IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොර පිටියේ මරු කැඳවූ බළල් අත

අතීතයේ ද්වන්ධ සටන්වලදී භාවිතයට ගත් ලෝහමය නිය සහිත බළලකුගේ අත් වලට සමාන මැටි අත් දෙකක් හමුවී ඇතැයි පේරු රාජ්‍යෙය් පුරාවිද්‍යාඥයෝ පවසති. මෙය සොයාගෙන ඇත්තේ පේරු රාජ්‍යයේ උතුරේ ටර්ජිලෝ ආසන්නයේ පිහිටි හුආනා ඩි ලා ලුනා ඩින් නමැති පැරණි පිරමීඩයකිනි.

අතක හැඩයට තනා ඇති මේ මැටි පුවරු දෙකෙහි තියුණු ලෝහමය නියපොතු සවිකැර තිබේ. අදින් වසර 1500ට වඩා පැරණි මේ මැටි අත් පුවරු ඇතැම් විට ක්‍රිස්තු පූර්ව 800 දක්වා ඈත අතීතයකට අයිති විය හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

පැරණි ඉන්කා ශිෂ්ඨාචාරයේ දී ශක්තිමත් පුද්ගලයන් අතර පැවති ද්වන්ධ සටන් වලදී සත්ත්ව හමෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණ යුද ඇඳුමකට මෙය සවිකැර තිබෙන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි. ද්වන්ධ සටනක දී පරාජය ලබන්නා මරා දැමීමට මෙය භාවිතා කරන්නට ඇති බවත් එය ඉතා භයානක අවියක් බවත් පවසන පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී පුරාවිද්‍යාඥ සැන්ටියාගෝ උකේඩා පවසන්නේ බිලි පූජා සඳහා ද මෙවැනි අවි යොදා ගන්නට ඇති බවයි.

පිරමීඩයේ අභ්‍යන්තරයේ පැවති කුටියක තිබී සෙංකෝලයක් වැනි කොටසක් ද යුද ඇඳුම් සඳහා භාවිතාකරන කන් ආවරණ සහ මුහුණු ආවරණ ද සොයාගෙන තිබේ. මෙම අවිය නිශ්චිතව කාල නිර්ණය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇති අතර ඒ සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

පොර පිටියේ මරු කැඳවූ බළල් අත

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 25 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 985 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 91 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1226 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 223 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 139 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site