IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ප‍්‍රංශ අගමැතිට පාන් පිටි ප‍්‍රහාරයක්

එළැඹෙන ප‍්‍රංශ ජනාධිපතිවරණය සඳහා එක් එක් පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මේ දිනවල සිදුවේ. පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අගමැති මැනුවෙල් වාස්  ඇතුළු හත් දෙනෙක් පක්ෂ අපේක්ෂක සටනට පිවිස සිටිති.

සමාජවාදී පක්ෂයේ හිටපු අගමැති වාස්  පසුගියදා  ඊසාන දිග ප‍්‍රංශයේ යුරෝපා පාර්ලිමේන්තුව පිහිටි ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සංවිධානය කරමින් එහි ආපන ශාලාවක පැවැති ප‍්‍රාදේශීය පක්ෂ ක‍්‍රියාධරයන්ගේ සාකච්ඡාවකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ තරුණ කම්කරුවෙක් පාන් පිටි පිරවූ කුඩා බෑගයකින් ඔහුට දමා ගසමින් 49.3 නීතිය අපිට අමතක නැති බව කියා කෑ ගසමින් එම ස්ථානයෙන් පිට විය. මුළු ඇඟ පුරා පිටි තැවරුණු වාස් ආරක්ෂා සහිතව ආපන ශාලාවට රැගෙන ගිය අතර ආරක්ෂකයෝ ප්‍රහාරය එල්ල කළ තරුණයා අත් අඬංගුවට ගත්හ. ඔහුට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ හෙයින් පසුව මුදා හැරිණි.

ඉදිරි ජනාධිපතිවරණයට පාලක සමාජවාදී පක්ෂයේ වර්තමාන ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ඉදිරිපත් නොවන බව දෙසැම්බර් මුල් සතියේ ප‍්‍රකාශයට පත් කළේය. වර්ෂ 1945න් පසු ප‍්‍රංශයේ හිටපු ජනාධිපති වරයකු දෙවැනි වර ජනාධිපති වරණයට ඉදිරිපත් නොවන ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයටද එක්වේ. ඒ හේතුවෙන් හිටපු අගමැති මැනුවෙල් වාස්ට ජනාධිපතිවරණයට තරඟ කිරීමට මඟ පෑදුණු අතර ඔහු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී මැතිවරණ සටන ආරම්භ කළේය.   

ඔහු අගමැති ධූරය දැරූ පසුගිය මැයි මාසයේ හාම්පුතුන්ට වාසිදායක ලෙස ප‍්‍රංශයේ ඇතැම් කම්කරු නීති සංශෝධනය කිරීමට උත්සහා ගත්තේය. ප‍්‍රංශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 49.3 දරන නීති වගන්තියට අනුව කිසි කෙනෙකුගේ කැමැත්ත නොවිමසා අගමැති කැමැත්තෙන් පමණක් නීති සම්මත කර ගැනීමේ ක‍්‍රමවේදයක් ප‍්‍රංශ ව්‍යවස්ථාවේ ඇත්තේය. මෙම නෛතික අවස්ථාව උපයෝගී කර ගනිමින් කම්කරු නීති සංශෝධනයට ආරම්භවු අවස්ථාවේ වර්ජන, උද්ඝෝෂණ, වාද විවාද ආදියෙන් පසුගිය කාලයේ අඩුවක් නොතිබුණේය. එබැවින් මහජන නැගිටීම් හමුවේ එම සංශෝධන හකුලා ගැනීමට ඔහුට සිදු විය. එනමුදු වෘත්තීය සමිති හා කම්කරුවෝ ඔහු ගැන දැඩි අප‍්‍රසාදයෙන් පසුවූ අතර පිටි ප‍්‍රහාරය කරලියට පැමිණි එහි එක් අවස්ථාවක් පමණය.

