IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප්‍රසව වේදනා දුක පිරිමියාටත් කියා දෙයි

දරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණි.

එහිදී පෙම්වතුන්ට හා සැමියන්ට විශේෂ යන්ත්‍රයකට සවි කෙරී තිබුණු කොට්ටා දෙකක් තම යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවූ අතර යන්ත්‍රය පණ ගැන්වූ පසු ඔවුන්ගේ පෙම්වතියන් හා බිරින්දෑවරුන් දරු උපතේදී අත්විඳින වේදනාව ඔවුන්ටද අත්විඳීය හැකිවනු ඇතැයි උපදෙස් දෙනු ලැබිණි.

ඒ කිසිත් ගණනකට නොගෙන සිනාවෙන් සිටි ඔවුන්ගේ මුහුණු මැළවී ගියේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරා පැළද සිටි කොට්ටා වලට එල්ල කිරීම මගින් ඔවුන්ගේ යටි බඩෙහි මාංශ පේෂීන් වේදනාවට පත් කෙරිණි.

වේදනාව උසුලා ගත නොහැකිව ඇතැම්හු හැඬූහ,ඇතැම්හු කෑ ගැසූහ,ඇතැම්හු පැන දිවීමට පවා තැත් කළෝය.

විනාඩියක් දෙකක් පමණ මේ ‘‘වදය‘‘විදීමට ඔවුන්ට සිදුවිය.එය අවසානයේ අදහස් විමසූ විට ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පෙම්වතියන් මෙතරම් වේදනාවක් දරන බව කිසිදිනෙකවත් දැන සිටියේ නැතැයි ඔවුහු කීහ.

පරීක්ෂණය විනාඩියකට දෙකකට පමණක් සීමා වුවද විළිරුදා ඇතිවන කාන්තාවක් ඒ වේදනාව ඇතැම් විට පැය ගණනක් හෝ දින ගණනක් පවා විදින්නීය.

මෙයට සහභාගීව සිටි ඇතැමුන් තම බිරින්දෑවරුන්ගේ කරච්චලයට බියෙන් පැමිණ සිටියෝ වූහ.නමුත් පර්යේෂණය අවසානයේ ඔවුන් තමන් ගැන පසුතැවෙන ආකාරයක් දැකගත හැකිවිය.

පරීක්ෂණය සිදුකළ රෝහල පවසන්නේ කාන්තාවන් දරු උපතකදී මෙන්ම දරුවෙකු දරා සිටින විටදී දරන වේදනාව කොතරම්දයැයි පිරිමින්ට පෙන්වා දීමට මෙවැන්නක් සංවිධානය කළ බවයි.කාන්තාවන්ට නිසි ගෞරවය දැක්වීමට පිරිමින් උගත යුතුව ඇති බව රෝහලේ අදහසයි.

1415134673895_wps_2_Pic_shows_Man_uses_an_ele 1415136367539_wps_8_Pic_shows_Man_uses_an_ele 1415136372738_wps_9_Pic_shows_Man_uses_an_ele



අදහස් (0)

ප්‍රසව වේදනා දුක පිරිමියාටත් කියා දෙයි

චන්ද්‍රා වීරසිංහ Saturday, 15 November 2014 05:39 PM

ඔබ පවා මෙලොව එළිය දුටු දින ඔබේ ,මව් විඳි වේදනාවට නිගා කරන්න එපා -උතුම් මව් පදවිය නොවේ නම් ලොවක් පවතීද?නිහාල් ප්‍රනාන්දු සහෝදරයා වෙතටයි (දිල්)

:       0       0

නෙත්මි Friday, 14 November 2014 04:17 AM

ඉතා හොඳයි (නි)

:       0       0

අශාන් චාමර Monday, 17 November 2014 06:22 AM

ලංකාවේ රෝහල් වලටත් ගෙන්විය යුතුම උපකරනක් බව මාගේ පෞද්ගලික මතයයි (නදී)

:       0       0

අශාන් චමීර Monday, 17 November 2014 06:23 AM

ලංකාවේ රෝහල් වලටත් ගෙන්විය යුතුම උපකරණයක් බව මාගේ පෞද්ගලික මතයයි (නදී)

:       0       0

ජයත් Tuesday, 11 November 2014 03:46 PM

හොඳ වැඩක්. (ර)

:       0       0

ගයනී Tuesday, 11 November 2014 08:04 AM

මේක කියලා දෙන්න ඕනේ.නැත්තම් කාන්තාව ප්‍රසව වේදනාවේදී විදින දුක දන්නේ නෑනේ.(හේ)

:       0       0

හේමචන්ද්‍ර Tuesday, 11 November 2014 04:02 PM

ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරවලටත් ගෙන්වල දෙන්න කියල අපේ අධිකරණ ඇමති තුමාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ . (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 15 November 2014 10:54 PM

නිහාල්ගේ කතාව මාතෘ පදවියට නිගාවක් කියලා මම හිතන්නේ.!! (දිල්)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Monday, 10 November 2014 09:04 AM

