පෙම්වතුන්ව සිටි කාලයේ තමන්ට දැරීමට සිදුවූ වියදම් හිටපු පෙම්වතියගෙන් ලබා ගැනීමට සැරසෙන අපූරු පෙම්වතෙකු ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
පෙම්වතා නමින් බෘෘස් ඩස්ටින්ග්ය. ඔහු හැට පස් හැවිරිදිය. පෙම්වතිය මේරි ලැකොම්බේය.ඇය හතළිස් දෙහැවිරිදිය.
වාර්තා වන අන්දමට මේරි බෘස් යටතේ සේවය කර ඇත්තීය.මේරි පිළිබඳව බෘස්ට ආදර සිතුවිලි පහළ වී ඇත්තේ මේ අවදියේය.
තමන් හා එක් වීමට මේරි කිසිදු අකමැත්තක් නොදැක්වූ බව බෘස් කියයි.මේ නිසාවෙන් තමන් ඇයගේ අවශ්‍යතා වෙනුවෙන් අත දිගහැර වියදම් කළ බවත් අවසානයේ විවාහ වීමට කැමැත්ත විමසූ විට ඇය තමන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසයි.
බෘස් දැනටමත් ‘ප්‍රේම‘ කළ කාලයේ වියදම් ඇතුළත් බිල්පතක් මේරි වෙත යවා තිබේ.එයට අනුව බෘස් මේරි වෙනුවෙන් දරා ඇති මුදල පවුම් ලක්ෂයකට (රුපියල් 21300000) ආසන්නය.
අරකට මේකට මුදල් වුවමනා යැයි කියමින් ඇය තමන්ගෙන් මුදල් ලබා ගත් බවද වරක් ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සදහාත් තමන්ට බොරු ගොතා මුදල් ලබාගත් බවද බෘස් කියයි.
නමුත් මේරි මේ චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරයි.තමන් හා බෘස් අතර පැවතියේ මිතුරු සබදතාවක් පමණක් බවත් එමෙන්ම තමන් ඔහු පවසන ආකාරයට මුදල් ඉල්ලා නැති බවත් ඇය කියයි. බෘස් හිතවත්කම ප්‍රේමයකැයි වරදවා වටහාගත්තාට තමන්ට කරන්නට දෙයක් නැතැයි ඇය පවසයි.
නමුත් බෘස් මෙය ලේසියෙන් අත්හරින්නට යන බවක් නම් පෙනෙන්නට නැත.කෙසේ හෝ වියදම් වූ මුදල මේරිගෙන් ලබාගන්නෙමැයි අදිටනින් හේ සිටී.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පරණ පෙම්වතියට දෙකෝටියක බිලක්
පැංචි Saturday, 16 November 2013 10:23 AM
ඕකනේ මම ප්‍රේම කරන්නේ නැත්තේ? ණයත් නෑ.පාඩුත් නෑ.ලාබත් නෑ..ඔලුව හිස් මුදුන අත ගාලා බැලුවා නම් හොඳයි අයනු බින්දුව දෙකක් එනවද කියලා. (නි)
චමත් [ලංකාව] Sunday, 17 November 2013 02:58 AM
දොස්තර නෝනත් ඒ දවස්වල ප්‍රේමවන්තයාට තෑගි බෝග දුන්නද? එහෙම නැත්නම් මේ වගේ සුද්දම කලාද? ආලෝකයෙන් පිරි අය නම් හරියට දන්නවා ඇති විස්තරේ. (නි)
කුමාරි Friday, 15 November 2013 03:11 PM
දැන් හැටපහයිනේ. අවුරුදු 130 කින් විතර ඕක දීල දාමු මේරි.(නදී)
මර්වින් Friday, 15 November 2013 03:51 PM
දීපු සල්ලි ටිකට මෙයා සතුටු උනා නම් අඩුගානේ ඇති. (ස)
මෙන්ඩිස් Friday, 15 November 2013 04:48 PM
ලංකාවේ නංගිලට දෙවැනි නැහැ වගේ. (ස)
චමත් [ලංකාව] Friday, 15 November 2013 04:55 PM
ප්‍රේම කරපු කාලයේ මෝරා වෙලා වියදම් කරපුව නම් ආපහු ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. අනිත් කාරණය ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ඩොලර්, පවුම් වලින් බිල්පත ඇරියේ කොහොමද මන්දා ? (ස)
ලාල් Saturday, 16 November 2013 08:43 PM
දැන් සල්ලි ඉල්ලන්නේ හෙට අනිද්දා යනකොට අරගෙන යන්නද? (නි)
මංගලා දිසානායක Saturday, 16 November 2013 03:26 PM
අප්පේ මම දිපුවා (දිල්)