නොහැකි විය. මෙවැනි පවරා ගැනීමක් නිසා ඉන්දියාවෙන් මාල දිවයිනට ලබාදීමට එකඟවී ඇති ඩොලර් දශලක්ෂ 600ක ආධාර ගැන නැවත සලකා බැලීමට සිදුවනු ඇතැයි ද ඉන්දියානු රජය ප‍්‍රකාශ කළේය. මාලේ රජය නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ නිවේදනයකින් දෙසැම්බර් පලමුවැනිදා සිට දින හතක් ඇතුළත ගුවන් තොටුපල භාර දියයුතු බවට කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ ඉන්දියාව සිද්ධිය පිළිබඳව ගතහැකි සියලූ නීතිමය පියවර අවසන් වන තෙක් පවරා ගැනීම නොකරන මෙන් මාලේ රජයෙන් ඉල්ලීමක් කළේය. කෙසේ වුවත් මෙම ගිවිසුම ගැන කරුණු විභාග කළ සිංගප්පූරුවේ අභියාචනාධිකරණය මාල දිවයින් රජයට ගුවන් තොටුපල පවරා ගැනීම ඇතුළුව ඕනෑම පියවරක් ගැනීමට බලයක් ඇතැයි දෙසැම්බර් දෙවැනිදා තීරණය කළේය. ඒ අනුව ඉන්දියානු සමාගම ගුවන් තොටුපල පවරා දීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එය සති කීපයක් ඇතුළත නිමවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාල දිවයින් ජනාධිපති වාහිඞ් පෙන්වා දෙන ආකාරයට රටේ ප‍්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගය වූ සංචාරක කර්මාන්තය හා දැඩි ලෙස බැඳී ඇති ගුවන් තොටුපල පාලනය විදේශීය සමාගමකට පවරා දීම බරපතළ වැරැුද්දකි. එහෙත් ඉන්දියාව එය දකින්නේ ඉන්දියානු සමාගමක අයෝජන අවස්ථාවක් අහිමි කිරීමක් ලෙසිනි. ඉන්දියාව ව්‍යාප්තවන නාවික බලයක් සමග උපාය මාර්ගික වැදගත්කමකින් යුත් මාලදිවයිනේ තම බලපෑම පවත්වා ගැනීම බෙහෙවින් වැදගත්ය. ඉන්දියානු අගමැති මන්මෝහන් සිංග් පසුගිය වසරේදී මාලදිවයිනේ සංචාරයක යෙදුන අතර මාලදිවයිනේ මජ්ලිස් නමින් හැඳින්වෙන පාර්ලිමේන්තුවේද ඇමතුවේය. ඒ අනුව මාලදිවයින පාර්ලිමේන්තුව ඇමතූ පළමු විදේශීය නායකයා වන්නේ ද මන්මෝහන් සිංග්ය. ඊට අමතරව මාලදිවයිනට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය සැපයෙන්නේද ඉන්දියාවෙනි. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දියානු ආයෝජනයක් පවරා ගැනීම මාලදිවයින් ජනාධිපති වාහිඞ් ගේ අභියෝගාත්මක පියවරක් බව සැලකිය හැකිය. මෙම සිද්ධිය කුඩා මාලදිවයින හා බලවත් ඉන්දියාව අතර ඍජු ගැටුමකට හේතු නොවිය හැකි නමුත් එහි බලපෑම අමතක නොකළ යුතුය. සමහර ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙවැනි පියවරක් ගැනීමට චීන බලපෑමද හේතු වන්නට ඇත. නැගී එන වානිජ බලවතකු වන චීනය ඉන්දියානු සාගර කලාපයේ සිය බලය තහවුරු කර ගැනීමටද උත්සාහ ගන්නා බවද නොරහසකි. එහි අනතුර වන්නේ කුඩා මාලදිවයින් රාජ්‍යය කාලපීය බලවතුන්ගේ ගොදුරක් වීමට ඇති හැකියාවයි. අයිතියට වඩා ශක්තිය වැදගත්කමෙන් වැඩිවන ජාත්‍යන්තර පරිසරයක් තුළ දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීම මාලදිවයින් ජනාධිපතිවරයා ගත් පියවර අගය කළ යුතු වුවද ඒ තුළ කුඩා දිවයින් රාජ්‍යයේ තවත් බල අරගලයක් හට ගැනීමේ අනතුරක්ද පවතින බව පැහැදිලිය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තල්මසුන් සමඟ ගැවසෙන ”මාලදිවයින් හාල්මැස්සා”
හේරත් Friday, 14 December 2012 07:46 PM
මේවා අපිට හොඳ පාඩම් - මගේ පුතේ නුඹ නාඩන් (ස)
ඉන්ග්රිඩ් Friday, 14 December 2012 01:58 PM
කවුද දැන් හාල් මැස්ස (දී)
නිරෝෂන් Friday, 14 December 2012 09:07 PM
මෙම ප්‍රශ්නයේදී ඉන්දියාව අමනාප වීම පිලිබඳ ව නොවෙයි නව ජනාධිපති සලකන්නේ තමන්ගේ ජාතිය සතු සම්පත් දෙස පමණයි. ඉන්දියාව නොමැති උනාට ලෝකයේ අන් සියලුම රටවල්වල සහාය මාලදිවයිනට තිබෙනව. (ස)
චන්ද්‍රසිරි Saturday, 15 December 2012 10:51 PM
කවුද දැන් හාල් මැස්ස (දී)
පුෂ්ප කුමාර Monday, 17 December 2012 09:13 AM
නිවැරදි තීරනයක් (ස)
ශ්‍රීලාල් Saturday, 15 December 2012 06:02 AM
අපිටත් අවශ්‍ය එවන් දේශපාලන දැක්මකුයි. (නි)