යහපාලනය හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එකතුවූ පැරිස් එකමුතුව ප්‍රංශයේ තානාපති තිලක් රණවිරාජා මහතාට භාරදුන් විදේශගත ශ්‍රීලාංකිකයින්ගේ ප්‍රශ්න කිහිපයක් අන්තර්ගතවූ සංදේශයේ පිටපතක් පැරිසියට පැමිණ සිටි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාටද භාර දෙන ලදී.
ශ්‍රීලංකාව වෙනුවෙන් යුනෙස්කෝ මහ සභාවාරය නියෝජනය කිරීමට අධ්‍යාපනය ඇමැතිවරයා පැරිසියට පැමිණ සිටියේය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පැරිස් සංදේශය අධ්‍යාපන ඇමැතිට
කිරන් Friday, 06 November 2015 07:53 PM
ඔබගේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)
කිත්සිරි Friday, 06 November 2015 07:55 PM
අපේ අධ්‍යාපන ඇමතිතුමා හොඳ කෙනෙක් (නි)
විපුල Friday, 06 November 2015 08:47 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
වල්පොල Friday, 06 November 2015 08:51 PM
අලුත් තානාපතිවත් මේවා හදලා ගත්තෙත් හොඳයි (නි)
සමන් ලන්ඩන් Friday, 06 November 2015 08:58 PM
ලංකාවේ ඉන්න බැරි නිසා ප්‍රංශයට ආ අයට තිබෙන විසඳාගන්න බැරි ප්‍රශ්න මොනවාද? මට තේරෙන්නේ නැහැ (නි)
ඩොනල්ඩ් Saturday, 07 November 2015 05:12 PM
බොහොම හොඳ මහත්මයෙක් (නි)
දොඹගොඩ Saturday, 07 November 2015 11:49 PM
ජයවේවා! (නි)
අබේරත්න Sunday, 08 November 2015 01:00 AM
මේවායින් ප්‍රයෝජනයක් වේදැයි අපි බලා සිටිමු (නි)
අචිර Saturday, 07 November 2015 02:42 AM
අප්පේ ඔච්චර මොන ප්‍රශ්නද? ලංකාවට ගියා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස් Sunday, 08 November 2015 06:33 PM
සමන් ලන්ඩන්, ලන්ඩන් ආවේ මොකටද? මොන හේතුවක් නිසා හෝ පිරටකට ගියත් එම රටට තානාපති කාර්යාලයක් තිබෙනවා. ඒ වගේම මේ ලොවේ හැම රටකම ලාංකිකයෝ ඉන්නවා. ලංකාවෙත් එක එක රටවල අය පදිංචිවෙලා ඉන්නවා. (නි)
පිටිගල මිලානෝ Friday, 06 November 2015 12:17 PM
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න විසඳීමට කරන ඉල්ලීම් වලදී මුල්තැන දියයුත්තේ මැදපෙරදිග දහදුක් විඳ ලංකාවට වැඩිම විදේශ විනිමයක් සපයන ශ්‍රමිකයන්ට බව මගේ අදහසයි. (නි)
අබේ- ටෝකියෝ Tuesday, 10 November 2015 09:40 AM
ඔය සංදේශය ලංකාවට එය අරගෙන එන්නේ වත් නැ. හෝටලයේ කුණු බක්කියට දානවා. අඩුම ගානේ ඕව දෙන්න ඕනේ විදේශ ඇමතිට. (අ)
රන්දික Friday, 06 November 2015 02:10 PM
ඉතා හොද කටයුත්තක් අපි ඒ යෙජනවලිය දැක්කා හොද වැඩපිළිවලක් පැරිස් ඉන්න අපි සතුටුයි .(අ)
කමල් Friday, 06 November 2015 02:12 PM
ජයවේව .ජයවේව ජය (අ)
බණ්ඩාර Friday, 06 November 2015 02:21 PM
පා ස් පෝට් ඒකක් ගන්න ගියවිට පැරිස් තානපති කර්යාලයේ ප්‍රශ්න ගොඩයි . (අ)
රන්දික Monday, 09 November 2015 08:47 AM
අලුත් පැරිස් ශ්‍රී ලංකා තානපතිතුමා, උගත් ,බුද්ධීමත් ,නීතිගරුක ,පළ පුරුදු ,කෙනෙක් ඒ තුමා තනාපති කාරියාලය නිවැරදී මගට යෙමුකරන හැඩයි (ම)
ලේක්කෝ ගලබඩ Friday, 06 November 2015 02:48 PM
ප්‍රංශයේ ඔයතරම්ම ප්‍රශ්න නම් ඉතින් ආපසු යන්නකෝ ලංකාවට. (නි)
ආනන්ද දොඩන්ගොඩ Friday, 06 November 2015 03:02 PM
