IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාප්තුමා අකමැතිම දේ පිලිපීනය කරයි

ශ්‍රී ලංකාවෙන් පසු සුදතුම් පියතුමන්ගේ ආගමනය සිදුවන පිලිපීනයේ මේ දිනවල වීදි දරුවන් කුදලාගෙන ගොස් ඔවුන් රැඳවුම් කදවුරු වල බලහත්කාරයෙන් රැඳවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මෙහි අරමුණ පාප්වහන්සේ පැමිණීමට පෙර පිලිපීනය ‘පිරිසිදු‘කිරීම බව පැවසේ‍.

බළධාරීන්ගේ ගැහැට වලට වැඩි වශයෙන්ම මුහුණදීමට සිදුව ඇත්තේ පාප්වහන්සේ තම දේව මෙහෙය පැවැත්වීමට නියමිත මැනිලා නගරයේ වීදි දරුවන්ටය.අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට විවිධ කඳවුරු වලට යොමු කරවා තිබෙන අතර පැනයාම වැළැක්වීමට ඇතැම් දරුවන් දම්වැල් වලින් ගැටගසා තැබීමටද පිලිපීන බළධාරීන් කටයුතු කර තිබේ

පිලිපීනය පාප්වහන්සේ පිළිගැනීමට අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු වුවත් එසේ සූදානම් වන්නේ යැයි කියා වීදි වල වෙසෙන දරුවන් මෙසේ සතුන් මෙන් කුදලාගෙන ගොස් කඳවුරු වලට දැමීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ළමා හා මානව හිමිකම් සංවිධාන ක්‍රියාධරයින් පවසයි.

මෙම ඇතැම් දරුවන් දෙතුන් වතාව මෙසේ රැදවුම් කඳවුරු වලට යොමුකරවා තිබෙන බව සඳහන්ය.ඔවුන් එක් තැනක රදවා තබා පසුව නිදහස් කරනවා හැරෙන්නට එම දරුවන්ව නිසි පරිදි පුනරුත්ථාපනය කිරීමට පිලිපීන රජය නිසි පියවර ගෙන නොමැති බවට දැඩි චෝදනාවක්ද නැගී තිබේ.

දරුවන් බොහෝමයකගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම අයහපත්ය.දද හා කුෂ්ඨ වලින් ඔවුන්ගේ සිරුරු වැසී ඇත.එම දරුවන්ට ප්‍රතිකාර කිරීමට අන්තර්ජාතික සහන සේවා කණ්ඩායම් ඉදිරිපත්ව සිටීම අගය කළයුත්තකි.

අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිලිපීනයේ මෙම අඳුරු පැත්තද දැකබලා ගතයුතුව ඇතැයි එම කණ්ඩායම් වල අදහසයි.

ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන මැනිලා නගරයට ලක්ෂ 60 කට ආසන්න ජනතාවක් රැස්වනු ඇතැයි අපේකෂිතය.

24A2E8F200000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-11_1421135531457 24A2F0AD00000578-2906730-image-a-20_1421087828166 24A2F0EB00000578-2906730-image-a-24_1421087934486 24A2F1D400000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-12_1421135531472 24A2F7BF00000578-2906730-image-a-21_1421087850735 24A2F69000000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-9_1421135531411



අදහස් (0)

පාප්තුමා අකමැතිම දේ පිලිපීනය කරයි

මංජුල සතරසිංහ Friday, 16 January 2015 09:00 AM

චමල් සංජය මමත් දන්නවා. පිලිපීනුන් ගැන කතා කරලා වැඩක් නැහැ.(නදී)

:       0       0

ඩග්ලස් Friday, 16 January 2015 09:06 AM

පිලිපීන අය සල්ලි වලට ඕනෑම දෙයක් කරනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 January 2015 02:51 AM