මින් පෙර ප‍්‍රංශයේ සිටි අගමැතිවරු 14 දෙනෙක් විසින් ඉහත නීතිය 86 වතාවක් ක‍්‍රියාවට නගා ඇති අතර මියගිය සමාජවාදි පක්ෂයේ අගමැති මිචෙල් රොකා  අගමැති සමයේ 28 වතාවක් ඉහත නීතිය භාවිතයට ගෙන ඇත්තේය. තමා ජනාධිපති වුවොත් ඉහත නීතිය අහෝසි කරන බව මැනුවෙල් වාස්  මේවන විට පොරොන්දුවක් දී ඇත්තේය. අලංකාර ගමනකදී පිටි ග‍්‍රෑම් ගණනක් නමුත් සිනහව කිලෝවක් ලැබුණු බව ප‍්‍රහාරයෙන් පසු මාධ්‍යවේදීන් අමතා ඔහු ප‍්‍රකාශ කළේය.

Manuel-valls Manuel-valls-01 Manuel-valls--22-dec-strasbourg Manuel-Valls-réagit-apr_s-avoir-été-enfariné visite-de-manuel-valls-strasbourg

 



අදහස් (0)

ප‍්‍රංශ අගමැතිට පාන් පිටි ප‍්‍රහාරයක්

බමුණු සිංහ Thursday, 29 December 2016 06:11 AM

පද්මිණි, ඕක අපේ ජාතිය වැරැද්ද. ජාතිය හෝ සිංහලයා වෙනුවෙන් අපි කතාකළාම අපේම අය අපි ජාතිවාදීන් කියලා හංවඩු ගහනවා. ඔයා ඇයි කියලා අහනවා. ඔවුන් හිතනවා අනෙකා අපි වෙනුවෙන් කතා කරනවා, අපි මොකටද කරදර වෙන්නේ කියලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 December 2016 06:13 AM

බුෂ්ට සපත්තු පහර දීපු එකේ ඕක මොකක්ද? (නි)

:       0       0

ජගත් වික්‍රමාරච්චි Wednesday, 28 December 2016 01:02 PM

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව මෙහි ඇත්තේ පොදු ප්‍රතිපත්තිමය යහපාලනයකි .. (ප්‍රංශය) එහි ඇත්තේ පුද්ගලික න්‍යායක එල්ලෙන යහපාලනයකි. (ශ්‍රී ලංකාව) ප්‍රංශයේ විරෝධය පාන්පිටි ප්‍රහාරයෙන් එළිදකින අතර ශ්‍රී ලංකාවේ විරෝධය බෝම්බ ප්‍රහාරයකින් පුපුරා යා හැක (බ)

:       0       0

රොකී Friday, 30 December 2016 12:40 AM

පද්මිණි, කරුණු නොදැන බොරු කියන්න එපා. පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා ඒ ප්‍රංශ රැජිණ කවදාවත් කිවුවේ නැහැ. ඒ කියුම ඊට වඩා බොහොම පැරණි එකක්. ඇරත් ඇයව ගිලටීනයට යැව්වේ කුසගින්නේ හිටපු ජනතාව නොවෙයි. ඉතිහාසය කියවන්න. එය බරපතල වරදක් හැටියට අද පිළිගැනෙනවා! (නි)

:       0       0

පද්මිණි Wednesday, 28 December 2016 05:43 PM

මිට වසර 20 කට ඉස්සරත් පාන්පිටි මිල වෙනසක් නැහැ. (ප්‍රංශයේ). අදත් ශත 45 කට පිටි කිලෝවක් ගතහැකියි. 1789 පාන් නැත්නම් කේක්‌ කාපල්ලා කී රැජිණ ගිලටීනයට යැව්වේ කුසගින්නේ හිටිය ජනතාව. අද ලංකාවට වෙලා තියෙන්නේ ඊටත් එහා ගිය ව්‍යසනයක්. නමුත් ජනතාව නිහඬයි. ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 926 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 49 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1455 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1867 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 29 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site