IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ

කැනඩා ජාතික ඩයිලන් බෙන්සන් හට පියෙකු බවට පත්වීමේ සතුට අවසානයේ ලැබුණි. නමුත් ඔහුගේ ආදර බිරිද ඒ සතුට ඛෙදාගැනීමට ඔහු ළග නැත.

‘මම මේ බව කියන්නේ ඉතාම දුකින්.එ වගේම ආඩම්බරයකින්.මගේ දරුවා අද මෙලොව එළිය දුටුවා.ඔහුගේ නම ඉවර්.මම පියෙක් වෙලා.ඒ එක්කම මගේ ආදර බිරිද රොබින් ඉවර්  මා යි දරුවයි  හැර දමා ගිහිල්ලා. ඇය තමයි මේ ලෝකයේ මා දුටු ධෛර්යමත්ම කාන්තාව.ඇයගේ ශක්තිය නිසා නොවන්න ඉවර්  මට ලැඛෙන්නේ නැහැ.ඇය ඉවර් සමගම ජීවත් වෙනවා.මට ඒක දැනෙනවා‘ යැයි ඔහුගේ බ්ලෝග් අඩවියේ පසුගියදා ලියැවී තිබුණි.

ඩයිලන් හා රොබින් ලහි ලහියේ සූදානම් වෙමින් සිටියේ දරු සුරතල් බැලීමටය.නමුත් කිසිවෙකු නොසිතූ පරිදි රොබින් අනතුරකට ලක්වූවාය.

රෝහලට ගෙන එන විටත් පමා වැඩිය.ඇයගේ මොළය මියගොස් ඇතැයි වෛද්‍යවරු නිගමනය කළෝය.නමුත් ඇය ජීවාරක්ෂක උපකරණ වල පිහිටෙන් ජීවත් කරවිය හැකියැයි ඔවුන්ගේ නිගමනය විය.

ඩයිලන් එයට කැමැත්ත දුන්නේය. ඇයවත් ඇයගේ කුසේ සිටින දරුවාත් අහිමි කර ගැනීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොවීය. නමුත් ඔහුට කැපකිරීමක්  සිදුකිරීමට වනු ඇතැයි ඔහු දැන සිටියේය.

zzඅපි ඇය  උපකරණ වලට භාරදුන්නා. වෛද්‍යවරු කියනවා ඇය දරු උපත තෙක් ජීවත් කරවන්න පුලූවන් වේවි කියලා. ඒ අතරතුර ඇයට කුමක් හෝ සිදුවුවහොත් වහාම දරුවාව පිටතට ගන්නයි ඔවුන් සූදානමින් සිටින්නේ. මට දරුවා ලැඛෙනකොට බිරිද අහිමිවෙනවා කියන අමිහිරි සත්‍යය මම තේරුම් ගනිමින් සිටිනවාzz 

ඔහු පෙර දිනයක ලියා ඇති බ්ලොග් සටහනක දැක්වේ.

රොබින් රෝහල්ගත කෙරුණු දාම හෙතෙම බ්ලොග් පිටුවක් ඇරඹීය.ඒ හිතේ ආතතිය දුරු කර ගැනීමටය.

නමුත් එම බ්ලොග් පිටුවට දහස් ගණනින් දෙනා ඇදී එන්නට ගත්තේ,අදහස් පළ කිරීමට ගත්තේ ඔහුව පුදුමයට පත් කරමිනි.අවසානයේ දරුවා වෙනුවෙන් අරමුදලක්ද පිහිටුවීමට ඔහුට හැකි විය.

‘මා එක්ක සිටි ඔබලා හැමෝටම ස්තූතියි.ඔයගොල්ලන් නිසා තමයි මට මේ තරම් දුරක් එන්න හැකි වුනේ.ඉවර් එක්ක ගත කරන්න තියෙන ජීවිතේ ලෙහෙසි වන එකක් නැහැ.නමුත් ඔහු මගේ දරුවා.තවත් කැපකිරීම් කරන්න මම ලෑස්තියි.නැවත වරක් කියන්නේ ඔයගොල්ලන්ට ස්තූතියි‘

යැයි ඔහුගේ අවසන් බ්ලොග් සටහනේ ලියැවී තිබේ.



අදහස් (0)

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ

ගමගේ Sunday, 16 February 2014 09:22 PM

පුතුගේ උපත මවගේ විපත එක දිනයේම වුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ (දී)

:       0       0

ලසන්ත Monday, 17 February 2014 01:17 AM

බටහිර සමාජයේ පවුල් සබදතාවයේ ශක්තිය පෙන්වන හොඳ උදාහරණයක්. ලංකාවේ උදවිය සිත සිටින විදිහට නොවේ මෙහෙ පවුල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. එකම වෙනස තියෙන්නේ දරුවන්ගේ දේවලට ඇඟිලිගැසිම කියන තැනදී. නැතිනම් හිතේ ඇතිවෙන හැඟීම මොන මානවයාටත් පොදුයි. (අ)

:       0       0

රජින්ද Monday, 17 February 2014 08:28 PM

වර්ෂ 1994 සැප්තැම්බර් මාසයේදී මාගේ පුංචි මෙළොව හැර ගියේද 99%ක්ම මේ ලිපියේ ආකාරයටය. මොලයේ ගෙඩියක් ඊට හේතුවිය. එදා මගේ බාප්පා විසින් ගත් තීරණය හේතුවෙන් ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවිය අනෙක් පසින් ඔහුගේ බිරිද මිය ගියාය. ජීවිතයේ ඇතැම් තීරණ ගැනීමට කෙතරම්ම අමාරුද කියා හොදින් දැනෙන්නට විය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 85 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1179 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 154 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1469 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 241 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 146 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site