වසර 25 ක් දිය යට ගිලී තිබී නැවත මතුවූ නගරයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.
ආර්ජන්ටිනාවේ බුවෙනොස් අයර්ස් අගනුවරට දකුණු දෙසින් පිහිටි එපෙකුවෙන් නගරය සංචාරක ආකර්ෂණය නොමදව දිනාගත් ප්‍රදේශයක් විය.එපෙකුවෙන් යන නමෙහි තේරුම වනුයේ ‘සදා වසන්තය‘ යන්නයි.මේ නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ මානසික ආතතිය හා විඩාව එකෙණෙහිම පහව යන බවට එදවස මේ ප්‍රදේශය නැරැඹීමට පැමිණි සංචාරකයන් අතර වූ විශ්වාසය විය.කලපුවක් අද්දර පිහිටි දර්ශනීය නගරයක් වූ එපෙකුවෙන්හි 1500 ක් පමණ දෙනා වාසය කළ අතර හෝටල් තානායම් ආදී ව්‍යාපාර කිහිපයක්ද විය.
සාමකාමිී එපෙකුවෙන්හි සියල්ල උඩුයටිකුරු කළ දිනය 1985 වසරේ නොවැම්බර් මස 10 වැනිදාය.සතියක් පුරා ප්‍රදේශයට ඇදහැළෙමින් පැවැති ධාරාණිපාත වර්ෂාව නගරවාසීන් සියලූ දෙනාවම නිවාස වලටම කොටු කර තිබිණි.ඉහළ යන වතුර මට්ටම දරා ගත නොහැකිව කලපුව හා නගරය වෙන් කළ බැමි පුපුරා යන්නේ මහා ජල ප්‍රවාහයකින් මුළු ප්‍රදේශය වසා ගනිමින්ය.දිවි ගලවාගැනීමට හැකි වූයේ සීමිත පිරිසකට පමණි.සියල්ල අවසන් වී බලන කළ ඔවුන් මෙතෙක් ජීවත් වූ සුන්දර නගරය තිබූයේ සම්පූර්ණයෙන් ජලයෙන් යටවීය.
පසුකාලයක සිදුකළ පරීක්ෂණ වලදී නගරය අඩි 10 ක් පමණ උසකට ජලයෙන් යටවී තිබුණි.ජලය ඉවත් කිරීමද නොකළහැක්කක් විය.එනිසා බලධාරීන් ප්‍රදේශය ගැන වද වීම අත්හැර දැමූ අතර දිවි ගලවාගත්තෝ වෙනත් ස්ථාන වල ජනාවාස සාදාගත්හ.
වසරින් වසර ගෙවෙත්ම නගරය යටකරගෙන සිටි ජලමට්ටම ක්‍රමයෙන් අඩුවන සෙයක් දිස්විය.වසර 25 ක් අවසානයේ එපෙකුවෙන් නගරය දැන් සම්පූර්ණයෙන්ම පාහේ නැවත ‘මතුපිට ලෝකය‘ කරා පැමිණ අවසන්ය.මෙතෙන් යළි ජනාවාස ඇති කිරීමක් ගැන සැළැස්මක් ගැන සළකා බලා නොමැත.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ‍්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දිය යට නගරය යළි මතුවේ
අමිල කටුනායක Tuesday, 19 March 2013 03:25 PM
දැන් ආජන්ටිනාවටත් හොද කාලයක් උදාවේවි. (නි)
අජිත් කරුණාරත්න Tuesday, 19 March 2013 03:58 PM
දැන් දිය යටින් ගින්දර ගෙනියන අපේ කට්ටිය ගිහිල්ලද දන්නෙ නැහැ. (නි)
ශලිනි Wednesday, 20 March 2013 11:49 AM
වසර 25 තිස්සේ සමුද්‍ර ජල මට්ටම දකුනු ඇමරිකාවට බලපාන පරිදි පහළ යන්නේ ඇයි? (නි)
චතූ Tuesday, 19 March 2013 01:49 PM
පුදුමයි. (නි)
සදුන් Tuesday, 19 March 2013 03:01 PM
හරියට පොම්පෙයි නගරය වගේ. (නි)