IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරැඹේ

බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත සභා මැතිවරණ පෙරේදා (30) ආරම්භ විය. ඡන්ද පොළ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 75,000 යොදවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. පන්ජාබ් ප‍්‍රාන්තයේ දැනට බලයේ සිටින්නේ කොංග‍්‍රස් පක්ෂයයි. පන්ජාබ් ප‍්‍රාන්තය පිහිටා තිබෙන්නේ ඉන්දු/පාකිස්තාන දේශ සීමාවට යාබදවය. ඉන්දියාවේ ආහාර ගබඩාව ලෙස සැලකෙන පන්ජාබ් ප‍්‍රාන්තය ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ ගම් ප‍්‍රදේශය ද වන හෙයින් බහුතරයක් කොංග‍්‍රස් පක්ෂයට සහාය පළ කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ වන විට උත්තරකාන්ද් ප‍්‍රාන්ත සභා මැතිවරණය ද ආරම්භ වී ඇත. උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ බලය පවතින්නේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ඔවුන් මෙවර උත්සාහ ගන්නේ එම බලය දිගටම පවත්වා ගැනීමටය. ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹුණේ ඉකුත් 28 වැනිදාය. මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි පහරවලින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මනිපූර් පොලිසිය කියා සිටියේ එය ඉන්දීය රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින නාගලන්ත මාවෝවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් එල්ල කළ කුරිරු ප‍්‍රහාරයක් බවය.  ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභා මැතිවරණය මෙම මස 8,11,15,19,23,28 සහ මාර්තු 3 වැනිදා පියවරෙන් පියවර පැවැත්වීමට නියමිතය. කුල හීන කාන්තාවක වන මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන පක්ෂය සමඟ කොංග‍්‍රස් පක්ෂය උත්තර ප‍්‍රාන්තයේ බලය ලබා ගැනීමට තියුණු සටනක් මේ වන විටත් ආරම්භ කර ඇත.  දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට ලක්වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීම මෙම ප‍්‍රාන්ත මැතිවරණවල ප‍්‍රධානම අරමුණ වේ. සියලූම ප‍්‍රාන්ත ඡන්ද ප‍්‍රතිඵල මාර්තු 6 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.



අදහස් (0)

දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site