IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පිළිකා නසන‘හමුදා භටයෙක්‘ එයි

රුධිරය සමඟ ගමන් කරමින් ශරීරයේ අවයව ආසාදනය කරන පිළිකා කාරක සෛල විනාශ කර දැමිය හැකි නවතම ක‍්‍රමයක් සොයාගැනීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පිරිසක් සමත් වුහ.

කාලයත් සමග පිළිකාව වර්ධනය වන්නේයැයි කියනුයේ රුධිරය ඔස්සේ එකී පිළිකාකාරක සෛල ශරීරයේ වෙනත් කොටස්ද ආසාදනය කරන නිසාවෙනි.

මෙතෙක් පැවැති ප‍්‍රතිකාර ක‍්‍රම අනුව පිළිකාව ඇති නිශ්චිත ස්ථානය සොයා ප‍්‍රතිකාර කිරීමේදී සාර්ථක වුවත් රුධිරය ඔස්සේ ගමන් කරන පිළිකා කාරක සෛලයන් සොයාගැනීමේදී එතරම් සාර්ථකත්වයක් පෙන්වූයේ නැත.

මේ සදහා විසදුම් ලෙස කොර්නෙල් විශ්විද්‍යාලයේ පර්යේෂකයින් පිරිස හදුන්වාදී තිබෙනුයේ විශේෂ ප්‍රෝටීන විශේෂයකි.මෙම ප්‍රෝටිනයන් රුධිරයේ සුදු රුධිරාණු හා බැදෙන අතර ඒවා පිළිකාකාරක සෛලයන් කොටුකර විනාශ කිරීමේ සමත් බව ඔවුහු කියති.

‘‘ලෝකයේ පිළිකා වැළදුණු පුද්ගලයින් සියයට 90 ක්ම පමණ මරණයට පත්වන්නේ මෙසේ රුධිරය ඔස්සේ පිළිකාකාරක සෛල ශරීරය පුරා ගමන් කර පිළිකාව දැනට ආක‍්‍රමණය කර තිබෙන අවයවය පමණක් නොව අනෙක් අවයවද ආක‍්‍රමණය කරන නිසාය.

විකිරණ ප‍්‍රතිකාර වලින් මෙසේ ගමන් කරන පිළිකාකාරක සෛල විනාශ කිරීම අපහසු දෙයක්.

අපගේ පරීක්ෂණයෙන් අප සිදුකළේ මිනිස් රුධිරයේ සුදුරුධිරාණු නොඑසේ නම් මිනිස් රුධිරයේ සිටිනා ‘‘හමුදා භටයින්‘‘ පිරිස හා එක්විය හැකි ප්‍රෝටීන වර්ගයක් නිර්මානය කිරීම.රුධිරයට එක්කෙරුණු පසු මෙම ප්‍රෝටීන රුධිරයේ ඇති පිළිකාකාරක සෛල හා ගැටී ඒවා කොටු කර ගැනීමේ සමත්.මෙසේ කොටු වූ පසු පිළිකා සෛලය මියයන බව අප නිරීක්ෂණය කළා‘‘ යැයි පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය මයිකල් කින්ග් පවසයි.

මෙම ප්‍රෝටීනයන් සේලයින් ආධාර කරගෙනද සිරුරට ඇතුළු කළ හැකි බව සදහන්ය.නැත්නම් සෘජුවම සිරුරට එන්නත් කිරීමද කළ හැකිය.

පරීක්ෂණය සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.පර්යේෂණයෙන් ඔවුන් පවසන ආකාරයට මෙවන් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත්නම් නම් මෙය පිළිකා රෝගීන්ට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ගෙන දෙනු ඇත.



අදහස් (0)

පිළිකා නසන‘හමුදා භටයෙක්‘ එයි

ශාන්ති Friday, 10 January 2014 05:57 PM

මේ පරික්සනය ඉතාමත් සාර්ථක වේවා (දී)

:       0       0

ඉන්දික Wednesday, 08 January 2014 04:55 PM

ඉතාම සුබ ආරංචියක්. (දී)

:       0       0

ෆාතිමා Thursday, 09 January 2014 03:43 PM

ලෝක වාසි ජනතාවගේ ජනයාගේ ජිවිත බේරා ගැනීමට ආ දෙවි කෙනෙක් බදුය (දී)

:       0       0

ලසන්ත Friday, 10 January 2014 09:53 AM

ඉතාමත් වටිනා පරීක්ෂණයක් .ඉතා හොද ප්‍රතිපල ලැබේවා! පරීක්ෂණය 100% ක් ම සාර්ථක වේවා! ඔබලාට බොහොම පින් ලැබෙනවා.(නදී)

:       0       0

චන්දි Saturday, 11 January 2014 01:42 PM

බොහෝ වටිනා සොයා ගැනීමක්,පරීක්ෂණ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස නිම කර ගැනීමටත්, ඉන් ලක්ෂ ගණන් මර බියෙන් පෙලෙන පිළිකා රෝගීන්ට ජිවත් වීමේ වරම් ලබා දීමටත් ලැබේවා ...!!! පරීක්ෂණ කටයුතු කරන සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!(නදී)

:       0       0

අනුර මෝදනා Thursday, 09 January 2014 11:59 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දිල්)

:       0       0

කැනඩා දිසා Thursday, 09 January 2014 09:22 AM

මෙන්න ,,,ආශ්චාර්ය ...අශ්චර්වයේ .නාමයෙන් නියම අශ්චර්වය ..(දී)

:       0       0

සංජිව Thursday, 09 January 2014 09:28 AM

කරුණාකර සොයාබලා පවසන්න,, මට ඉතාමත් ඉක්මනින් මෙම බෙහෙත ලබාගත හැකි ක්‍රමයක් තිබේද?? (දී)

:       0       0

නදීකා Thursday, 09 January 2014 09:40 AM

අනේ වාසනාවන් සුභපැතුම් (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 January 2014 06:39 PM

නියමයි! (නදී)

:       0       0

කුමාරණ Wednesday, 08 January 2014 07:27 PM

රෝගයට ප්‍රතිකාර සොයනවා වගේම පිළිකා හට ගැනීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳවත් සෙවිය යුතුයි.(නදී)

:       0       0

අරුණ Thursday, 09 January 2014 10:48 AM

වෛද්‍ය ඉතිහාසයේ අනර්ගතම සොයා ගැනීම .ඉක්මනින් රෝගීන්ගේ ජීවිත වලට උපකාරී වේවා (දී)

:       0       0

ලසා Wednesday, 08 January 2014 07:35 PM

ඔබට ස්තූතියි. වැඩේ සාර්තක වේවා .(දිල්)

:       0       0

ගීතා Wednesday, 08 January 2014 08:57 PM

එම විද්වත් කණ්ඩායමට පින්සිදු වෙනවා. ඉක්මනින් මහජනතාවට දායාද කරන්න.(නදී)

:       0       0

දිනේෂ් Wednesday, 08 January 2014 09:42 PM

මොනවා කලත් ඇමරිකන් කාරයගෙන් ලෝකෙට විශාල ප්‍රයෝජන තියෙනවා. නරක ටිකයි හොඳ ගොඩයි. මම ඇමරිකාවට ගොඩක් කැමතියි.(නධී)

:       0       0

සජිත් Friday, 10 January 2014 05:27 AM

පිලිකාවෙන් පෙලෙන මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන පුවතක් (දී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 08 January 2014 10:30 PM

ඉතාම හොද සොයා ගැනීමක්,ඉක්මනින්ම ප්‍රයෝගික වී රෝගීන් බේරා ගන්න හැකියාව ලැබෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

මෙවන් Thursday, 09 January 2014 09:37 PM

සාර්ථක ප්‍රතිඵලම ඉක්මනින්ම ලැබේවා!! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 109 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1210 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 182 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1485 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 252 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 153 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site