IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ප්‍රංශ ජනපති බාබර්ගේ පඩිය ලක්ෂ 16 යි

ප්‍රංශයේ ”කැනා ඔන්චෙනේ ” නම් ටැබ්ලොයිඞ් පුවත් පතට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රාජ්‍යයේ හා දේශපාලඥයන්ගේ වැරදි හා දුෂණ හෙළි කිරීමට විශේෂ උනන්දුවක් දක්වන මෙම ආන්දෝලාත්මක පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයට අයත් පරම්පරාව අතර දැඩි ලෙස ජනප‍්‍රිය වි  ඇත.

ඔවුන්ගේ හෙළිකිරීම් හේතු කොට තම ධූරයෙන් අස්වීමට සිදුවූ ඇමැතිවරුන්, නගරාධිපතිවරුන් බොහෝමයකි. එබැවින් දේශපාලඥයෝ බදාදා පළ කැරෙන  මෙම පුවත් පතට බියක් දක්වති. අශිල් ෂෙමෝරි හා ස්ටෙෆන් මාර්තෙඌ යන ප‍්‍රංශ මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ප‍්‍රංශ ජනාධිපති මැදුර නමින් රචිත ග‍්‍රන්ථයක අඩංගු කොටසක් උපුටා දක්වන මෙම පුවත් පතේ පසුගිය කලාපය ප‍්‍රංශ ජනාධිපතිගේ කරණවෑමියා නොහොත් බාබර් යුදෙව් සම්භවයක් ඇති ප‍්‍රංශ ජාතික ඔලිවියේර් බෙන්හමූගේ මාසික වැටුප ගැන අපූරු හෙළි කිරීමක් කර තිබුණේය.

ඔවුන්ගේ හෙළි කිරීමට අනුව ජනාධිපති කරණවෑමියාගේ මාසික වැටුප යුරෝ 9895 කි. එනම් රුපියල් 16 ලක්ෂ තිස් දෙදෙහකි. මෙම වැටුප් විස්තර පළවීමෙන් පසු ජනාධිපති බාබර්ගේ වැටුප ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් තුළ විවිධ විවේචන සිදු වූයේය. එහි සත්‍ය තත්ත්වය දැන ගැනීමට පුවත්පත  ජනාධිපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට වෙහෙසුනද එය සපල නොවු බව පුවත් පත විසින් සඳහන් කර තිබුණේය.

එසේම මීට පෙර සාර්කෝසි ජනාධිපතිගේ කරණවෑමියා යුරෝ 8000ක වැටුපක් ලබා ගත් බවද හෙළි වුයේය. ජනාධිපති කාර්යාලයයේ හා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් අඩු කරන බව කිව් ජනාධිපති මෙතරම් මුදලක් බාබර්ට ගෙවීම සුදුසුද යනුවෙන් ප‍්‍රශ්න කරමින් විවිධ විවේචන දේශපාලන හා මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ විශේෂ කථා බහට ලක් වූයේය.

කෙසේ නමුදු මාධ්‍ය තුළ  විවේචන හේතුවෙන් ජනාධිපති කාර්යාලයට ඉහත ප‍්‍රශ්නය අරභයා පිලිතුරු සැපයීටමට සිදුවුයේය. ඒ අනුව ජනාධිපතිගේ කරණවෑමියා වූ ඔලිවියේගේ රැකියා කොන්ත‍්‍රාත්තුව අවුරුදු පහකට පමණක් සීමාවූ බවත්, ඔහු හිමිදිරි පාන්දර සේවයට වාර්තා කරමින් සෑම දිනකම ජනාධිපති තුමාගේ කොණ්ඩය හැඩ වැඩ කරන බවත් දින හතේ පැය 24 පුරාවටම සේවයට වාර්තා කිරීමට බැඳී ඇති හෙයින් ජනාධිපතිගේ සෑම සංචාරකටම ඔහු සහභාගි වෙන බවත් එම නිසාම ඔහුට අයත් පැරිස් කලාප අංක 07 හි පිහිටි බාබර් සාප්පුව වසා දමා ඇති බවද එලෙසෙම ඔහුගේ දරුවන් දෙදෙනෙකු උපදින විට බිරිඳ ළඟ සිටීමට නොහැකිවූ බවත් ජනාධිපති කාර්යාල මාධ්‍ය ප‍්‍රකාශනයේ සඳහන් වූයේය.

පැය 24 පුරාම සේවයට කැපවී සිටින  ජනාධිපතිට විශ්වාසවන්තයකු බවත් පවුල් ජීවිතය පවා දෙවැනි තැන තබමින් සේවයේ යෙදෙන ඔහුට එම වැටුප ගෙවීම වැරැද්දක් හෝ ජනාධිපති බලතල අවභාවිතයේ යෙදීමක් නොවන බව ප‍්‍රංශ සමාජවාදි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෘෂිකර්ම ඇමැති ස්ටෙපන් පෝල් මහතා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මාධ්‍යවේදීන් මේ ගැන ප‍්‍රශ්න කළ විට පිළිතුරු නොදී සිනාසෙමින් පිටව ගියේය. මේ දිනවල ප‍්‍රංශයේ සිදුවන ත‍්‍රස්තවාදි ප‍්‍රහාර හේතුවෙන් කරණවෑමි විෂය මදකට මතකයෙන් ගිළිහී ගොස් ඇත්තේය.