අශෝක , පිස්සු කියවනවද මන්දා? මතක නැද්ද රුපියල් 2500කින් මාසයක් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියලා අපේ කෙනෙක් කියලා තිබුනා? සමහරවිට ඒක වෙන්න ඇති අපේ රටේ මේ තරම් වීදි දරුවෝ නැත්තේ? (නි)

:       0       0

බණ්ඩාර Friday, 16 January 2015 09:24 AM

මේ වගේ අපරාධ නම් සිදු නොවේවා.(හේ)

:       0       0

අසංග Sunday, 18 January 2015 05:09 AM

පිලිපීන අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි මේ කාටවත් අපහසයක් කරනවා නෙමෙයි. ඒ අයගේ පොත්තත් සුදු නිසා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නිසා. ගොඩක් අය හරියට අගය කරනවා. එ්කේ යථාර්තය දන්නේ අපි තමයි. අර පිරිසක් කිව්වා වගේ මුදල් වලට ඕනෑම දෙයක් කරනවා. ආගම පවා විකුනනවා. ඒ අතින් බැලුවම අපේ රට ඉතාමත් වාසනාවන්ත රටක්. ඒ වගේම හොඳට ආගන්තුක සත්කාර දන්නා ජනතාවක් සිටින්නේ. (නදී)

:       0       0

ලංකා Monday, 19 January 2015 10:20 PM

අනේ නුඹලා හිතන් ඉන්නේ පිලිපිනේ ඉන්නේ අන්තිම ජරා යක්කු කියලද? පිලිපිනේ ඕන තරම් හොද මිනිස්සු මම ආශ්‍රය කරලා තියනවා. පිලිපිනේ අපිට වඩා දියුණු රටක්. දුප්පත් මිනිස්සු ලෝකේ හැම රටකම ඉන්නවා. අපේ රට පිලිපීනයට වඩා අන්තිමයි. පේන්නේ නැද්ද නුඹලාට (නදී)

:       0       0

වජිර Monday, 19 January 2015 02:02 AM

ගණිකා සේවයේ අතුරු පල නේද මේ. (නදී)

:       0       0

බටගල Friday, 16 January 2015 03:32 AM

සංජය හරි. මමත් පිලිපීන ජාතිකයන් සමඟ බොහෝ කාලයක් වැඩකර තිබෙනවා. හෙටක් ගැන නොසිතා අද පමණක් ගැන සිතා සතුටුවන පිරිසක්. ඉතින් සමහරවිට වීදි දරුවන්ගේ දෙමාපියන් හොඳින් ජීවත්වෙනවත් ඇති. අපේ රටේ වගේ පවුල් සංස්ථාව ගැන වගකීම් නැති එකේ ප්‍රතිවිපාක දරුවන් ගෙවනවා. (නි)

:       0       0

කරුණාජීව Friday, 16 January 2015 03:42 AM

බන්දුල රාලහාමිගේ අදහසට මට නම් එකග වෙන්න බැහැ. (නදී)

:       0       0

සංජිවනි Thursday, 15 January 2015 03:27 PM

මම රජයේ සේවයේ සිට විශ්‍රාම ලැබ සිටින කෙනෙක්. ඒ නිසා මෙය කියන්නේ ඉතාමත් වගකීමෙන්. අපේ රටේ දුප්පත් පවුල් ගණනය කරන්නේ සමෘද්ධිලාභී පවුල් ඇසුරින්. ඒත් සමෘද්ධිලාභී පවුල් අතරින් එය ලැබිය යුතු පවුල් ඉන්නේ අඩක් පමණයි. 1800000 ක් පවුල් අතරින් 900000 ක්ම පවුල් දියුණු ජීවන මට්ටමක් ඇති මසකට රු.25000/- වැඩි ආදායමක් ලබන අය. ඒත් ඔවුන්ගේ ආදායම සඟවා සාවද්‍ය තොරතුරු සපයා සමෘද්ධි සහනාධාරය ගන්නවා. ඊට ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන්ද වගකිව යුතුයි. ඒ නිසා ඇත්තටම අපේ රටේ දුගී දුප්පත් බව තුරන්කිරීමේ ව්‍යාපාර පවතින්නේ අනතුරේ. (අ)

