තමන් මත්ද්‍රව්‍ය සැකකරුවන් තිදෙනකු මරා දැමූ බවට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බව එරට ස්වාධීන මානව හිමිකම් කොමිසම් පවසයි.
ඩවෝ හී නගරාධිපතිව සිටින කාලයේ තමන් මත්ද්‍රව්‍ය සැකකරුවන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කළ බව දින කිහිපයකට පෙර ඩුටර්ටේ ප්‍රකාශ කළේය.එය සත්‍යයක් බව සනාථ කරමින් ඔහු බීබීසියට ප්‍රකාශයක්ද නිකුත් කළේය.
ඔහු ජනාධිපති ධුරයට පත්වු දින සිට මත්ද්‍රව්‍ය සැකකරුවන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.ඔහු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට වෙඩි තබන ලෙසයි. මේ වන විට 6000ක් පමණ ඝාතනය කර ඇතැයි බලධාරීහු කියති.
ඔහු ඩවෝ හී නගරාධිපති ලෙස වසර විස්සක් කටයුතු කර ඇති අතර එහිදී ඔහු අපරාධ වලට එරෙහිව සටන් කළ අයෙකු ලෙස ප්‍රසිද්ධ විය.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පිලිපීන ජනපති කට නිසා නහී?
උපාලි Thursday, 22 December 2016 02:54 PM
අපේ රටේ මෙහෙම ජනාධිපති කෙනෙක් කවදා බිහිවේවිද? (නි)
මලික් Thursday, 22 December 2016 03:37 PM
මට නම් එතුමා සැබෑ වීරයෙක්! (නි)
සදුන් Friday, 23 December 2016 10:52 AM
ජනපති තුමනි ඔබගේ අරමුණ එක නම් එය ඉටු කරන්න. (හේ)
ගුණසිරි Thursday, 22 December 2016 06:27 PM
ජනපතිතුමනි, ඔබ කියන්න ඒ තුන්දෙනා සිය දහස් ගණනකගේ ජීවිත නොමරා මැරූ බව (නි)
ද සිල්වා Thursday, 22 December 2016 09:46 PM
ලංකාවේ නම් එහෙම කළොත් දේශපාලකයින්ගෙන් 20% වත් මරා දමන්න වෙනවා. ප්‍රාදේශිය දේශපාලකයෝ අඩුම තරමේ 1000 වත් මරාදමන්න වෙනවා. පිලිපීනයේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ (නි)
ලාල් Saturday, 24 December 2016 11:34 AM
තම රටේ, තම වර්ගයාගේ අභිද්වෘධිය වෙනුවෙන් අපායට වුණත් යන්න සූදානම් වූ එඩිතර නායකයෙක්. අපේ රටේ නායකයන් සමඟ කෙසේවත් සමානකළ නොහැකියි. (නි)
ටානි Friday, 23 December 2016 04:55 PM
මාළුවා නහින්නෙත් කට නිසානේ! (නි)
ද සිල්වා බෙර්ලින් Friday, 23 December 2016 06:23 PM
මෙතුමා හරි හෝ වැරදි හෝ කෙළින් තීරණ අරන් ක්‍රියාත්මක කරනවා. රටේ ජනතාව මොහු වීරයෙක් වගේ සළකනවා. පක්ෂයේ සාමාජිකයෝ මොහුගේ තීරණ වලට හිස නමනවා. ඒකට අපේ රටේ? (නි)
තිලාන් Friday, 23 December 2016 04:02 AM
පිලිපීනය කියන්නේ ලෝකයට ණය නැතුව ශ්‍රමය විකුණලා ස්වඋත්සාහයෙන් නැගීසිටින්න වෙර දරන රටක්. රටම වෙලාගත් කුඩු වසංගතය නිසා අවුරුදු 4 කුඩා දරුවාගේ ඉඳල අවරුදු 85 මහලු ගැහැණිය දක්වා ස්ත්‍රී දුෂණ සිදුවීම, මංකොල්ල, සොරකම්, මිනීමැරුම් සිද්ධවීමේ ප්‍රතිශතය ඉහළ ගියා. එ්ත් මෙතුමා නගරාධිපතිව සිටිය කාලේදී ඒ ප්‍රදේශයේ පමණක් නීතිය සහ සාමය හොඳින්ම ක්‍රියාත්මක වුණා. ඒ නිසයි එරටේ ජනතාව කිසිම බියක් සැකයක් නැතුව එතුමා ජනාධිපති තනතුරෙන් පිදුම් ලැබුවේ. (නි)
තිලංක Friday, 23 December 2016 04:05 AM
මෙවැනි ජනාධිපති කෙනෙක් ලබන්න අපිවත් අපේ දරුවන්වත් පින් කරලා නැහැ. සත්තකින්ම අපි හරිම අවාසනාවන්තයි. (නි)
තිලකසිරි Friday, 23 December 2016 04:05 AM
මෙතුමා කියපු දේවල් ඉෂ්ට කරලම පෙන්වන නිසා මෙතුමාගේ කතාවක් යු ටියුබ් එකේ දැම්මම ලෝකයේ විසිරි සිටින පිලිපීන ජාතිකයන් ලක්ෂ 23-25 දෙනා බලනවා. එ්ත් මේ වෙනකොට අපේ රටේ ජනාධිපතිගේ කතාවක් බලන්නේ 200-300 පමණ පිරිසක් පමණයි. (නි)
තිලක්-ඩුබායි Friday, 23 December 2016 04:08 AM
මෙතුමා පාවිච්චි කරන්නේ මිල අඩු ඩබල් කැබ් එකක් සහ යතුරුපැදියක් කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. ජනාධිපතිගේ නිවසත් කුඩා නිවාසයක්. ඇමතිවරුන්ට වුණත් සුපිරි ජිවිතයක් ගතකරන්න ඉඩ දීලා නැහැ.ඒ අතින් අපේ රටේ? (නි)
හිමාල් Friday, 23 December 2016 04:17 AM
සැකකරුවන්ව ඝාතනය කරන්න දෙන්න බෑ. සැකකරුවා නිවැරදිකරුවෙක් වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය සේයා ඝාතනය.(ම)
චුල Saturday, 24 December 2016 01:21 AM
මෙයා ලංකාවේ හිටියා නම් වනාන්තර කපන අපරාධකරුවන්, මහා බැංකුව හොරාකාපු අය, ඩොලර් බිලියන ගණන් හොරකම් කරපු හිටපු රජුන් මෙලහට පරලොව. (නි)
උදේශ් Saturday, 24 December 2016 04:08 AM
අනේ ඒකටත් එක්ක මෙහේ! (නි)