පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට ගිනි අවි අතැතිව පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවට අත් බෝම්බයක් විසිකර එය පිපිරීමෙන් අනතුරුව එම පිරිස ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත.
වෙඩිතැබීමට පැමිණි පුද්ගලයන් ගණන හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෝ තවමත් තහවුරු කරගෙන නොමැත.
පාකිස්තානු කොටස් වෙළඳපොළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිදුවීම සම්බන්ධ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතින බවය.
එහි අධ්යක්ෂ අබිඩ් අලි හබීබ් සඳහන් කළේ, රථගාලේ සිට ඔවුන් එහි සිටි සැමටම වෙඩි තබමින් පැමිණි බවය.
පොලිසිය පැවසූයේ, ඝාතකයන් කිහිපදෙනෙකු ම මේවනවිට මරාදමා ඇති බවය.
ගොඩනැගිල්ල තුළ සිටි පිරිස, එහි පසුපස දොරටුවෙන් ඉවතට ගොස් ඇත.
16844
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පකිස්තානයේ කොටස් වෙළඳපොළට අවි රැගත් පැමිණි පිරිසක් වෙඩි තබති