පකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ බව අමාත්‍යවරයා අද (06) ප්‍රකාශ කර ඇති අතර වෛද්‍ය උපදෙස් අනුව නිවසේ හුදකලාව සිටින බව සඳහන් කර ඇත.
තමාට ඇත්තේ සාමාන්‍ය රෝග ලක්ෂණ බවද ඔහු පවසා ඇත.
ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශේෂ නියෝජිත සල්මේ කලීල්සාඩ් හමුවී දින කිහිපයකට පසු පකිස්ථානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගනු ලැබිණ. ඒ අතර විදේශ අමාත්‍ය සා මෙහමූඩ් සහ ප්‍රවාහන අමාත්‍ය ෂෙයික් රෂීඩ් ද වෙයි.
පහළ පාර්ලිමේන්තුවේ කතානායක අසාද් කයිසර් මහතා ද කොරෝනා ආසාදනය වී ඇත.
පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 229,831ක් වාර්තා වී ඇති අතර මරණ 4,762ක් සිදුවී තිබේ.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ දිනකට රෝගීන් 4,000ක් පමණ මේ වනවිටත් වාර්තා වන බවයි.
ලාහෝරයේ නැගෙනහිර වයිරසයෙන් වඩාත්ම පීඩාවට පත් කලාපයක් වන අතර එහි වෛද්‍යවරු 48 දෙනකු ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් පවසා ඇත්තේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ චිත්ත ධෛර්යය අඩුවී ඇති බවයි.
කෙසේවුවද පන්ජාබ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සයිඩ් හමඩ් රාසා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ වෛද්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම කොරෝනා රෝගය හා සම්බන්ධතාවයක් නොමැති බවයි.
වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ ඇති බවත් වසංගතය අතර තුර අමතර දීමනා ද ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පකිස්ථාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා