IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප‍්‍රහාරක ජෙට් යානා ගනුදෙනුව කඩිනම් කරන්නැයි ප‍්‍රංශය ඉන්දියාවෙන් ඉල්ලයි

ප‍්‍රංශ ජනපති  ඕලන්ද්(වමේ) ඉන්දීය ජනපති මන්මොහන් සිං හමු වූ අවස්ථාව.

ඉන්දීය ගුවන් හමුදාව සඳහා ප‍්‍රහාරක ජෙට් යානා 126ක් මිලදී ගැනීමේ ගනුදෙනුව කඩිනම් කරන්නැයි ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ඊයේ(14) ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය.
ගුවන් බලය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රහාරක ජෙට්යානා ලබාගැනීමට ඉන්දියාව පසුගිය වසරේදී ප‍්‍රංශ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර තවමත් එම ගිවිසුමට අස්සන් තබා නැත. 
ප‍්‍රංශ ජනපති  ඕලන්ද් සහ විදේශ ඇමැති ලෝරන්ට් ෆේබියස් ඇතුළු ප‍්‍රංශ රජයේ ඉහළපෙළේ නියෝජිත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිති.  
දැනට කි‍්‍රයාත්මක ලොව විශාලතම ආරක්ෂක ගනුදෙනුව ලෙස සැලකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන මෙම ජෙට්යානා මිලදී ගැනීමට අදාළ ගිවිසුම කඩිනම් කිරීම ප‍්‍රංශ බලධාරීන්ගේ මෙම සංචාරයේ එක් ප‍්‍රධාන අරමුණකි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජෙට්යානා අයත් සමාගමේ නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.  
මෙම සංචාරයේදී ප‍්‍රංශ ජනපති ප‍්‍රමුඛ නියෝජිත පිරිස ඉන්දීය ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන්ද හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉකුත් වසරේ ප‍්‍රංශ ජනපති ලෙස තේරී පත්වූ ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ආසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයවේ. 



අදහස් (0)

ප‍්‍රහාරක ජෙට් යානා ගනුදෙනුව කඩිනම් කරන්නැයි ප‍්‍රංශය ඉන්දියාවෙන් ඉල්ලයි

සිල්වා Sunday, 17 February 2013 06:12 AM

අපිටත් නය වෙලා හරි යානා 10 යක් ව්තර ගත්තනම් ජිනීවා ප්‍රශ්න ටික ගොඩින්ම බේරගන්න තිබුනා.(නදී)

:       0       0

ෂෙරීෆ් Friday, 15 February 2013 01:53 PM

නිෂෟපාදනය කරපු යානා ටික කොහොමහරි විකුණන්නද දන්නෙ නැහැ හදන්නේ? (නි)

:       0       0

උදය Saturday, 16 February 2013 12:55 PM

ඒ වැඩේ එච්චර සුභ නැහැ (දී)

:       0       0

ශීලා Sunday, 17 February 2013 09:01 AM

සම්පත්, ඉන්දියාව බටහිරට ගැතියි. අපි ඉන්දියාවට ගැතියි. මොකක්ද ඉතින් වෙනස? (නි)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 03:54 PM

බටහිරට ගැති නොවෙවු! (නි)

:       0       0

මෙල් Saturday, 16 February 2013 04:42 AM

ඉන්දියාව ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි. (නි)

:       0       0

සූකිරි Friday, 15 February 2013 05:06 PM

පකිස්ථානෙත් ලගදි රුසියාවෙන් ගත්තා. ගන්න ගන්න.(නදී)

:       0       0

මංගල Friday, 15 February 2013 05:10 PM

ප්‍රංශයේ බඩු හොදයි. මලී රටට ගියානම් ගුවන් ප්‍රහාර දෙන හැටි බලලා බඩු ටික ගන්න පුළුවන්.(නදී

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site