පිටිගල මිලානෝ ගේ කතාව ඇත්ත ප්‍රංසයේ ජීවත්වන අය ඔවුන්ගේ දුක් ගැනවිලි කිවයුත්තේ ප්‍රංශ රජයටයි. මේ අය මේ සඳහා යායුත්තේ නගරසභාවේ ඇති මහජන දුක්ගැනවිලි අංශයටයි. මතක ඇතුව සුපුරුදු පරිදි කැමරාවත් අරන් යන්න. (බ)
මාලනී Friday, 06 November 2015 03:44 PM
බණ්ඩාර කිසි ප්‍රශ්නයක් නැ අත යටින් යූරෝ මිටියක් අත මිට මෙලෙව්ව නම් හරි තවම පරණ විදියට තමයි වැඩ ..(බ)
සමන් Friday, 06 November 2015 03:52 PM
දැනට වසර 2 කට කලින් බංගලාදේශයේ අයටත් අපේ පාස් පෝට් වලින් තමයි ගමන් බිමන් ..(බ)
සුමන Friday, 06 November 2015 03:57 PM
ලෝකයේ කිසිම තනාපති කාර්යාලයක නැති නීති ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ඇත. මිනිස්සු පව් (බ)
මැණික් Friday, 06 November 2015 04:02 PM
ඔතන නීති සියල්ල මුදලට යටයි (බ)
බන්දුල Friday, 06 November 2015 04:08 PM
අපි නොදන්න ඇමිබ්සි අර ඔතන ඉන්න කෙනාට මුදලුත් එක්ක වැඩේ බර දුන්නනම් ටක්කෙට හරි (බ)
නිසංසලා Friday, 06 November 2015 04:15 PM
බණ්ඩාර ඔබ හරි ප්‍රශ්න වැලයි ලිහන්න නම් .බැ බැ.බැ.බැමයි .මිනිස්සු පවු (බ)
වන්නිනායක -මිලාන් Friday, 06 November 2015 04:15 PM
මිලාන් වල අපිනම් බලන්නේ කුමන අකාරයකින් හෝ ලංකාවට අධාරයක් කරන්නයි නමුත් ප්‍රංශේ අය හදන්නේ ඒ අයට ලංකාවෙන් උදව් ගන්නයි. (බ)
රිචි බාලසුරිය Saturday, 07 November 2015 10:36 AM
සමන් ලන්ඩන් , ලන්ඩන් වල සමිති සංවිධාන හදන් , ප්‍රශ්න විසදිනවා වාගේ පැරිස් වල අයටත් ප්‍රශන ඇති විසඳන්න ,ඕවා තේරෙන්නේ නේ ලන්ඩන් අයට . (අ)
නන්ද කුමාර- පැරීසිය Friday, 06 November 2015 04:40 PM
මේ අය මොනවා කළත් ෆොටෝ ටික පිළිවෙලට අරගන්නවා. කවුරු කවුරුත් මුල් තැන දෙන්නේ කැපී පෙනෙන්නයි. (බ)
ජයරත්න Friday, 06 November 2015 05:17 PM
මෙය දුටු මම සතුටු වේ .ජයවේවා (බ)
නිල්මිණි Friday, 06 November 2015 05:19 PM
ඉතා හොද වැඩක් .ජය සතුට (බ)
රසික Sunday, 08 November 2015 11:02 AM
හොද වැඩක්. (ර)
අමල් Sunday, 08 November 2015 11:17 AM
හොඳ වැඩක්. (ර)
ගයාන් Saturday, 07 November 2015 01:11 PM
බලාසිටිමු (ම)
ඉන්දික Friday, 06 November 2015 06:37 PM
යහපත් දෙයක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
කපිල Sunday, 08 November 2015 12:36 PM
හොඳ වැඩක්. (ර)
රොහාන් Saturday, 07 November 2015 02:47 PM
ශ්‍රී ලාංකිකයකුට විදෙස් ගමන් බල පතක් ගන්න. හැදුනුමි පත , උ ප්පැන්න සහතිකය, පැරනි ගමන් බලපතේ පිට පතක්, තිබුනහම හොදටේම ඇති .(ම)
කබීර් Saturday, 07 November 2015 03:01 PM
විදෙස් රටක ජිවත් වන ශ්‍රී ලාංකිකයනට තමන්ගේ අන්‍යනතාවය ඔප්පු කරන්න තමන් සතු ඒකම ලියවිල්ල තමයි ඔය ඒ ක දෙන්න කෝ (ම)
බාලසූරිය Friday, 06 November 2015 07:25 PM
අළුත් වෙනස යටතේ ප්‍රංශයේ නව පිබිදීමක් ඇතිවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා (නි)
අමරපාල Friday, 06 November 2015 07:29 PM
ඕවා කරලා පමණක් වැඩක් නැහැ. පුලුවන්නම් නුසුදුස්සන් ඉවත්කරන්න. එවිට නීතිය රැකේවී (නි)
රත්නායක Friday, 06 November 2015 07:33 PM
මොන ආණ්ඩුව ආවත් අපේ ප්‍රශ්න එහෙමමයි (නි)
සංජීව Friday, 06 November 2015 07:38 PM
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න නම් කවදාවත් විසඳෙන ඒවා නෙමෙයි (නි)