පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස් ෂරීෆ්ගේ නව රජය දැඩි ආරක්ෂක විධිවිධාන මැද, පෙරේදා (1) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම සිදු වුණේ පාර්ලිමේන්තුවේදී කතා නායිකා ෆෙමිදා මිර්සා ඉදිරියේය.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටකර විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර, දිවුරුම් දෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් ලෙස ද නම් කෙරුණි.
තලේබාන් හෝ වෙනත් ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණින්, ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා ද සීරුවෙන් තැබුණු බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
14 වසරකට පසු, තෙවනි වරටත් අගමැති ධුරයට පත් නවාස් ෂරීෆ්, ඔහුගේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රට පෙරට ගෙන යෑමට අවංකව කැපැවී කටයුතු කරන ලෙසටය.
පාකිස්තානයේ 66 වසරක ඉතිහාසයේ හමුදා කුමන්ත‍්‍රණයකින් තොරව, සිවිල් රජයක් තම පාලන කාලය අවසන් කර, මහ මැතිවරණයකින් පසු තවත් සිවිල් රජයක් පාලනය බාර ගැනීම සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
නව අගමැති ෂරීෆ් සහ ඔහුගේ රජයට අභියෝග රැසක් එල්ල වී ඇති අතර ඉන් ප‍්‍රධාන අභියෝග වන්නේ තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකීම සහ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, ඔවුන් සමඟ පවතින අර්බුදයට සාමකාමී දේශපාලනමය විසඳුමක් සෙවීමට නවාස් ෂරීෆ් කැමැත්ත පළ කර ඇත.
සාම සාකච්ඡා සඳහා තමන් ද කැමැති බව තලේබාන් සංවිධානය පවසා ඇතැයි වාර්තා වේ.
රටේ පවතින බලශක්ති අර්බුදයට වසර 3 ක් ඇතුළතදී විසඳුමක් ලබා දීමටත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමටත් ෂරීෆ් ජනතාවට පොරොන්දුවක් ලබා දී ඇත. එපමණක් නොව, මහ මැතිවරණයේ දී ඔහුට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන් සමඟ එක් වී කටයුතු කරන බව ද ෂරීෆ් පවසා ඇත.
නව අගමැති නවාස් ෂරීෆ් (වමේ) ප‍්‍රමුඛ ඇමැතිවරුන් දිවුරුම් දෙමින්... |
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාකිස්තාන නව රජය දිවුරුම් දෙයි
මාලක Monday, 03 June 2013 10:00 AM
අර ජාතික අඩුම කියලා රෙදිකෑලි ඇගේ ඔතාගෙන රැවුල අඩියක් විතර වවාගෙන ඉන්න අය අපි ඕනෑ තරම් දකිනවා මැද පෙරදිග. එහෙම අය එහෙ පාර්ලිමේන්තුවේ නැහැ වගේ. (නි)
උපාලි Monday, 03 June 2013 10:41 PM
මාලක,කථාව නම් මරු. (නි)
සාලිය වික්‍රමසුරිය Tuesday, 04 June 2013 12:44 AM
මාලකගේ කතාව හරි තමයි. එහෙම අය පේන්න නැහැ. (නි)