:       0       0

අසෝක Thursday, 15 January 2015 10:34 AM

පිලිපීනයේ දිළිඳු අය හිටියට ලංකාවට වැඩිය ඉතාමත් දියුණු සහ පොහොසත් රටක්. ජනගහණ ප්‍රතිශතය අනුව බලනකොට අපේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු පිලිපීනයට වැඩිය ගොඩක් වැඩියි. ඇමෙරිකාවේ විදි වල නිදාගන්න මිනිස්සු මිලියන 22 කට වැඩිය ඉන්නවා. හැබැයි පිලිපීනයේ ලංකාව වගේ නෙමෙයි, හැම දෙයක්ම ලාබයි. පෙට්‍රල් ඩීසල් පවා. (නි)

:       0       0

පහන් Friday, 16 January 2015 10:24 AM

කරුණාජීව, ඔබ නැවක වැඩකරන්නෙක් වගෙයි..... (නි)

:       0       0

කුමාර් ජයවර්ධන Wednesday, 21 January 2015 03:18 AM

අපේ අයත් චොගම් එක වේලාවෙදිත් කළේ යාචකයෝ ටික කුදලගෙන ගිනිහින් දාපු එක (නදී)

:       0       0

සංජය Thursday, 15 January 2015 11:04 AM

ඔය පිලිපීන කාරයන්ට තියෙන්නේ පුදුම ඇමරිකන් උණක්. කන්නේ බොන්නේ ඔක්කොම අැමරිකන් ස්ටයිල් එකට. තුට්ටුදෙක සුමානෙන් ඉවරයි බොරු සෝබන වලට (නදී)

:       0       0

වරුන Sunday, 18 January 2015 10:03 AM

ලාංකිකයන්ට හරියට අමතක වෙනවා. කොළඹ පදික වේදිකාවල නිදා සිටි හිඟන්නන්ට වූදේ ඔබ දන්නවාද ? අනික් රටවල් දිහා බලා ලබන ස්වයං වින්දනයෙන් බැහැර වෙමු. සාධාරණ සමාජයක් බිහිකර ගැනීමට සක්‍රීයව දායක වෙමු. (නදී)

:       0       0

කනිෂ්ක Friday, 16 January 2015 12:28 PM

බන්දුල පෙරේරා නම් ලංකාවේ මිනිස්සු එක්ක තරහයි වගේ. (නි)

:       0       0

රුවන් පෙරේරා Thursday, 15 January 2015 07:14 AM

අපේ රට කොච්චර හොඳද ? (නදී)

:       0       0

නාමල් Thursday, 15 January 2015 07:14 PM

ඒ අතින් ලංකාවේ හිටපු හැම රජයක්ම පුලුවන්දේ කළා. එය අගය කල යුතුයි. මම ඉන්න රටේ ඉන්න පිලිපීනකාරයොත් හිතන් ඉන්නේ එයාලගේ රට ඇමරිකාව කියලා (නදී)

:       0       0

ජයත් Friday, 16 January 2015 07:01 AM

චමල්, සංජය ඔයාලත් එක්ක මමත් 100% ක් එකඟයි. (නදී)

:       0       0

දුමින්ද Friday, 16 January 2015 07:10 AM

අපි රැකුනේ බෞද්ද කම නිසා. භෞතික සංවර්දනය හැම දේටම විසඳුමක් නොවන බව පෙනේ (නදී)

:       0       0

සුජිත් Thursday, 15 January 2015 12:44 PM

අපේ රටෙත් කාලයක් තිබුනා රාජ්‍ය නායකයෝ එනකොට කොළඹ හිගන්නෝ, අසරණයෝ , කොළඹින් පිට අරගෙන ගිහිල්ලා දාපු. නමුත් දැන්නම් හිගන්නෝ නැහැ වගෙයි (නදී)

