පකිස්තානයේ කරච්චි නුවර විරෝධතාකරුවන් පිරිසක් එරට ආරි නම් රූපවාහිනී නාලිකාවේ ගොඩනැගිලි වලට සහ එහි කාර්ය මණ්ඩලයට වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.ප්‍රහාරය මුටාහිඩා ව්‍යාපාරයේ ආධාරකරුවන් පිරිසක් විසින් එල්ල කරන්නට ඇති බව පොලිසිය සැක කරයි. ඔවුන් සිදු කළ විරෝධතාවය ආවරණය නොකිරීම නිසා එම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.
මුටහිඩාවරුන්ට කරච්චි ප්‍රදේශයේ විශාල බලයක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එම ව්‍යාපාරයේ නායකයකු වන අල්තාෆ් හුසේන් විරෝධතාවයට අණ දුන් බවත් ඉන් විනාඩි දහයක් ඇතුලත සියල්ල සිදු වූ බවත් එම නාලිකාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. විරෝධතාකරුවන් ඒ අසල පොලිස් මුරපොළකට ද පහර දී ඇත.
ප්‍රහාරයෙන් වාහන කිහිපයක් ද ගිනිගෙන විනාශ වී තිබේ. විරෝධතාවය සාමකාමී ලෙස පැවතුන බවත් පොලිසිය මුලින් වෙඩි තැබූ නිසා විරෝධතාකරුවන් ද වෙඩි තැබූ බවත් මුටාහිඩා හි ප්‍රකාශකයකු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පකිස්තාන රූපවාහිනී නාලිකාවකට වෙඩි