IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘

ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.

ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍ය වන්නේද මැයෙන් අධ්‍යනයක් සිදුකර ඇති ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජලය නොමැති ඇතැම් අවස්ථාවන්හි පවා ජීවය ඇතිව තිබෙන බවයි.

ජීවය ඇතිවීමට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාවලීන් සිදුවීමට මාධ්‍යය සපයන්නේ ජලයයි.

එම අධ්‍යනයට අනුව ඉතා අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ කාබන් මූලද්‍රව්‍යයට ජලය වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ජීවය ඇතිවීමට පදනම ඇතිකළ හැකි බව සඳහන්ය.

ඉහළ උෂ්ණත්වයන් හා ඉහළ පීඩනයන් හිදී කාබන් වලට වායුමය ගුණත් ද්‍රවමය ගුණත් එකසේ ලැබේ.

අධ්‍යනය සිදුකර ඇති විද්‍යාඥයින්ට අනුව මෙසේ කාබන් සම්පූර්ණයෙන්ම වායුවක් හෝ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් හෝ නොවන අවස්ථාවේදී එයට ජීවය ඇතිවීමේ ක්‍රියාවලියට එක්වීමේ හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

235418DB00000578-2842322-The_researchers_believe_that_supercritical_carbon_dioxide_may_be-4_1416485065687 235418EA00000578-2842322-image-1_1416484967928



අදහස් (0)

‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘

ශෙහාන් Thursday, 27 November 2014 05:50 AM

අපට වතුර නැතිව ජීවත් වෙන්න බැරි උනාට.....වෙනත් ලෝක වල පණ තියෙන්න වතුරම ඕන නැති වෙන්න පුළුවන් අපි දන්නේ තම අපේ ලෝකේ ගෙන විතරනේ....සමහර විට ඒ ලෝක වල ජීවිය පවතින්න වෙනත් දේවල් තිබෙන්න පුළුවන් අපි දන්නේ නැති (අ)

:       0       0

ඉසුරන්දි -දෝහා Sunday, 23 November 2014 05:15 AM

බලමුකෝ තව ඉස්සරහට .(හේ)

:       0       0

රත්නායක Tuesday, 25 November 2014 07:16 AM

අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා (දී)

:       0       0

හිරා Saturday, 22 November 2014 04:05 AM

මේ අය පට්ටපල් බොරු කියන්නේ. කෙටියෙන් කීවොත් මේ ලෝකය සර්වබලදාරි දෙවියන්ගේ නිර්මාණයකි. එංගලන්තයේ විදයාංඥයන්ට ඔලුවේ අමාරුවක් හැදිලද කොහෙද. (නදී)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Wednesday, 26 November 2014 10:23 AM

අනේ මන්ද . ඉන්න ලෝකේ හරියට ජිවත් වෙන්න දන්නේ නැති අය , තවත් ලෝකවල් හොයන යනවා ඒවත් කුණු කරන්න. (හේ)

:       0       0

චින්තක Friday, 21 November 2014 02:54 PM

ඒ කියන්නේ අධික උෂ්ණත්ව තියෙන බුධ , පොලොව අභ්‍යන්තරය ආදී ස්ථාන වල අපි ට හිතාගන්න බැරි අන්දමේ ජීවයන් පවතින්න පුළුවන්. (නදී)

:       0       0

සජිත් Saturday, 22 November 2014 08:30 AM

වෙන්න බෑ.වතුර නැතිව කිසිම ජීවියෙක්ට පැවැත්මක් නෑ.(හේ)

:       0       0

සුමේධ Saturday, 22 November 2014 05:27 PM

විනාඩි 5ක් වතුර නැතුව ඉන්න බැරි අපේ මිනිස්සුන්ට ඔය කියන විදියට ජීවත් වෙන්න පුළුවන්ද?(හේ)

:       0       0

සිසිර Saturday, 22 November 2014 05:26 PM

අනේ බොරු කියන්නේ නැතුව යන්න.(හේ)

:       0       0

ලලිත් Saturday, 22 November 2014 05:27 PM

වතුර නැතුව ජීවත් වෙන්න බෑ.(හේ)

:       0       0

ඉන්දික Monday, 24 November 2014 05:59 AM

ජීවය ඕනෙම ලෝකෙක තියෙන්න පුළුවන්. ඒක මේ ලෝකේ තත්ත්ව එක්ක සංසන්දනය කරන එක වැරදියි. ඒ ලෝකේ තියෙන වායු සහ ජලය ඇති නැති බව අනුව එකට අනුගත වෙච්ච ජීවීන් පැවතිය හැකියි. මේවා බුදු දහමේ හොඳින් පැහැදිලි කරලා තියෙනවා. (ස)

:       0       0

කුසුම් Wednesday, 26 November 2014 07:49 PM

එයාලට ඕනෑ දුප්පත් අපේ මුදල් මොනවටහරි යොදවන්නද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 22 November 2014 05:38 AM

සර්ව බල දාරි දෙවියන් නෙවෙයි ලෝකේ මැව්වේ. තාමත් තියෙන්නේ මිත්‍යා මත (නදී)

:       0       0

ගීත් Wednesday, 26 November 2014 12:55 PM

වතුර නැතිව ජීවත් වෙයිද කියලා බලන්නකෝ දවසක් ඉදලා.(හේ)

:       0       0

ඩී.තිලකසිරි Monday, 24 November 2014 12:13 PM

විද්යාව යනු අද කියනදේ හෙට වෙනස් වන දෙයකි. ලෝකය දෙවියෙක් මැව්වා නම් ඵයාටම කියලා බොහෝ දේ මණුස්සයන්ට උවමනා ලෙස හදා ගත හැකියි. එහෙම උත්සාහ කරණ අය එමටයි. ඒත් ඵ්වා මිත්‍යාමත විතරයි. (නදී)

:       0       0

සම්පත්- ඩුබායි Saturday, 22 November 2014 06:20 AM

හිරා ඔයා මොලේ උඩද වැඩිවෙලා ඉන්නේ. නවීන විද්‍යාවෙන් සැමදේ පහදලා දේවි. (නදී)

:       0       0

මහේෂි Sunday, 23 November 2014 02:29 AM

මේ ඔක්කෝගෙම මොලේ හොද නෑ විද්‍යාව බොරු කරන්න කාටවත් බෑ (ස)

:       0       0

උදාර Thursday, 27 November 2014 09:57 AM

දේව මැවීමේ සංකල්පයට අනුව ජලය තිබුන බවට සාක්ෂි ඇත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රෝහලේ සිටිද්දී ධුරයෙන් නෙරපයි
2024 ඔක්තෝබර් මස 18 8 0

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 3559 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 2176 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 805 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2825 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 126 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1555 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site