IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ප්‍රංශ ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවේ

මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්‍රාහ විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමි‚යේ එම මිනිසා හමුවීමයි.˜

         කියුබානු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ ප්‍රංශ ජනාධිපතිට පිළිගැන්වු රාත්‍රි භෝජන සංග්‍රහායේදි ප්‍රංශුවා ඔලොන්ද් ජනාධිපති  පැවැත්වූ දේශනය ආරම්භ කරමින් එසේ පැවැසීය.

ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකමින් දශක හයක් පමන ලෝකයෙන් හුදෙකලාවූ නිදහස් කියුබාවට පැමිණෙන ප්‍රථම බටහිර යුරෝපීය නායකයා වෙමින් පසුගියදා  ප්‍රංශ ජනාධිපති තුමාගේ කියුබා  සංචාරය  සිදු වුයේය. ඔහු සමග කියුබා  පැමිණි කණ්ඩායම තිහක් පමන විය. ඔවුන් අතර වැඩි දෙනෙක් කාන්තාවෝය. ඔවුන් සියල්ලෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුය.

  කියුබා සංචාරයේදි ප්‍රංශ ජනාධිපති දින පොතෙහි හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ හමුවීමේ සඳහනක් නොමැත. එනමුදු පසුගිය සදුදා ප්‍රංශ ජනාධිපති   විසින් චේ ගුවේරා ස්මාරකයට උපහාර දැක්වීමෙන් පසු හවානා විශ්ව විද්‍යාලයයේ සිසුන් සදහා දේශනයක් පැවැත් වුයේය. දේශනය අවසන්වී පිටත්ව යන ප්‍රංශ ජනාධිපතිගේ විදේශ උපදේශක ජැක් උඩිබර්ඩ් මහතාගේ දුරකථනයට ඊළග විනාඩි 15   හිටපු කියුබා  නායක අවුරුදු 88 වයැසැති පිදෙල් කැස්ත්‍රෝ හමුවීමට කැමැත්තෙන් සිටින බව දැන්වීය. ඒ අනුව ජනධිපති   සමග විදේශ උපදේශක ජැක් උඩිබර්ඩ් හා සෙනට් සභාවේ හිටපු සභාපති සමාජවාදි පක්ෂයේ ජෝන් පියෙර් ඛෙල් බටහිර හවානා හී  පිහිටි පිදෙල් කැස්ත්‍රෝගේ නිවසට ගියේය. ඔවුන් පිළිගැනීමට කැස්ත්‍රෝ සමග ඔහුගේ බිරිඳ හා දියණියෝ දෙදෙනෙක් පිළිසඳරට අසුන් ගත්තෝය. ප්‍රථමයෙන් විප්ලවීය නායකයා කථාව අරඹමින් —ඔබගේ මෙම ප්‍රථම හමුව ඉතිහාස ගත වෙනවා. ඒ වගේම මමත් ප්‍රංශයට පැමිණ තිඛෙනවා යැයි‘ පවසමින් හරියටම විනාඩි පනහක්  කථා බස් කළේය. මාධ්‍යයට අවසර ලැබුණේ ඡායාරූපයක් ගැනීමට පමණි. කෙසේ නමුදු කෘෂිකර්මය, වතුර හා පරිසරය රැකීම යන කරුණු ගැන අදහස් හුවමාරුවූ බවත් ඔහුගේ අසනීප. තත්වය ගැන ඇසු විට උරහිසේ ආබාධයක් ඇති බවත් ප්‍රතිකාර ගන්නා බවත්, චේ ගුවේරා  ගැනද ඔහු සමග කථා බස් කළ බවත් ප්‍රංශ ජනාධිපති කාර්යාලීය නිවේදන වල දැක්වේ. ප්‍රංශ ජනාධිපති සමාජවාදි පක්ෂයේ ප්‍රංශුවා ඔලොන්ද්ගේ දේශපාලන තරුණ විය විප්ලවවාදි චේ ගුවේරාට දැඩි ලෙස ආදරය කල කෙනෙකි. ඔහු ඔහුට ගරු කලේය . එබැවින් කියුබා  විප්ලවයේ පියා සමග ඔහුගේ විප්ලව වාදි සගයා ගැන කතා කිරීමට ලැබීම අතිශය සතුටට හේතුවක් බව ප්‍රංශ ජනපති පැවසීය.

