IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දේශසීමා තාප්පයේ වියදම මෙක්සිකෝවෙන් දරන්නේ නැතිලු

ඇමෙරිකා එක්සත් ජනපද හා මෙක්සිකෝ දේශසීමාව අතරේ ඉදි කෙරෙන තාප්පයේ තමන් වියදම නොදරන බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙක්සිකෝවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර තාප්පයක් ඉදි කරන බවත් එහි වියදම මෙක්සිකෝව විසින් දැරිය යුතු බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණය සමයේදී පැවැසීය. එම ප්‍රකාශ ක්‍රියාවට නංවමින් මෙක්සිකෝව හා ඇමෙරිකාව අතර තාප්පයක් ඉදිකිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් මහතා බදාදා (25) විධායක නියෝගයකට අත්සන් තැබීය.

“මෙක්සිකෝව තාප්ප කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ” යැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතාගේ ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනො නීටෝ මහතා ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් ලබනා 31 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ ද නැද්ද පිළිබඳව මෙක්සිකෝ ජනාධිපතිවරයා කිසිවක් නොකීය. මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනො නීටෝ මහතා එහිදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබිණි. 

“මම සැරෙන සැරේ කියලා තියෙනවා: මෙක්සිකෝව කිසිදු තාප්පයකට මුදල් ගෙවන්නේ නැහැ” යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පෙනො නීටෝ මහතා ප්‍රකාශ කළේය.  “අප එකමුතු කිරීම වෙනුවට වසර ගණනාවක් සඳහා තාප්පයක් ඉදි කිරීමට සූදානම් වෙලා. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම තීරණය ගැන මම කනගාටු වෙනවා. ඒ වගේම ඊට මගේ විරෝධය පළ කරනවා” යැයි මෙක්සිකෝ ජනාධිපතිවරයා පැවැසීය. 

 

 



අදහස් (0)

දේශසීමා තාප්පයේ වියදම මෙක්සිකෝවෙන් දරන්නේ නැතිලු

නාලක Monday, 30 January 2017 10:44 PM

රජින්ද්‍ර හරි. දැනටමත් නිෂ්පාදන වලට අයකරන බදු තීරණය කරලා අවසානයි. සමහර මෝටර් රථ කර්මාන්තශාලා නැවත ඇමෙරිකාවට ගෙනෙන්න විධායක නිලධාරීන් එකඟවෙලා ඉවරයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 28 January 2017 01:17 AM

මෙතන තිබෙන්නේ ඇමරිකානුවන් මෙක්සිකෝවට යෑමක් නොවෙයි. මෙක්සිකනුවන් හොරෙන් ඇමරිකාවට පැමිණීමයි. එමනිසා දේශසීමා තාප්පයේ වියදම මෙක්සිකෝවෙන් දරන්න උවමනා නැත. (නි)

:       0       0

රජින්ද Saturday, 28 January 2017 06:57 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙක්සිකෝවට ඍජුව මේකට ගෙවන්න වෙන්නේ නැහැ තමයි. ඒත් ඇමෙරිකාව විසින් වක්‍රව ඒ මුදල මෙක්සිකානුවන්ගෙන් අයකර ගනීවි. වීසා ගාස්තු ඉහල දමලා, වෙනත් බදු සහන කපා දමලා, දඩ මුදල් වැඩි කරලා අඩු ගානේ ඔය තාප්පෙට යන වියදමින් 50%ක්වත් ඇමෙරිකාව ආයේ ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1617 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site