දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (24) වෙනිසියුලාවෙන් ඉල්ලා සිටියේය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගු-වයිඩෝ මහතා තමන් එරට අන්තර්කාලීන ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ.
එම දේශපාලන අර්බුදය පාලනය කළ නොහැකි තත්ත්වයක් බවට පත්වීමට පෙර සාකච්ඡා හා සංවාද පවත්වා අර්බුදය විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එරට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියේය.
“සියලුම පාර්ශවවලට සංවාදයක් පැවැත්වීමට හැකියාවක් තිබෙනවා. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ව්‍යවසනයක් වීමට පෙර එය නැවැත්විය යුතුයි. මේ අර්බුදය ඔඩු දිවීමට ඉඩ නොදිය යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීවේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දේශපාලන අර්බුදය විසඳා ගන්නැයි ගුටරෙස් වෙනිසියුලාවෙන් ඉල්ලයි
anura Thursday, 24 January 2019 01:55 PM
ඔයාගේ සංවිධානයේ මූලස්ථානය තියෙන රට ඇති කරන යටිකූට්ටු වැඩ නිසයි ඔය කෝලාහල ඇතිවන්නේ... මෙහෙත් ඒ වගේ මෙහෙයුමක් පහු ගිය කාලයේ තිබුණා. එතකොටත් ඔයා මෙහාට අතදාන්න බැලුවා. ඒක නිසා කොන්දක් තියෙනවා නම් ඕවා ඇති කරන ප්‍රධාන රටට කියන්න ඔය අවවාද...