IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නේටෝ ගුවන් ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු 22 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක නේටෝ හමුදාව ඊයේ (16) උදෑසන එල්ල කළ ගුවන් ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 12 දෙනෙක් තුවාල ලැබූහ.
 

නේටෝ ප‍්‍රහාරක ජෙට් යානා

ගුවන් ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ පක්ටියා සහ ඝාස්නී යන දිස්ති‍්‍රක්කවල සර්මාත් සහ කොගියානී යන නගර ආශි‍්‍රතව පිහිටුවා තිබුණු තලේබාන් තිප්පොලවලට යැයි නේටෝ හමුදාව පවසයි.

නේටෝ හමුදාව වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් තමන් ප‍්‍රහාර එල්ල කළ බවත් ඒවා සාර්ථක වූ බවත්ය.
එම ප‍්‍රහාරය සඳහා ප‍්‍රහාරක ජෙට් යානා හතරක් යොදා ගත් බවත් ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන්ට අනතුරක් සිදු නොවුණු බවත් නේටෝ හමුදාව වැඩිදුරටත් කියා සිටී.

ලබන වසර එනම් 2014 අවසන් වන විට නේටෝ සහ ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සූදානමින් සිටී. ඔවුන් ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැඹුවේ 2001 දී ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා දමමිනි.

ඒ, අල් කයිඩාවට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය හිමිවීම මුල්කොට ගනිමිනි. වර්තමාන ඇෆ්ගන් රජය බටහිර ආධාර සහ අනුග‍්‍රහය මත පිහිටුවනු ලැබූවකි.
විදෙස් හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සැරසෙන්නේ, ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දීමෙන් ද පසුවය. එම පුහුණුවීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව රටින් පිටවී ගියහොත් ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේ යැයි ඇෆ්ගන් රජය බිය පළකරයි.

වසර 13 ක් තිස්සේ දිග්ගැස්සුණු ඇෆ්ගන් සංග‍්‍රාමයේදී තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට තවමත් විදෙස් හමුදාවලට නොහැකි වී ඇත. තලේබාන් සංවිධානය ‘මට්ටු කිරීමට’ නොහැකි වූ හෙයින්, ඔවුන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව සූදානම් විය.

තලේබාන් සංවිධානය ද සාමයට කැමැත්ත පළ කරමින් බටහිර සහාය ඇතිව කටාර් රාජ්‍යයේ දෝහා හි ‘සාම කාර්යාලයක්’ පිහිටුවීය. නමුත් සාම සාකච්ඡාවලට ඇෆ්ගන් රජයෙන් සහ ඇෆ්ගන් ජනතාවගෙන් විරෝධයක් එල්ල විය. මේ නිසා සාම සාකච්ඡා ඇණහිට ඇත.



අදහස් (0)

නේටෝ ගුවන් ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු 22 ක් මරුට

නසාර් Wednesday, 17 July 2013 03:02 PM

මුස්ලිම් මිනිසුන්ව විනාස කරනවා කියන්නේ මහ මුහුද ඉහිනවා වාගේ පුලුවන්නම් කොරලා බලමු.(නදී)

:       0       0

අසාද් Wednesday, 17 July 2013 03:25 PM

බොහොම හොදයි මේ අය ලෝකෙටම පිලිකාවක්.(නදී)

:       0       0

කුමාර් Wednesday, 17 July 2013 04:07 PM

නසාර්, මුස්ලිම් මිනිසුන්ව විනාස කරන්න කව්රුවත් දඟලන්න ඕන නැහැ. අද ලෝකයේ මැරෙන මුස්ලිම් වරුන්ගෙන් 90% වඩා මැරෙන්නේ මුස්ලිම් අයගෙන්මයි. ඉරානය පරමාණු බොම්බේ හදපු හැටියේ මහා ෂියා මුස්ලිම් නැගිටීමක් ඇතිවෙලා මිලියන ගනන් සුන්නි මුස්ස්ලිම්ලව විනාශ කරනවා. එතකොට දෙපැත්තම ඉවරයි. ඒක නවත්වන්න කාටවත් බෑ.(නදී)

:       0       0

කාන්ත Wednesday, 17 July 2013 04:07 PM

2009 ට කලින් කොටි හිතාගෙන හිටියෙත් නසාර් හිතන විදියටම තමයි.(නදී)

:       0       0

ජනක Wednesday, 17 July 2013 12:22 PM

සාර්ථක වුන පලවෙනි ගුවන් ප්‍රහාරය මේක වෙන්න ඇති, ගොඩක් ගුවන් ප්‍රහාර වලින් මැරුනේ සාමාන්‍ය ජනතාවනේ.(නි)

:       0       0

කුමාර් Thursday, 18 July 2013 12:55 AM

සහෝදර වරුනි, මුස්ලිම් මිනිසුන්ට වෛර කරන්න එපා, එයාල මුස්ලිම්ව ඉපදුන නිසා, ආගමේ බල පැම් මත තදින් අදහගෙන ජීවත් වෙනවා. නමුත් අපි අනුකම්පා කරන්න ඕන එයාලගේ තියෙන නිෂ්පල භාවය ගැන. සෑම රටක්ම ඉස්ලාම් දහමේ අරටු ගැන දැනගන්න ඕනා, එයාලා සාමේ කියා කීවට, එයාලා බලය ගත්තම නියම ඉස්ලාම් බව පෙන්නනවා, ඒ තමයි "තලබාන්" පාලන ක්‍රමය. සෑම මුස්ලිම් මනුෂයෙක්ම මේ උගුල තුල හිරවෙලා ඉන්නේ, විරුද්ධ උනාද ඔහුව විනාශ කරනවා.(නදී)

:       0       0

සඳරුවන් Thursday, 18 July 2013 12:59 AM

අන්න දැක්කද අන්තවාදී අදහස්. ඒක තමයි මම කියන්නේ අන්තවාදීන් සත්තු වගේ බෝ වෙනවා. සත්තු වගේ මැරිලා යනවා. එතන තියෙන්නේ අන්ත දුකක්මයි. සැනසීමක් නෑ කවදාවත්. දැක්ක නේද මිත්‍යා දෘෂ්ටිය?(නදී)

:       0       0

දම්මි Wednesday, 17 July 2013 07:02 PM

කුමාර් ඔබ හරි. මොවුන් ලෝකෙටම පිලිකාවක් (නි)

:       0       0

ජගත් Wednesday, 17 July 2013 07:09 PM

කුමාර් , ඔබ හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 67 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1131 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 132 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1411 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 236 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 143 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site