IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දුම්රිය මැදිරියක් ඔසවා ජිවිතයක් බේරා ගනී

ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු පිරිසක් සමත් වූහ.

කාන්තාව සිටියේ දුම්රිය මැදිරියත් දුම්රිය වේදිකාවත් අතර පවතින හිඩැසට වැටී දුම්රිය මගේ සිරවීය.ඇය පිටතට ගැනීමට නම් දුම්රිය මැදිරිය එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යා යුතුව තිබුණි.ඇයට හානියක් නොවී එසේ කිරීම නොකළ හැක්කක් විය.

එනිසා දුම්රිය වේදිකාවෙහි සිටි මගීහු දුම්රිය නිළධරයෝද එකතුව දුම්රිය මැදිරිය ඔසවා සිරවී සිටි කාන්තාව පිටතට ගත්හ.

ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණු අතර සියල්ලෝම ඇය බේරුණු බව දැක ජය ගොස නැගූහ.

 



අදහස් (0)

දුම්රිය මැදිරියක් ඔසවා ජිවිතයක් බේරා ගනී

මීසා Thursday, 25 July 2013 05:52 PM

කෙවින්, එතන වරද බුද්ධිමත් මිනිස්සු හැටියට මොලේ පාවිච්චි කරලා වැඩ නොකරනකම. තවම මින්ස්සු කොලපාට නිල්පාට පමණි දන්නේ. අපි නුවනින් වැඩ කරමු. අපේ රට අපි හැමෝටම ලොකුයි (නි)

:       0       0

ධනුෂ්ක ජයමාල් - පුත්තලම Friday, 26 July 2013 12:38 PM

ඔන්න තැනේ හැටියට ඇනේ ගහලා. (ස)

:       0       0

දිසා Thursday, 25 July 2013 08:32 AM

අරිගතෝ ,අරිගතෝ ජපන් . මෙය ලංකාවේ උනානම් ඒ මනුස්සයට දෙවි පිහිටයි , හරි හමන් කෑමක් නැති ආණ්ඩුව දෙන සොච්චමෙන් එදා වේල කන අපේ ජනයාට කොහෙද ජවයක් තියෙන්නේ .(අ)

:       0       0

දිල්කි Thursday, 25 July 2013 02:33 PM

සමගිය බලය වේ (නි)

:       0       0

ශාෆික් Thursday, 25 July 2013 02:35 PM

"සමගි බලේ" දැක්කද? අපිත් මෙවැනි ආදර්ශ අරගෙන සමගියෙන් ඉදිරියට යමු. ඒ විට ශ්‍රී ලාංකිකයන් වන අපට කවදාවත් වරදින්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 25 July 2013 06:52 PM

අපේ අයනම් ෆොටෝ ගනීවි. අනිත් අය අත් දෙක බැඳගෙන සිටීවි (නි)

:       0       0

සේනාපති Thursday, 25 July 2013 06:58 PM

තමන්ගේ රට ජාතියට ගරහන්න එපා (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 10:00 PM

ජපානයේ දුම්රිය සේවාව ඉතාමත් කාර්යක්ෂමයි.දුම්රිය අනතුරු ඉතාමත් විරලයි. දුම්රියත් ,පදික වේදිකාවත් අතර දුර ඉතාමත් සමීපයි.කෙට්ටු කාන්තාවක් වෙන්න ඇති සමහරවිට මෙම කුඩා ඉඩෙන් වැටී ඇත්තේ.සියලූම ක්‍රියා පද්ධතීන් පරිඝනක කර ඇති බැවින් ,මොනයම් දෙයක් සිදු වුනත් නියමුවාට වාර්තා වෙනවා.වෙලාවේ හැටියට ජපන් ජාතිකයින් ගත්ත ක්ෂණික උත්සාහය ඉතාමත් අනර්ඝයි. (නි)

