IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නේපාලයේ දී ඇමෙරිකා යානයක් අතුරුදන්

නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අඟහරුවාදා සවස සිට අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු නාවික භටයන් හය දෙනකු හා නේපාල සහන සේවකයන් දෙදෙනකු සමග පියාසර කරමින් සිටිය දී මේ යානය අතුරුදන්ව ඇතැයි පෙන්ටගනය ප්‍රකාශ කරයි.

කත්මණ්ඩු අගනුවරට සැතපුම් 45ක් දුරින් පිහිටි චැරිකොට් ප්‍රදේශයේ දී අතුරුදන්වීමට පෙර යානයේ ඉන්ධන ගැටළුවක් ඇතැයි කාර්ය මණ්ඩලය පවසා ඇතැයි ද ඇමෙරිකන් හමුදාව විදෙස් මාධ්‍යවලට පවසා ඇත.

නේපාල හමුදා භටයන් සහ පොලිසිය පිරික්සුම් මෙහෙයුම් වල යෙදුන ද මෙතෙක් යානය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඇමෙරිකා සමුද්‍ර බලඇණියට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුළු තවත් හෙලිකොප්ටර් යානා කිහිපයක් අතුරුදන් යානය ගැන සොයා බැලුව ද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ඒකාබද්ධ කාර්ය සාධන බලකායේ මහජන කටයුතු භාර නිලධාරිනි කපිතාන් කැසන්ඩා එම් ගෙසෙක්කි පවසා ඇත්තේ මෙතෙක් අතුරුදන් යානය පිලිබඳ කිසිම හෝඩුවාවක් නොලැබුනු බවයි. තම හමුදා නිලධාරීන් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට හොඳින් පුහුණුව ලබා ඇති බැවින් ඔවුන් තවමත් නිරුපද්‍රිතව සිටිතැයි තමන් විශ්වාස කරණ බව ද ඇය කියන්නීය.

යානය අතුරුදන්ව ඇත්තේ අඟහරුවාදා රික්ත මාපකයේ 7.3ක් සටහන් කරමින් සිදුවූ භූමිකම්පාවේ අපි කේන්ද්‍රයට ආසන්නයේ දී බව ද දැනගන්නට ඇත. එසේ වුව ද යානය කඩා වැටුණු බවට කිසිදු හෝඩුවාවක් නැතැයි ද පිරික්සුම් කණ්ඩායම් පවසයි.

බලධාරින් පවසන්නේ කඳුකර ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවල සන්නිවේදන කටයුතු ගැටළුකාරි තත්වයන් පවතින බැවින් හෙලිකොප්ටර් කාර්යය මණ්ඩලය ජීවතුන් අතර සිටින බවට සිතා ඔවුන් බේරාගැනීමට පිරික්සුම් කටයුතු වඩාත් කඩිනම් කැර ඇත.

යානය සෙවීමට නේපාලයේ පාබල හමුදා ද යොදවා සිටියි.

 



අදහස් (0)

නේපාලයේ දී ඇමෙරිකා යානයක් අතුරුදන්

සොපී Wednesday, 13 May 2015 07:28 PM

එකත් එකටම පිටසක්වළ ජීවින් යානය පැහැරගන්න ඇති (නි)

:       0       0

අනුෂ්ක Thursday, 14 May 2015 02:48 AM

හ්ම්ම් මමත් හිතන්නේ මේ මේක පිට සක්වල අවුලක්. (බ)

:       0       0

මැටිපහන Thursday, 14 May 2015 03:31 AM

දැන් ඔක්කොම වැඩ නවත්තලා මේක හොයන්න එපැයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site