  කියුබා විප්ලවයේ පියා ලෙස සැලකෙන පිදෙල් කැස්ත්‍රෝ හමුව ප්‍රංශයේ සාමාන්‍ය ජනයාට විශේෂයක් නොවුනත් ප්‍රංශ මාධ්‍ය, ලෝක දේශපාලන හා ප්‍රංශ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් වුයේය. 1959 ජනවාරි 01 වැනිදා බැටිස්ටාගේ පාලනයෙන් මුදා ගත් කියුබාව පිදෙල් කැස්ත්‍රෝගේ පාලනයට හසු වන්නේය. ඇමෙරිකාව සමග විරසකවීම හේතුවෙන් කියුබාවට එරෙහිව 1962 පෙබරවාරී 07 වැනිදා සිට ආර්ථීක, වාණිජ, මුදල් ප්‍රධාන කොට ජාත්‍යයන්තර තහංචි පැනවිණි. පිදෙල් කැස්ත්‍රෝ දැඩි ලෙස අසනීප වීමෙන් පසු 2008 පෙබරවාරී 24 වැනිදා  රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ ආගමනයෙන් පසු 2014 දෙසැම්බර් මස 17 වැනිදා ඇමෙරිකාව විසින් පැණවූ තහංචි ඉවත් කර ගන්නා බව ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා දැන්වීය. ඉන්පසු එරටට පැමි‚ ප්‍රථම බටහිර රාජ්‍ය නායකයා ප්‍රංශ ජනාධිපති විය.

       මින් පෙර 1974 දී ප්‍රංශුවා මිතොරොන්ග් කියුබාවේ සංචාරය එය නිල වශයෙන් නොවේ. එබැවින් ප්‍රංශුවා ඔලොන්ද් කියුබාවට පැමිණි ප්‍රථම ප්‍රංශ ජනාධිපති ලෙස ඉතිහාසයට එක් වන්නේය. එහෙත් මෙම විශේෂ හමුව ගැන මාධ්‍යයේ හා දේශපාලන කරලියේ විවිධ අදහස් පළවේ. පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. කියුබා  ජනතාව සිර ගෙදරක සිර කර තැබූ ඔහු මුණගැසීම ප්‍රංශය ලැජ්ජාවට පත් කිරීමක් බව දක්ෂිණාංශික පක්ෂ මන්ත්‍රී බුරූනෝ ලෙමෙර්   මාධ්‍යයට පැවසීය. හමුවීම ඉතිහාසගත ජායා රූපයක් පමනක් යැයි සමහරු කීවේය.  

     කෙසේ නමුදු ප්‍රංශ ජනාධිපති හා පිදෙල් කැස්ත්‍රෝ හමුව ඉතිහාසගතවී හමාරය. මෙම හමුවේදි පිදෙල් කැස්ත්‍රෝ පැලඳ සිටියේ අඩිඩාස් ලාංචනය සහිත කමිසයකි.

05

06(1)



අදහස් (0)

ප්‍රංශ ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවේ

ආනන්ද දොඩන්ගොඩ Saturday, 16 May 2015 07:13 AM

අපේ හිටපු ජනාදිපති තුමාත් ඔහු බලයේ සිටි කාලයේ ගිය කියුබාවට , ගිහින් මෙතුමාව බලා , චේ ගුවේරාගේ පවුලේ උදවිය lසමුවී කතා බහ කරලා විස්තර සොයා ලංකාවට අවේ , ඒවා ලංකාවට උචිත විදියට ගලපා රට හදන්න , එහෙත් ඒවා කරන්න කොටසක් ඉඩ නොදී එතුමාව පලවා හෙරියා ,(කේ)

:       0       0

ධම්ම Thursday, 14 May 2015 09:56 PM

අපි පින් කරලා මදි මේ වගේ නායකයෝ ලබන්නට.(ම)

:       0       0

සුඉල් ච.බ. Saturday, 16 May 2015 08:35 AM

ස්ටුටි ලකදිපට මය පල කිරීම ගැන .(කේ)

:       0       0

සමන් මාන්නප්පෙරුම පැරිස් Sunday, 17 May 2015 09:40 AM

ආනන්ද දොඩම්ගොඩ දන්න බම්බුව .එයා දන්නේ අශ්වයෝ පිට යන්න පමණයි .පිදෙල් කස්ත්‍රෝ කවුද ? කියලා දැන ගත්තේ සමහර විට මෙම ලිපියෙන් පසුව වෙන්න ඇති .අපි නොදන්න දොඩන්ගොඩ (බ)

:       0       0

ගයාන් Saturday, 16 May 2015 08:46 AM

අන්න ඒකට අපේ රටේ නායකයෝ. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 17 May 2015 09:47 AM

කස්ත්‍රෝ කොපමණ කලක් බලයේ හිටියද දැන් බලයේ ඉන්න කෙනාට ඔහුගේ ඇති නෑකම කුමක්ද? යනාදිය ගැන නොදන්නා පහුගිය කාලේ අන්තර්ජාල ලනු ගිලපු උදවිය තමයි මේ අදහස් වලින් බොහොමයක් දාලා තියෙන්නේ. (බ)