01-(2) le-coiffeur-de-francois-hollande-paye-9-895-euros-brut-par-mois

 

 

 

 



අදහස් (0)

ප්‍රංශ ජනපති බාබර්ගේ පඩිය ලක්ෂ 16 යි

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 31 July 2016 08:05 AM

දේශපාලනයේදී එක එක පැති ගෙන රණ්ඩු වීම බැනවැදීම මෝඩ කමක් , මොන පක්ෂය වුනත් මොන රටේ වුනත් දේශපාලකයන් අවංක නැහැ , එහෙත් රටත් කාල වැනසෙන දේශපාලකයන් ඉන්නවා , රටත් හදන ගමන් තමන් හැදෙන දේශපාලකයනුත් ඉන්නවා (බ)

:       0       0

වසන්ත රෝමය Saturday, 30 July 2016 10:25 AM

දැන් කෝටි 287 ක් හොරකම් කරපු හැටි අතටම අහුවෙලානේ ඉන්නේ. යාත්‍රාවෙන් පසු යාත්‍රාවේ ඉස්සරහින් යන සමහර කට්ටිය වැලිකඩ, මැගසින්, බෝගම්බර, මහර දක්වා පාද යාත්‍රාවට එක්වේවි (නි)

:       0       0

අාසිරි වටපොල Sunday, 31 July 2016 10:20 PM

අපේ අය නම් බාබර්ලට දුන්නේ නැහැ. ඔක්කොම එයාලම ගත්තා. නෑයන්ට දුන්නා. මුළු පරපුරටම දුන්නා. වෙනස එයයි (නි)

:       0       0

සහාන් Saturday, 30 July 2016 04:47 AM

මේවා මොනවද? සතියට දෙකට, බිලියන ගණන් හම්බ කරපු, මහා බැංකු අධිපතිල එයාල රැකපු ලොකු තැන හිටපු හිටපු රටවල් තියෙනවා (අ)

:       0       0

නලින් යහම්පත් Sunday, 31 July 2016 05:19 PM

සනත් ගුණවර්ධන මහතා කී සේ හිටපු මහින්ද රාජපක්ෂ රටත් හදන ගමන් ඔවුනුත් හැදුනා. දැන් රටත් කනවා, ඔවුන් පමණක් හැදෙනවා. වෙනස එපමණයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 July 2016 01:40 PM

දේසපාලකය කියන්නේ මොන රටේ වුනත් රට කන එකෙක් තමා ආඉබෝන් !(අ)

:       0       0

සෙන්සාන් Monday, 01 August 2016 02:37 AM

යහපාලන රජයට මේවා හොඳ ආදර්ශ. කතාව හා විවේචන නවතලා වැඩ පටන් ගනිමු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 29 July 2016 02:58 PM

මිට වඩා මාසෙකට හරි හම්බු කරපු කට්ටියක් ලංකාවෙත් හිටිය .රටේ වාසනාවට දරුවන්ගේ වාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට අද ඔවුන් බලයේ නැහැ (අ).

:       0       0

මහෙස් පැරිස් Friday, 29 July 2016 03:30 PM

ටිකිරි බණ්ඩා ඔයාගේ කතාව හරි .දැන් ඒ හොරු ටික තමයි පාද (ඩ )යාත්‍රා යන්නේ . මට දුක හොරු පස්සේ යන අහිංසක මෝඩ මිනිස්සු ගැනයි .කමක් නැහැ එහෙම කට්ටියකුත් ඉන්න එපැයි .නැත්නම් හොරු ටික විතරයි යාත්‍රා කරන්නේ .(අ)

:       0       0

රවීන් Saturday, 30 July 2016 07:23 AM

දේශපාලකයෝ කියන අය සාමාන්‍යයෙන් තමන් පාලනය දන්නේ නැති උදවිය. සාමාන්‍ය ජනතාව රවටලා ඔවුන්ගේ රුධිරය උරාබොන ජාතියක් (නි)

:       0       0

කිතුල්ගොඩ Saturday, 30 July 2016 07:35 AM

බලනකොට එහෙයි මෙහෙයි කියලා වෙනසක් නැහැනේ (නි)

:       0       0

කින් බෙනට් Saturday, 30 July 2016 07:30 AM

ලංකාවේ රජවරු නම් තමන්ගේ බාබර් තනතුරට ගත්තේ අති විශ්වාසවන්තයෙක්. පඩි ගෙවුවේ ගම් නියම්ගම් පිටින්. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 30 July 2016 09:33 PM

ටිකිරි බණ්ඩා,මහේෂ්ලා වගේ අය ශ්‍රී ලංකාවේ ජීවත්වන නිසා ශ්‍රී ලංකාව එක තැන පල්වෙනවා (නි)

:       0       0

ලලිත් Friday, 29 July 2016 05:16 PM

එ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවට වැඩිය ප්‍රංශයට ගිහින් බබර් කෙනෙක් වෙන්න තියෙනවා නම් වඩා හොඳයි වගේ?(අ)

:       0       0

ප්‍රංශය -සුජීව Saturday, 30 July 2016 08:46 AM

ලක්ෂ 16 නොවෙයි, කෝටි ගානක් ගියත් අපි ඒ සල්ලි දෙනවා. මේ අය ප්‍රංශයේ දුප්පත් මිනිසුන්ටත් සළකනවා (නි)

:       0       0

අශිකා Saturday, 30 July 2016 08:54 AM

අපේ රටේ කොයි දේශපාලුවත් කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් ඒ සඳහා මෝඩයෝ රැලක් හදාගෙන ඉන්නවා. මේ මිනිස්සු කවදාවත් යහපත් රස්සාවක් කරලා හම්බ කරන්න කැමති නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1680 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site