ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මතභේදයකට ලක්ව ඇත්තේ, එය කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන ලෝක ප‍්‍රජාව කල් තියා ඉරානය දැනුම්වත් නොකිරීම නිසා යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ චෝදනා කරයි.
ඊශ‍්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (2) පැවැති කැබිනට් හමුවකට එක්වෙමිනි. අගමැති නෙදන්යාහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නව වාර්තාවක් එළිදැක්වීමට නියමිතව තිබියදීය.
”ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වී ඇත්තේ එය විධිමත්ම කි‍්‍රයාත්මක නොවුණු නිසයි. එය කි‍්‍රයාත්මක විය යුත්තේ කුමන අයුරින් ද කුමන සීමා මායිම් යටතේ දැයි ඉරානය දන්නේ නැහැ. ඒ බව ඔවුන්ට අවධාරණය කරන්න ලෝක ප‍්‍රජාවට හැකියාවක් ලැබී නැහැ” යැයි අගමැති නෙදන්යාහූ පෙන්වා දෙයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවටත් එම වැඩසටහනට මුවා වී, ඉරානය පරමාණු බෝම්බ තනන බවත් ඊශ‍්‍රායලය චෝදනා කරයි. ඊශ‍්‍රායලයේ අදහස වන්නේ ඉරානය මට්ටු කිරීමට නම් පහර දිය යුතුයි කියාය.
මේ වනවිටත් එම න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත.
මේ අතර ඉරානය පවසා ඇත්තේ කොතරම් විවේචන එල්ල වුණත් සම්බාධක පැනැවූවත් තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට තමන්ගේ සූදානමක් නැති බවය.
න්‍යෂ්ටික වැඩසටහන යටතේ යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය ද අඛණ්ඩව සිදු කරන බව ඉරානය පවසා ඇත. කෙසේ නමුත් ඉරානය පවසා ඇත්තේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කරන බවය.
එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය ඔවුන්ගේ නවතම වාර්තාව එළිදැක්වීමට සූදානම් වන්නේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙනි.
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
න්‍යෂ්ටික වැඩසටහන ගැන ඉරානය දැනුම්වත් කර නෑ
මල්කි Tuesday, 04 September 2012 07:15 PM
ඊශ්‍රායලයේ අයට හොද බලයක් සහ සැළසුමක් තිබෙනවා. (නි)
සිල්වා Tuesday, 04 September 2012 01:16 PM
මේ අය තමයි ලෝකයට අධි මානසිකත්වය ඇති කරන්නේ...ඇමරිකන් හයිය පෙන්වන්න බලන් ඇත්තේ...(ස)
රම්සි Tuesday, 04 September 2012 01:40 PM
හැමෝම කතාකරන්නේ ඇමරිකාව සහයට ඉන්න නිසයි....(ස)
රිම්සි Tuesday, 04 September 2012 02:39 PM
ඇමරිකාව උදව් කළේ නැතිනම් ඊශ්‍රායලය ලෝක සිතියමෙත් නැතිව ඇති..!!(නු)