:       0       0

කෙවින් Thursday, 25 July 2013 03:17 PM

මීසා,අපි සතුටු වෙනවා ලංකාවේ ඉපදුනාට. අපි වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනාට අද ඉන්න දේශපාලකයෝ සතුටු වෙනවා.(නි)

:       0       0

බිංඩි Thursday, 25 July 2013 03:27 PM

නුවර එලිය පේර වංගුවෙ බස් එක පෙරලුන වෙලවෙ අඩි 100 විතර පහල හිටිය ලමයි බේරාගත්ත අපේ මිනිසුත් මෙහෙම තමා අතිනත අල්ලාගෙන පහල් ඉදලා උඩට ලම්යි ටික ගෙනාවේ. වැස්ස නිසා පහලට වැටිමේ අවදානම තියෙද්දි මේකෙ ප්‍රතිචාර කරන සමහර අයට ඕනේ මේ රටට බනින්න විතරද?(නදී)

:       0       0

නිරංජන් Thursday, 25 July 2013 03:32 PM

අපිත් කොටුව දුම්රිය පොලේදී මේ විදියටම කකුලක් හිර උන කෙනෙක්ව බෙර ගත්තා ,ලංකාවේ අයත් ඕනෑ තරම් එකතුවෙලා හොද වැඩ කරනවා.(ස)

:       0       0

චමින්ද Thursday, 25 July 2013 03:38 PM

ඒ රටේ මිනිස්සු මිසෙකුගේ අගය දන්නා නිසා තමයි ඇයව බේරාගත්තේ‍. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 July 2013 11:15 AM

මේකේ ප්‍රතිචාර දාන ගොඩක් අය හරිම හීනමානයකින් තමන්ගේ රට ජතිය ගැන කතා කරන්නේ. හැමදේටම ලංකාවේ වුනා නම් ඔහොම නැහැ මෙහෙමයි කියන්න තමයි බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Thursday, 25 July 2013 03:54 PM

සමහරුන්ගේ තියෙන පරගැති දීන බාවය සමහර ප්‍රතිචාර වලින් මනාව පැහැදිලි වෙනවා. ජපනුන්ගේ ක්‍රියාව අනුමත කලයුතුබව ඇත්ත නමුත් අපේ රටේ උදවියත් තමන්ගේ ජීවිතය ගැන වත් නොහිත අනෙක් මිනිසුන්ට උදවු කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. (ස)

:       0       0

චන්දි Thursday, 25 July 2013 11:42 AM

ප්‍රියන්ත ,ඉතින් ඇත්ත එක නේද? ඇත්ත තිත්තයිලු!!! අනේ මන්දා (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 12:47 AM

අනේ කොච්චර වාසනාවක්ද.?බලන්න කොච්චරනම් සමගිකමක්ද? මේ මනුස්සයට ජිවත් වෙන්න වාසනාව තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි කියන්නේ මරන්න බැරි එකා ගලේ ගහලත් මරන්න බැහැ කියලා (නි)

:       0       0

මිසා Thursday, 25 July 2013 12:31 PM

ඒ වුනාට ලංකාවේ මිනිස්සු තරම් හිත උණු වන මිනිසුන් මම දැකල නැහැ. කව්රු මොනවා කිවුවත් මම සතුටු වෙනවා මම ලංකාවේ වගේ රටක ඉපදුනාට (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 July 2013 12:33 PM

ප්‍රියන්ත අද ලංකාවේ ජිවත්වන බොහෝ දෙනෙක් අධික ජිවන බර සහ අනාගතය ගැන විශාල බියකින් ඉන්නේ. එම නිසා ඔවුන් කලකිරිලා. මෙයට රට කරවන දේශපාලකයන් වග කිව යුතුයි (නි)

:       0       0

ඩෑම් Thursday, 25 July 2013 02:20 AM

ජපනා හපනා... (නි)

:       0       0

රුසෙල් Thursday, 25 July 2013 02:41 AM

මෙන්න මිනිස්සු ........ අපේ අය නම් ෆොටෝ ගහනවායි, වීඩියෝ කරනවයි විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site