IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බ 12 ක් පිපිරී 75 ක් මරුට: 200 කට තුවාල

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ප‍්‍රදේශ කිහිපයක පෙරේදා (20) කාර් බෝම්බ 12 ක් පුපුරා යෑමෙන්, 75 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 200 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ පුපුරා ගියේ බැග්ඩෑඞ් නුවර කරාඩා, සෆ්රානියා යන ප‍්‍රදේශවල යැයි එරට ආරක්ෂක අංශ පවසයි.
කරාඩා සහ සෆ්රානියා ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන ප‍්‍රදේශය. බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ අල් කයිඩාවට සම්බන්ධ, ෂියා මුස්ලිම් විරෝධී සුන්නි මුස්ලිම්වරුන් යැයි ඉරාක ආරක්ෂක අංශ සැක පළ කර ඇත.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වී ඇත්තේ, ෂාවා නමැති ඉස්ලාමීය සංවිධානයේ නායක බසීම් මොහොමද් වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනය වීමත් සමඟය. ෂාවා යනු අල් කයිඩා විරෝධී, ෂියා මුස්ලිම් ඉස්ලාමීය සංවිධානයකි. මීට අමතරව බැග්බෑඞ් නුවරට උතුරු දෙසින් පිහිටි මඬේන් නුවර ද ඊයේ (21) බෝම්බ පිපිරීමක් සිදුවිය. එම පිපිරීමෙන් කාන්තාවක ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් තුවාල ලැබූ ගණන 25 කි.
ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය එක්ව ආරම්භ කළ ඉරාක සංග‍්‍රාමය අවසන් කර ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් උත්සන්න විය. ගැටුම් මර්දනය කිරීමට ඉරාක රජය අපොහොසත් වී ඇත.
ඉරාක අගමැති නූර් අල් මලිකි චෝදනා කරන්නේ රජයට විරෝධය දක්වන සුන්නි සටන්කාමීන්, ඉරාකය අස්ථාවර කිරීමට කටයුතු කරන බවය.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ගත වුණු තෙමස ඇතුළත දී ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 2,500 ක් දෙනා ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි.



අදහස් (0)

බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බ 12 ක් පිපිරී 75 ක් මරුට: 200 කට තුවාල

වීර Monday, 22 July 2013 11:52 AM

අර්ෂා, මට පෙනෙන්නේ ඔයා බොරු ලියන්න දක්ෂයි වගෙයි. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 11:56 AM

අරුසියා , ඔය බොරු වලට අපි රැවටිච්ච කාලය ඉවරයි. (නි)

:       0       0

ඕමාර් Monday, 22 July 2013 12:06 PM

අපි ත්‍රස්තවාදය ගැන කතා කරනවා නම් කිසිම ජාතියකට බැනලා චෝදනා එල්ල කරලා වැඩක් නැහැ. එයාලට ආගමක් දහමක් නැහැ කියලයි මම නම් හිතන්නේ. හැබැයි එයාලා අතර සියලු ආගම්, ජාතින් ඉන්නවා. ඒ නිසා එයාලා නිසා ඔයාලා ජාති වාදය අවුස්සන්න එපා.අපි ඔක්කොම ලංකාවෙනෙ. අපි ඔක්කොම හොඳට,සමගියෙන් ඉදිමු. (නි)

:       0       0

මොහොමඩ් Monday, 22 July 2013 12:13 PM

වීර,බොරුවට කෑගහන්න එපා. අපිට ගොඩාක් තරහ ගිහිල්ලා තියෙන්නේ.(නදී)

:       0       0

මොහොමඩ් Monday, 22 July 2013 12:18 PM

වීර,ප්‍රවේශමෙන් කතා කරන්න (නි)

:       0       0

වීර Monday, 22 July 2013 12:29 PM

මොහොමඩ් හිතුවද මම ඔයාගේ කටට බයේ ඇත්ත කියන එක නවත්තයි කියලා.ඔය තර්ජන වලට මම බය වෙන්නෙ නැහැ (නි)

:       0       0

වීර Monday, 22 July 2013 12:31 PM

අර්ෂා, එතකොට අර අවුරුදු 15ක සාමනේර හිමිනමක් සම්බන්ධ සිද්ධියක් වුනේ පහුගිය දවස් වලදී. ඒක සිද්ධ වුනෙත් ඇමෙරිකාවද එතකොට? (නි)

:       0       0

පහන් මඩුගල්ල Monday, 22 July 2013 01:10 AM

මට නම් මේ සුන්නි, ෂියා දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. පොර කාපු බල්ලලු දෙන්නා වගේ නැටි දෙක විතරක් ඉතුරුවෙයි.(නදී)

