වයඹදිග පාකිස්තානයේ පෙරේදා(22) පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් එරට පළාත් ඇමැතිවරයකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අවාමි ජාතික පක්ෂය විසින් කයිබර් පටුන්ක්වා පළාතේ අගනගරය වන පෙෂාවොර්හිදී පැවැත් වූ දේශපාලන රැස්වීමකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල විය. ඒ වන විට ප‍්‍රදේශීය නායකයන් ඇතුළු පුද්ගලයන් සියයක් පමණ එම රැස්වීමට සහභාගීවෙමින් සිටියහ.
කයිබර් පළාතේ මහඇමැතිවරයාගේ දෙවැනි අමාත්‍යවරයා ලෙස සැලකෙන බෂීර් බිලූර් ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. එම අමාත්‍යවරයා අයත් අවාමි පක්ෂය සැලකෙන්නේ පාකිස්තානයේ ත‍්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන පාර්ශවයක් ලෙසයි.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන ඇත.
මීට සතියකට ඉහතදී අවි ආයුද සන්නද්ධ තලේබාන් කැරැලිකරුවන් පිරිසක් පෙෂාවෝර් ගුවන්තොටුපොළට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ ද පාකිස්තාන ආරක්ෂක අංශ විසින් එම උත්සාහය ව්‍යර්ථ කෙරිණි. සිද්ධියෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරයෙන් මියගිය හැටනව හැවිරිදි ඇමැති බිලූර් දැඩි තලේබාන් විරෝධියෙකි. ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇමැතිවරයා අර්බබ් අයුබ් රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගියේය. සිද්ධියෙන් මියගිය ගණන 17කි. බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ එම රැස්වීමේ උච්චතම අවස්ථාවට පැමිණි අවස්ථාවේදී බව පෙෂාවොර් පොලිසිය පවසයි.
ඇමැතිවරයාගේ මරණය සැල වූ වහාම පාකිස්තාන අගමැති රාජා පර්වෙස් ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කළේය.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී මැදපෙරදිග කලාපය කැලඹූ ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයා මරා දමන්නෙකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් දෙන බවට පවසමින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ පාකිස්තාන දුම්රිය ඇමැති ගුලාම් බිලූර්, ඇමැති බෂීර්ගේ සහෝදරයෙකි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්
මුතුකුඩ Wednesday, 26 December 2012 12:57 PM
ඇයි මධු, අවුරුදු 20ක අතීතය අමතකද? මම හිතන්නේ ඔයා ඉපදිලා නැතිව ඇති. බබාලට මේවා කොහොමත් තේරෙන්නෙ නැහැ. (නි)
සුගත් Thursday, 27 December 2012 12:46 AM
මුතුකුඩට මොකෝ මෙච්චර අමාරු? ඔයා වෙන ප්‍රවෘත්ති කියවන්නෙ නැද්ද? (නි)
මධු Tuesday, 25 December 2012 02:16 PM
තව අවුරුදු 20කින් විතර ලංකාවෙත් මෙහෙම දේවල් අහන්න ලැබෙයි. (නි)
මධූ Monday, 24 December 2012 12:57 PM
හොඳ පුවතක් (ස)
ලක්ප්‍රිය Wednesday, 26 December 2012 08:41 AM
මෙයාලත් එක්ක මොන සහජීවනයක්ද? (නි)
නෞෂාඩ් Tuesday, 25 December 2012 05:00 PM
මුතුකුඩගේ පැතුම සඵල වේවායි මම පතමි..!(නු)
මුතුකුඩ Monday, 24 December 2012 02:16 PM
මධුටද අනාගතයේ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)
මධු Tuesday, 25 December 2012 06:22 PM
අනාගතේ ලංකාවෙත් මෙහෙම වෙයිද?(නු)
සම්පත් Wednesday, 26 December 2012 11:02 AM
ලංකාවේ ඉන්න කට්ටියටත් මේකම වුණ කාලයක් තිබුණා. (නි)