චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය.
මෙම නෞකාව ‘ටයිප් 001ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේදී අත්හදා බැලීම් කර ඇත්තේ සෙනසුරාදා (12) දිනයේදීය. ඊසන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් ඊයේ උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.
නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේදී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවත් නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතියය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි.
මෙම නෞකාව අධිකාරිධුරයට පත්කිරීම 2020 වසරේදී සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ.
තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේදී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ.
මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනයද එක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බි්‍රතාන්‍යය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වේ.
කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුද ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි.
කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාවද ඇතුළුව රට ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්‍රිිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන එය ලොව විශාලතම හමුදාවද වේ.
චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
චීනය මේ වසරේ ආරක්ෂාව වෙනුවෙන් යුවාන් ටි්‍රලියන 8.1ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක්) වෙන් කර තිබෙන අතර එය සියයට 8.1කි. කෙසේ නමුත් එම මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදලෙන් හතරෙන් එකක් පමණි.
ඒ.එෆ්.පී
055
බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන්
යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හම
සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජී
කියුබාව, ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බ
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි