බොකෝ හරමා අන්තවාදී කැරළිකරුවන් විසින් එල්ල කරණ ලද ප්‍රහාරයකින් නැගෙනහිර කැමරන්හි පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව145 දෙනකු තුවාල ලබා ඇතැයි සී.එන්.එන්. වාර්තා කරයි.
කැමරන් හි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්නල් ඩිඩිර් බැඩ්ජෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නයිජීරියාව මුලික කරගත් බොකෝ හරාම් කැරළි කරුවන් එම රට හරහා කැමරන් වලට ඇතුලුවී කෙරවා නගරයේ වෙළඳ පොලකට පහරදි ඇති බවයි. පසුව කැමරුන් යුධ හමුදා කඳවුරක් අසල පිහිටි රෝහලකට ද මෙම අන්තවාදීන් පහරදී ඇතැයි ඩිඩිර් පවසා තිබේ.
බොකෝ හරාම් අන්තවාදි කණ්ඩායම 2000 වසරේ මැද භාගයේදි නයිජීරියාවේදි ආරම්භ වි ඇති අතර එහි මුලික පරමාර්ථය වි ඇත්තේ ෂරියා නීතිය මුළු නයිජීරියාව පුරාම ව්‍යාප්ත කිරීමටයි. නයිජීරියාවේ උතුරු කොටසේ වැඩි පිරිසක් මුස්ලිම්වරු වන අතර නැගෙනහිර කොටසේ ක්‍රිස්තියානි ආගම් වාදීන් බහුලව වාසය කරයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බොකෝහරාම් ප්‍රහාරයකින් 30ක් මරුට
අජිත් Saturday, 05 September 2015 05:40 AM
කවදාද මේවා අවසන් වෙන්නේ? (නි)
චන්ද්‍රරත්න Saturday, 05 September 2015 07:59 AM
මොන ජාතියේ අය වුණත් මේ වැනසෙන්නේ මිනිස් ජීවිත (නි)
සන්තුෂ් Saturday, 05 September 2015 09:26 AM
අපරාදේ මිනිස් ජීවිත! (නි)
නිරාන් Friday, 04 September 2015 05:09 PM
පවු අසරණ මිනිස්සු! (නි)
ෆර්සාන් Friday, 04 September 2015 07:47 PM
නීතියක් පැනවිය යුත්තේ බහුතර පිරිසකගේ කැමැත්ත සහ යහපත උදෙසා මිස කණ්ඩායමකගේ නීච උවමනාවකට නොවේ (නි)