පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කරන්නැයි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලූම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (26) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, නිත්‍ය සාමාජිකයන් පස් දෙනකුගෙන් සහ නිත්‍ය නොවන සාමාජිකයන් දස දෙනකුගෙන් සමන්විතය. පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ එම ඉල්ලීමට අනුමැතිය හිමිවීමට නම් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනකුගේ සහාය හිමිවිය යුතුවේ. පලස්තීන ජනාධිපතිවරයා කරන ඉල්ලීමට මුල සිටම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය දැඩි ලෙස විරෝධය පළ කළේය. පසුගිය 21 වැනිදා ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා මහා මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ මැද පෙරදිග සාමය උදාකිරීම සඳහා ‘පහසු කෙටි ක‍්‍රම’ නැති බවය. ජනාධිපති ඔබාමා සිය දේශනයේදී පලස්තීන ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ එම ඉල්ලීම ඉවත් කර ගන්නා ලෙසටය. පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කළහොත් නිෂේධ බලය යොදා එය පරාජය කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේය. ජනපති ඔබාමා, මහා මණ්ඩලය අමතා කළ එම දේශනයට බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් පවතී. ජනපති ඔබාමා, පලස්තීන ජනපතිවරයාගේ යෝජනා වලියට විරුද්ධව කටයුතු කරන්නේ 2012 පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණය නිසා යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. 2012 ජනපතිවරණයට ජනාධිපති ඔබාමා ද තරඟ කරන අතර ඔහුට ඇමෙරිකාවේ ජීවත් වන යුදෙව් ජනතාවගේ ඡුන්ද ලබා ගැනීමේ අරමුණ ඇතිව ඊශ‍්‍රායලයට සහාය පළ කරමින් පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලියට විරෝධය දක්වන බවට දේශපාලන විචාරකයෝ චෝදනා කරති. ඔබාමාගේ ‘මැද පෙරදිග සාම ප‍්‍රයත්නය’ ඇමෙරිකා ජනතාවගේ මෙන්ම එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේද අප‍්‍රසාදයට හේතු වී ඇත. එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග යෑමේ ඉඩක් ඇතැයි ඇතැම්හු පවසති. මේ අතර ඊශ‍්‍රායල නායක අගමැති බෙන්ජමින් නෙදන්යාහු පලස්තීන ජනාධිපති අබ්බාස්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානමින් සිටින බවය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක්: යෝජනාව එ.ජා. ආරක්ෂක මණ්ඩලයට