IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පියයුරු පිළිකාවට විටමින් ඩී වැට බඳියි

දිනපතා විටමින් ඞී මාත‍්‍රාවක් ගැනීමෙන් කාන්තාවන්ට පියයුරු පිළිකාවෙන් වැළකී සිටිය හැකියැයි මහාචාර්ය කෙපා මුක්බෙල් ප‍්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි.
ඔහු බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් වරයාට දන්වා ඇත්තේ හිරු නැග එන අවස්ථාවේ විටමින් ඞී ලබාගන්නා ලෙස රෝහල්ගතව සිටින කාන්තාවන්ට පැවසීමෙන් පමණක් වාර්ෂිකව දහසකගේ ජීවිත බේරාගත හැකි බවයි.
මහාචාර්යවරයා පවසන්නේ පිළිකා රෝගය හඳුනා නොගත්ත ද සියළුම කාන්තාවන් විටමින් ඞී ගත යුතු බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පිළිකා සෑදී නැතත් වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක් ම විටමින් ඞී ගැනීමෙන් පියයුරු පිළිකාවලින් ඈත්ව සිටිය හැකියි. විටමින් ඞී වැඩි ප‍්‍රමාණයක් සිරුරේ පවතින විට පිළිකා ෙසෙල පරාජය වන බව තහවුරු වනවා.  ’’
බි‍්‍රතාන්‍යයේ සෑම කාන්තාවන් 50,000ක් අතරින් එක් අයෙක් පියයුරු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. බි‍්‍රතාන්‍යයේ පියයුරු පිළිකාවලින් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 12,000කි.
මහාචාර්ය මොක්බෙල් පවසන්නේ විටමින් ඞී සිරුරට එක්වීමෙන් සිදුවන්නේ නිරෝගී ශක්තිමත් අස්ථි පද්ධතියක් ලැබීම වුව ද ඉන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය මෙන් ෙසෙල විභේදන කි‍්‍රයාවලිට ද වැඩිදියුණු කරන බව මේ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදායේ මහජන සෞඛ්‍ය පිළිබඳ හාර්වඞ් පාසලට අනුව විටමින් ඞී ඌනතාවයෙන් පෙළීම ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග, ඇතැම් පිළිකා සහ විවිධ ශරීර පටක ඝනවීම් වැනි නිදන්ගත රෝග ඇතිවීමට හේතුවක් වේ. එමෙන්ම ක්ෂය රෝගය සහ බෝවන උණ රෝග වැළඳීමේ අවදානම ද ඉහළ යයි.
මහාචාර්ය මැක්බෙල් සිදුකළ පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ විටමින් ඞී හේතුවෙන් පිළිකා ෙසෙල සාමාන්‍ය ෙසෙල බවට පත්වන බවයි. තව ද ප‍්‍රතිශක්තීකරණය වැඩි වන බව ද ඔහු පෙන්වා දී ඇත.
2008 වර්ෂයේ කැනඩාවේ කළ පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ පිළිකා රෝගීන් අතරින් සිරුරේ වැඩි විටමින් ඞී ප‍්‍රමාණයක් තිබූ රෝගීන් මරණයට පත්වූයේ එසේ නොතිබූ රෝගීන් හා සන්සන්දනය කිරීමේ දී අඩක ප‍්‍රමාණයක් බවයි. නෝර්වේ රාජ්‍යයේ සහ ජර්මනියේ කරන ලද අධ්‍යයනයකින් ද එම ප‍්‍රතිඵලය ම ලැබී ඇත.
බි‍්‍රතාන්‍යයේ පිළිකා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ජෙසිකා කර්බයි මහාචාර්ය මැක්බෙල්ගේ මතය හා එක`ග වන්නේ නැත. ඇය පවසන්නේ සිරුරේ ඇති විටමින් ඞී ප‍්‍රමාණය පියයුරු හා සම්බන්ධතාවක් නොදක්වන බවයි.
කෙසේ වෙතත් දකුණු ලන්ඩන් නගරයේ ශාන්ත ජෝර්ජ් රෝහලේ කාන්තාවන්ට විටමින් ඞී පෙති සැපයීමට පවුම් මිලියන සියයක් වසරකට වෙන්කැර ඇත.
පර්යේෂකයන් පවසන්නේ බැලේ නාට්‍යාංගනාවන් මේ පර්යේෂණයේ තත්ත්වය මනාව පැහැදිලි කරන බවයි.
බැලේ නැටුම්වල යෙනෙ කාන්තාවන් ඇට දිරීමේ රෝගයෙන් ආරක්ෂා කැර ගැනීමට ඔවුන්ට විටමින් ඞී ආරක්ෂාව ලබාදේ. පර්යේෂකයන් පවසන්නේ ඇට දිරීම වැළැක්වීමට පමණක් නොව බැලේ නැටුම් නටන කාන්තාවන්ගේ ආපසු පැනීමේ පිණුමට ද මේ විටමින් ඞී උපකාරීවන බවයි. විටමින් ඞී මාස කිහිපයක් පානය කිරීමෙන් පසු ඔවුන්ගේ පිම්ම සෙන්ටි මීටර තුනකින් ඉහළ ගිය බව පර්යේෂකයන් අධ්‍යයනය කැර ඇත. ඔවුන් පවසන්නේ විටමින් ඞී නාට්‍යාංගනාවන්ගේ පාදවල ශක්තිය පස් ගුණයකින් පමණ වැඩිකරවන බවයි.
විටමින් ඞී යනු හිරු එළියෙන් නොමිළයේ ම ලබාගත හැකි දෙයකි.

 



අදහස් (0)

පියයුරු පිළිකාවට විටමින් ඩී වැට බඳියි

සමදරා Thursday, 05 December 2013 09:38 AM

අම්මෝ මමත් විටමින් ඩී ගන්න ඕනේ (නදී)

:       0       0

ශාන් Thursday, 05 December 2013 02:19 AM

හොඳ පුවතක්. අපේ දුඹුරු හමෙන් විටමින් ඩී උරන්නේ සුළුවෙන් සුදු අයට වඩා. විටමින් ඩී තමන්ට අඩු බව ගොඩක් අයට තේරෙන්නේ නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2200 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1381 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 493 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2661 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 121 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 248 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 614 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 496 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site