IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි

නීතිවිරෝධීව රටින් පිටතට ගෙනයෑමට සැලසුම් කර තිබූ රයිනෝ අං කිලෝග්‍රෑම් 116ක් අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් වී ඇත.

මෙහි ඩොලර් මිලියන 1.3ක වටිනාකමින් යුත් රයිනෝ අං 36ක් තිබී හමුවී ඇත. 

පසුගිය වසර කිහිපය තුළ එරටින් අල්ලා ගන්නා ලද විශාලම තොගය මෙය යැයි සැලකේ. 

ජොහැන්ස්බර්ග්හි ටැම්බෝ ගුවන්තොටුපල රේගුව විසින් ලිසී නම් සුනඛයෙකුගේ උපකාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත.

මේවා සැරසිලි උපකරණ තොගයක් සමග ඉතාමත් සූක්ෂමව පෙට්ටි අටක අසුරා තිබී ඇති අතර ඩුබායි වෙත ගෙන යෑමට නියමිතව තිබුණු බව රේගු බලධාරීහු පවසති.

දකුණු අප්‍රිකාවේ විශාල වශයෙන් සිදුකළ රයිනෝ දඩයම දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම මත 2014 වර්ෂයේ සිට ක්‍රමයෙන් අඩුවූ නමුත් මේ වනවිටත් වසරකට රයිනෝ සතුන් 1000ක් පමණ ඝාතනය කරන බව සඳහන් වේ.

චීනයේ සහ වියට්නාමයේ රයිනෝ අං යොදාගෙන පාරම්පරික ඖෂධ නිෂ්පාදනය  සිදුකරයි. 

(බිබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක
2024 දෙසැම්බර් මස 20 405 0

තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.


යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්
2024 දෙසැම්බර් මස 20 492 0

රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


අවසන් විදෙස් සංචාරයට ජනාධිපති බයිඩන් සූදානම්
2024 දෙසැම්බර් මස 20 183 0

අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.


සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 2,000 ක්
2024 දෙසැම්බර් මස 20 101 0

සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


නවීන මාදිලියේ ලේසර් අවියක් අපට තියෙනවා
2024 දෙසැම්බර් මස 20 998 0

කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.


අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ:
2024 දෙසැම්බර් මස 19 223 0

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site