IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉරාන ජනපති පරදින ලකුණු

ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පරාජයට පත්වන ලකුණු ඊයේ (4) ප‍්‍රකාශයට පත් කෙරුණු මූලික ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේය. මැතිවරණයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ එරට ආගමික නායක අයිතුල්ලා අලී කුමේනිගේ දේශපාලන පක්ෂය. මැතිවරණ පැවැත්වූයේ ඉකුත් සිකුරාදා (02) ය. මන්තී‍්‍රවරුන් 290 දෙනකුගෙන් සමන්විත ඉරාන පාර්ලිමේන්තුවට, හමුදාමය සහ න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලතල නොමැති අතර, මූලික ඡන්ද ප‍්‍රතිඵලයෙන් පෙනී යන්නේ රටේ අභ්‍යන්තර අරවුල් හට ගෙන ඇති බව යැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්වී සිටින ජනපති මොහොමඞ් අහමදිනෙජාද් බලයට පත්වූයේ 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඔහු ජයග‍්‍රහණය කළේ දුෂණ හා ආක‍්‍රමිකතාවලින් යැයි චෝදනා කරමින් විපක්ෂ කණ්ඩායම් වීදි බැස විරෝධතා පැවැත් වූ නමුත් එම විරෝධතා මර්දනය කිරීමට අහමදිනෙජාද්ගේ නව රජය පියවර ගත්තේය. කෙසේ නමුත් සිකුරාදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී දුෂණ වංචා සිදුවූයේ යැයි මෙතෙක් වාර්තා වී නැත. ඉරානයේ බුද්ධි අංශ සහ විදේශ කටයුතු පිළිබඳ බලතල ඇත්තේ ද ආගමික නායක කුමේනිටය. එම බලතල ඔහුට අහිමි කිරීමට අහමදිනෙජාද් මෙම පාර්ලිමේන්තු මැතිවරණය අවියක් කර ගත් නමුදු එම උත්සාහය අසාර්ථක වී ඇතැයි එරට දේශපාලන විචාරකයෝ අවධාරණය කරති. මේ අතර ඉරානය ඔවුන්ගේ පරමාණු බලශක්ති වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත්, ලෝකයට තර්ජනයක් බවත් පවසමින්, ඉරානයට පහර දීමක් කළ යුතු යැයි පවසන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ අද (5) ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනපති ඔබාමා හමුවීමට නියමිතය. ඇමෙරිකා ජනපති සහ ඊශ‍්‍රායල අගමැති අතර අද පැවැත්වීමට නියමිත එම සාකච්ඡා අතිශයින් තීරණාත්මක වන අතර හමුදා යොදවා ඉරානයට පහර දීමක් කළ යුතුද නැද්ද යන්න එහිදී තීරණය කෙරේ. ඉරාන ජනපති ඡන්දය ප‍්‍රකාශ කරමින්...



අදහස් (0)

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉරාන ජනපති පරදින ලකුණු

ප්‍රදිප් Monday, 05 March 2012 10:39 AM

ඇමරිකාව මාට්ටු වෙන්නේ මේ පාර තමයි .එතකොට අපිට හුලන් තමයි බොන්න වෙන්නේ.....තෝරු මෝරු මරා ගද්දි හාල්මස්සන් ගැන කවර කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1931 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site