මන් අහල තියෙනවා ඔය වගේ කතාවක්. එක ස්වාමිපුරුෂයෙක් දොස්තර ළඟට ගිහින් ඉල්ලා සිටියා තමන්ගේ බිරිදට දැනෙන විලි රුදාව තමන්ටත් දැනෙන්න සලස්වන්න කියා. දොස්තර මහතා ඔහුට විරේකයක් දීලා පිටුපසට මැහුමක් ගැහුවා. (බ)

:       0       0

චම්පා Tuesday, 11 November 2014 05:08 PM

මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

උපාලි Monday, 10 November 2014 09:51 AM

පිරිමින්ටත් මේ දේ හොද අත්දැකීමක් වෙයි.(හේ)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 13 November 2014 03:54 PM

බැරිවෙලාවත් හරි ඔය වේදනාව දරුවාගේ පියාට විදින්න විදිහක් හැදුවොත් නම් මලා. අල්ලපුගෙදර මනුස්සයා තමා කෑගහන්නේ.(අ)

:       0       0

බමුණු Tuesday, 11 November 2014 11:06 AM

"පිරිමින් මේ දුක දැරිය යුතුයි.එතකොට තේරෙයි." (බ)

:       0       0

රූමි Monday, 10 November 2014 10:27 AM

ස්ත්‍රී දුෂකයන්ට කියාපු දඬුවම (බ)

:       0       0

jජානක ලක්මාල් Saturday, 15 November 2014 08:56 AM

ඇත්තටම නියම දෙයක්.(දිල්)

:       0       0

රන්සිළු Monday, 10 November 2014 04:16 PM

පිරිමින් මේ දුක දැරිය යුතුයි.එතකොට තේරෙයි.(හේ)

:       0       0

සන්තුෂ් Friday, 14 November 2014 08:05 AM

හොද වැඩක්.(හේ)

:       0       0

සුබා Tuesday, 11 November 2014 12:21 PM

ඇත්තටම හොද වැඩක්. තමාගේ බිරිද, මව විදින වේදනාව කාන්තාවන්ට හිංසා කරන පිරිමි එතකොටවත් දැන ගනිනේ. (ර)

:       0       0

ලසිත Tuesday, 11 November 2014 08:07 PM

ඇත්තටම මේක හුඟක් හොඳ දෙයක්. තමන්ගෙ බිරිය විඳින වේදනාව දැනගන්න ලැබෙන එක. එතකොට බිරියට ගරුනොකරන පිරිමින් පවා ඇයට ගරු කරන්න පටන් ගනීවි. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 11 November 2014 03:57 AM

තමාගේ මවට දයාබර පුතුන් බිරිඳට එක හා සමානව ආදරය කරති (අ)

:       0       0

බුද්ධික Sunday, 16 November 2014 12:35 PM

මේක ස්වභාව ධර්මය අපිට මේකට පිටුපාන්න බෑ, මට නම් මගේ ආදර අම්මා මම වෙනුවෙන් විදපු වේදනා කවදාවත් විදින්න බෑ, මැෂින් වලට කවදාවත් ඒක කරන්න බෑ, පිරිමි හිතන්න ඕනේ කාන්තාවන් ගැන ගොඩාක් හැගීම්බර විදියට. (ර)

:       0       0

විභූති‍ Thursday, 13 November 2014 03:57 AM

මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

නවීන් Wednesday, 12 November 2014 08:58 AM

මෙවා මහා තෙරුමක් නති වෑඩ. ගෑහනු අය නෙමෙද ඒ කාලෙ ඉදන්ම ලමයි බිහි කලේ. (ර)

:       0       0

සමීර දිනේෂ් Thursday, 13 November 2014 04:01 AM

අනික ගැහැණු අස්ථි බබාල හම්බෙන විදියට අනුගත වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 14 November 2014 10:19 PM

කාමයේ වරදවා හැසිරෙන්නන්ට දියහැකි හොඳ දඩුවමක්. (නි)

:       0       0

ලලිත් Monday, 10 November 2014 07:59 PM

ස්වභාව ධර්මය සෑම දෙයක්ම අති සාධාරණව බෙදාදී තිබෙනවා. (නි)

:       0       0

මාදු Tuesday, 11 November 2014 06:21 AM

ඊයේ රැකියාවට එන්න දුම්රියට නගින්න කලින් නෝනලා ඔක්කොටම ඉඩ දීල අන්තිමට පිරිමි අපිට ඉතිරි උනේ පාපුවරුවේ දෙවෙනි පඩිය. දෙය්යනේ කියල එකේ එල්ලෙන්ඩ කකුල උස්සද්දීම කව්ද පිටිපස්සේ ඉදන් තට්ටු කලා. බලනකොට බඩදරු අම්මා කෙනෙක්. ඒ සැරේ එයාටත් ඉඩ දීල මන් ඊලග කෝච්චියේ වැඩට අවා. මිනිත්තු පහක් පරක්කුයි. රතු ඉර ගහන නෝනා වෙලාවට ඉර ගහල මට කියනවා වෙලාවට වැඩට එන්න දන්නැද්ද කියල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site