:       0       0

රාලහාමි Thursday, 15 January 2015 09:40 PM

කරුණාජීව, මගේ ජීවිතේම මම වැඩ කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෝ එක්ක. මට නම් හිතෙන්නේ උන් ඔය පිලිපින්, ඉන්දියන් කාරයොන්ට එහා ගිය නස්කුරුක්ම වර්ගයේ අන්තිම ආත්මාර්ථකාමී ජාතියක් කියලයි. (නදී)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 16 January 2015 02:49 PM

මේ රටේ ඉන්න අය සෝබනය දාගෙන ඉන්න බොහොම කැමතියි. (නි)

:       0       0

අශෝක Thursday, 15 January 2015 01:19 PM

චමල් සංජය ඔය දෙන්න හරියටම හරි (නදී)

:       0       0

වජිර Friday, 16 January 2015 03:44 PM

මෙම අසරණ දරුවන්ගේ යහපත වෙනුවෙන් මුදල් නොයොදන්නේ ඇයි? ජීවමාන දෙවිවරු සිටීද? එසේනම් මේ දරුවන් මෙතරම් අසරණ දුප්පත් වුණේ කොහොමද? පාප්තුමාගේ ආශිර්වාදයෙන් මොවුන් ගළවාගන්නට නොහැකිද? (නි)

:       0       0

චේතනා Friday, 16 January 2015 01:25 AM

ඒ උනාට අපේ අනිත් රට වල ඉන්න කොල්ලෝ හිතන් ඉන්නේ පිලිපීන කෙල්ලන්ට වැඩිය හොද කෙල්ලෝ මේ ලෝකේ නැහැ කියා (නදී)

:       0       0

කරුණාජීව Thursday, 15 January 2015 01:40 PM

පිලිපින් කාරයොත් එකයි , ඉන්දියන් කාරයොත් [බහුතරයක්]. මහම මහා ආත්මාර්ථකාමී ජාතින් දෙකක්. ඔය දෙගොල්ලොම එක්කම මම වැඩ කරලා තියෙනවා. (නදී)

:       0       0

බණ්ඩාර Friday, 16 January 2015 08:31 AM

මේ වගේ වැඩනම් හෙලා දැකිය යුතුමයි.(හේ)

:       0       0

චමල් Thursday, 15 January 2015 08:59 AM

අපිත් එක්ක මෙහෙ ඉන්න පිලිපිනේ අය හිතන් ඉන්නේ ඇමෙරිකාවේ ඉඳල ආවේ කියලා. ඒ අතින් අපේ රට කොච්චර ඉහලින් ද තියෙන්නේ. (ර)

:       0       0

නිර්ෂාඩ් Friday, 16 January 2015 08:32 AM

අපේ අයියලාට පොත්ත සුදු නම් ඕන ජරාවක් පැනලා අල්ලගන්නේ.(හේ)

:       0       0

අබ්දුල් රාසික් Sunday, 18 January 2015 06:37 PM

පාප්තුමාට ලංකාවෙන් ලැබුනවගේ ආදර,උණුසුම් පිළිගැනීමක් මන් නම් පිලිපීන්වල නම් දැක්කේ නැහැ. ලංකාව ලංකාවම තමා. ලංකාවේ මිනිස්සු මිල මුදල් අතින් දුප්පත් උනාට. ගතිගුණ වලින් අනිත් රටවල්වලට වැඩිය ඉතාමත් පොහොසත් දන්නවද. ෆිලිපින් ගැහැණු,පිරිමි දෙගොල්ලන්ම එකයි. අසංග හරියට හරි. (නදී)

:       0       0

බටගල Thursday, 15 January 2015 02:10 PM

අ‍නේ දෙවියනේ! මිහිපිට අපායක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 66 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1127 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 131 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1401 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 236 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 143 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site