:       0       0

අචිත් Friday, 15 May 2015 12:04 PM

මේ වගේ නායකයෙක් ලබන්න අපි පින් කරලා නෑ..අපේ ඉන්නේ කටින් දේශප්‍රේමියෝ විතරයි. (අ)

:       0       0

මොරිස් Friday, 15 May 2015 02:05 AM

මහා ලෝක බලවතාගේ ආසන්නයේම සිට අවුරුදු 55 ක් ම සම්බාදක මැද කියුබාව ආරක්ෂා කරගනිමම ඇති ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වටහා ගන්නට.(හේ)

:       0       0

චන්න Saturday, 16 May 2015 04:25 PM

අදහස් දැක්වූ හුඟක් අය ක්‍රස්තෝලා ගැන දන්නේ නැහැ වගෙයි. (නි)

:       0       0

යවනාඩ් Saturday, 16 May 2015 11:53 PM

රටට ආදරය කරන නායකයෝ නිසා රට දියුණුවෙනවා. පවුලට ආදරය කරන නායකයෝ නිසා පවුල දියුණුවෙනවා. (නි)

:       0       0

ශාන්ත උදයකුමාර Sunday, 17 May 2015 04:45 AM

අසහාය යුග පුරුෂයා (බ)

:       0       0

කමල් Friday, 15 May 2015 06:18 PM

ඉතා හොඳ කරුණු ඇතුළත් ලිපියක් (නි)

:       0       0

සුමුදු හේවා Friday, 15 May 2015 07:45 PM

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන්, ධම්ම, සහ අචිත්ට කියන්න තියෙන්නේ මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද කියලයි. (නි)

:       0       0

සියාතු Friday, 15 May 2015 07:52 PM

රටකට හොඳ වටිනා නායකයෙක් ලැබුණට වැඩක් නැහැ, ඒ රටේ ජනතාවට එතුමාගේ වටිනාකම තේරුම්ගන්න තරම් මොළයක් නැත්නම් (නි)

:       0       0

විකුම් Sunday, 17 May 2015 05:27 PM

හොඳ පුවතක් (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 17 May 2015 05:31 PM

යවනාඩ්, රටට ආදරය කරන නායකයන් හින්දා රටත් පවුලත් දෙකම දියුණු වන බවට කස්ත්‍රෝ වගේම තම රටට සතුරු බටහිර බලවේග වලින් ආරක්ෂා කරගැනීමට වෙහෙසුණු සෙසු රාජ්‍ය නායකයන්ගෙන්ද උදාහරණ සැපයෙයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 14 May 2015 02:26 PM

යුග පුරුෂයන් සැමවිටම නිවැරදි නොවේ (කේ)

:       0       0

ලලිත් Thursday, 14 May 2015 02:56 PM

සැබෑ මිනිසුන් දෙදෙනෙකු ගැන වූ වැදගත් පුවතක්.(ම)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 14 May 2015 03:10 PM

දුප්පත්කම,නුගත්කම ,දුරාචාරය හා අපරාධවලින් පිරුණු රටක් ලෝකයේ හොඳම අද්‍යාපනය හොඳම සෞඛ්‍ය සම්පන්න ජාතියක් බවට පත් කරන්න නොසලෙන අධිෂඨානයෙන් ජනතාව වෙනුවෙන් සටන් කළ අභීත රාජ්‍ය නායකයා.සොඳුරු විප්ලවාදියා. ලොකු කුඩා සැම කිව්බානුවෙකුගේම ආදරණිය නිරහංකාර සොඳුරු ආඥාධායකයා..ආදරණිය පිදෙල්...ඔව් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලෝකයේ වැඩිදෙනෙක් විප්ලවවාදීන් ගේ ආදරණිය සහෝදරයා පිදෙල් කස්ත්‍රෝ....(බ)

:       0       0

කුමාරසිරි Friday, 15 May 2015 08:05 AM

මේවා හොඳ ආදර්ශ අපේ රට කන දේශපාලුවන්ට. ඇත්තටම අපේ රටේ ජරා දේශපාලන නියෝජිතයින්ට මේවා පේන්නේ නැත්තේ එච්චරටම ආත්මාර්ථකාමී මිනිස්සු. මිනිස් කම බල්ලටම ගිය ලංකාව. අහෝ ලංකාව මුදලට බලයට අම්ම තාත්තා බිරිඳ පාවා දෙන දේශ පාලුවන්ට යහපතක් නොවේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 114 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1215 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 189 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1491 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 254 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 154 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site