:       0       0

වීර Monday, 22 July 2013 02:14 PM

මොකක්ද මේ සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටළුව? මෙය අපටත් මහත් හිසරදයක් (නි)

:       0       0

වීර Monday, 22 July 2013 07:10 AM

එකම දෙවිකෙනෙක් අදහන ඔබ මෙලෙස හැසිරෙන්නේ ඇයි? (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:09 PM

වීර, තමන් ගේ ආගම ගැන දැනගන්න අනුන්ව හදන්න කලින්. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 08:31 PM

හරුන් ගොයියෝ ඔහේගේ බොරු අපිට දැන් කියල දෙන්නේ නැද්ද? අන්තවාදීන්ට පේන්නේ තමන් ලග තියෙන පොල් පරාලය නෙමෙයි. අනුන්ගේ පොල් කෙන්දත් පේනවා. අර්ශ, හරුන්, රිෂාර්ඩ් ඔහෙලා ආගමික උන්මාද කාරයෝ තමයි.(නදී)

:       0       0

වීර Monday, 22 July 2013 08:36 PM

අර්ෂා මට අන්තවාදියා කියලා ඇයි ප්‍රශ්නෙන් ලිස්සන්නේ. පිස්සු හැදෙනවා තමයි ඔහෙලා අපිට කරන දේවල් දැක්කම. ඔහෙලගෙ වැඩ හෙළිවෙයි කියලා බයද? ප්‍රශ්නයක් ඇහුවම බොරුවක් හරි කියන්න හාරුන්ලා රිෂාර්ඩ්ලා වගේ ?(නදී)

:       0       0

සඳරුවන් Monday, 22 July 2013 08:42 PM

ලොව පුරා ත්‍රස්තවාදීන්ට යතාර්ථය කියලා දෙනවා නම් මිනිස්සු නොමග යන්නේ නෑ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:14 PM

වීර, මමත් බොරුවට කොහොමත් බයම නැහැ (නි)

:       0       0

අර්ෂා Monday, 22 July 2013 03:16 PM

වීර ට පුදුම පිස්සුවක්නේ බලනකොට තියෙන්නේ (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:18 PM

පහන්, ඕවා ඔක්කොම ටික කාලෙකට තමයි (නි)

:       0       0

අර්ෂා Monday, 22 July 2013 08:16 AM

මේ කාර් බෝම්බ ඇටවීම ඇමෙරිකාවේම වැඩක්, නමුත් බහුතර ජනතාව වෙත මාධ්‍යයෙන් වැරදි කරුණු කාරණා ගෙන යන්නෙත් ප්‍රබල මාධ්‍ය ආයතනයන්, බොරුව සත්‍ය කරන්නත්, සත්‍ය බොරුව කරන්නත් බටහිර සහ ඇමරිකාව ඇති හැකියාව අප දැක ඇත. උදාහරණයකට චැනල් 4 නාලිකාවෙන් ගෙන ගිය නාටකය.(නදී)

:       0       0

හාරූන් අන්සාර් Monday, 22 July 2013 03:25 PM

වීර අන්තවාදයෙන් මත්වෙලා ඉන්නේ අර්ෂා. අර්ෂාගේ අදහස්වත් හරියට තේරුම් ගන්න බැහැ. (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:29 PM

හරි කට්ටිය කියන්න බලන්න දැන් කව්ද බටහිර මාධ්‍ය හසුරවන්නේ කියලා (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:33 PM

පුදුමයි. එළවලු කන කට්ටියගේ අදහස්මද මේ ? (නි)

:       0       0

පහන් Monday, 22 July 2013 09:05 AM

අර්ෂ බුද්ධ ගයාවට බෝම්බ තියලා, රිසානා නෆීක් ගේ බෙල්ල කැපුවේත් ඇමරිකාවද ?(නදී)

:       0       0

අරුසියා Monday, 22 July 2013 09:46 AM

පහන්, අපි මොනවා මොනවා කිවුවත් පිටරට වල ඉන්න ඉන්දියන් කට්ටිය නම් කියන්නේවෙනමම කතාවක් (නි)

:       0       0

හාරූන් අන්සාර් Monday, 22 July 2013 11:24 AM

සදාම් හුසේන් ඇමෙරිකාවට විරුද්ධ විය. අද ඉරාකයේ අපරාධ කරන්නේ කව්ද? යමෙකුගේ පාලනය සතුව මානව සංහාරක අවි තිබෙනවා නම් එයට ජාත්‍යන්තර අධිකරනයට යායුතු නොවේද? නොඑසේ නම් රටක් ආක්‍රමණය කළ හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 109 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1210 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 182 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1486 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 252 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 153 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site