වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
රුසියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ‘දේශපාලන ක්‍රීඩාවක්’ බවත් ඊට ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින සබඳතාවලට මැදිහත්වීමට ඉඩ නොදිය යුතු බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
වසර 2016 පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රුසියාව ඊට මැදිහත් වූ බවට චෝදනා කරමින් විශේෂ නීතිඥ රොබට් මුලර්ගේ ප්‍රමුඛත්වයෙන් පරීක්ෂණයක් සිදු කෙරේ.
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමයේ දී රුසියානු බුද්ධි නියෝජිතයන් 12 දෙනකු ඩිමොකටික් පක්ෂයේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කර ඇතැයි සඳහන් කරමින් රොබට් මුලර් පසුගිය සතියේදී චෝදනා ද ගොනු කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම දින තුනකට පෙර, ‘ෆොක්ස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා එම කරුණු පවසා තිබේ.
රොබට් මුලර් රුසියානු බුද්ධි නිලධාරීන්ට චෝදනා කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිතිවරයාගෙන් විමසා ඇති අතර එහිදි හෙතෙම ඉහත කරුණු පවසා තිබේ. ඔහු එහිදි මෙසේ ද පවසා තිබේ.
“ඒ ගැන මම අවධානය යොමු කරන්නේ නැහැ. එය ඇමෙරිකාවේ අභ්‍යන්තර දේශපාලන අරගලයේ කොටසක්. මං ගැන පොඩ්ඩක්වත් වේලාව නාස්ති කරන්නේ නැහැ. අවධානය යොමු කරන්නේත් නැහැ. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර දේශපාල ක්‍රීඩාවක්. එසේ වුවත් ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින සබඳතාවලට මැදිහත්වීමට ඉඩ නොතැබිය යුතු” යැයි පරිවර්තකයකුගේ සහාය ඇතිව ජනාධිපති පුටීන් පවසා ඇත.
එම පරීක්ෂණවලදී ඇමෙරිකාව සහ රුසියාව අතර සබඳතා ඇපයට නොගත යුතු යැයි ද පුටින් සඳහන් කර තිබේ.
055
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පරික්ෂණවලදී රුසියා-ඇමෙරිකා සබඳතා ඇපයට නොගත යුතුයි