බුද්ධ ධර්මය චීනයේ ප්‍රචාරය කිරීම සඳහා භික්ෂුවකගේ ස්වරූපයේ රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට චීනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
බෙයිජින් නුවර ලෝන්ක්වාන් පන්සලේ රොබෝ භික්ෂුව සදහම් සේවයට යොදවා ඇත.
බොදුනුවන්ගේ ආකර්ශනය ලබාගෙන ඔවුන්ට හරවත් ධර්මය සිත්ගන්නාසුලු ආකාරයෙන් බෙදාදීමට මෙම නිර්මාණය සිදුකළ බව චීන තාක්ෂණ විද්‍යා සංගමය පවසයි. කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයෝ මෙම නිර්මාණයට දායක වී සිටිති. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රොබෝ භික්ෂුව ධර්මානුශාසනා සිදු කරයි. පිරිත් සජ්ඤායනය කිරීමටද හැකියාව ඇති රොබෝ භික්ෂුවට සංවාද කිරීමේ හැකියාවද ඇති බව කියති.
සෙන්ටිමීටර් 60 ක් එනම් අඩි 2ක් පමණ උසකින් නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රයේ ටච් ස්ක්‍රීන් එකක්ද සවි කර ඇත. කහ පැහැ සිවුරක් දරා හිස මුඩු කර ඇති ආකාරයට රොබෝව නිමවා ඇත.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බුදු බණ ප්‍රචාරයට චීනයෙන් රොබෝ භික්ෂුවක්
ලලිත් Tuesday, 26 April 2016 02:03 AM
රොබෝව වුණත් මොකද කියලා හිතෙනවා බණ ටිකක් අහගන්න ලැබෙනවා නම් (නි)
කරු Wednesday, 27 April 2016 08:33 AM
දැන් ඉතින් අපිට .... හොරුන්ට දානේ දෙන එක නවත්තල දාන්නා පුළුවන් .. (බ)
උදය Tuesday, 26 April 2016 02:18 AM
මගේ හිතටත් හරි නැහැ මේ වැඩේ නම් (නි)
කස්තුරි Tuesday, 26 April 2016 02:41 AM
දැන් ඉන්න උන්නාන්සේලා කරන කියන දේවල් වල හැටියට එයාලගෙන් බණ අහනවට වැඩිය රොබෝ හාමුදුරුවන්ගෙන් බණ අහන එක හොඳයි කියලා හිතෙනවා (නි)
නලින් යහම්පත් Thursday, 28 April 2016 02:03 PM
අපේ රටටත් සිංහලෙන් බන කියනා රොබෝ වරුන් කිහිප දෙනෙක් වැඩම්මුවොත් හොඳයි. (ර)
බණ්ඩා Monday, 25 April 2016 01:36 PM
හාමුදුරුවෝ නැතුව පන්සල් වැහෙනවා මේක හොද දෙයක් ...දානේ දෙන්න ඕනත් නෑ නියමයි (බ)
රිචි බාලසුරිය Monday, 25 April 2016 01:55 PM
සසරින් එගොඩ කරන්න රොබෝ බන කියන හිමි වරුන් නිෂ්පාදන කරලා , එක හොඳයි , ලංකාවේ බහුතර බික්ෂුන් වහන්සේලාට ජනතාව සසරින් එගොඩ කිරීමට කාලය නැහැ , මොකද එක එක දේශපාලන පක්ෂවලට හේත්තු වෙලා ඒවා ගොඩ දැමිම කරන නිසා , අනික මේ රොබෝ හිමි වරුන් බන කියන විට ජාති වාදය ආගම් බේද නැතුව බණ පමණක් කියන නිසා (අ)
භද්‍රානි Thursday, 28 April 2016 02:31 PM
නොසන්සුන් මනස , රොබෝ වරුන්ගේ බුදු බණ අහලා වත් මනස ටිකක් නිරවුල් කර ගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? (ර)
චම්පික Wednesday, 27 April 2016 11:58 PM
මහමෙව්නාව තුළින් දෙන පිරිසිදු ධර්මය අහන්න. පින් ඇති සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය තුළින් ජීවිතය යහමඟට යොමුකරගන්න. (නි)
සමරනායක Monday, 25 April 2016 06:41 AM
අනේ මන්දා...මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ මේවට ....(ම)
සරත් Wednesday, 27 April 2016 05:36 AM
මේක හොද වැඩක්. දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු ඒ ගොල්ලන්ට අයිති වැඩ කරන්නේ නෑ (ම)
රුවන් Tuesday, 26 April 2016 09:26 AM
රොබො යන්ත්‍රෙයන් හරි කමක් නෑ බුදු දහම සුරක්ෂීතව, ඉදිරීයෙදී අපට අහන්න ලැබෙනවා නම්. (ර)
චින්තන Tuesday, 26 April 2016 09:28 AM
මම චිනේ ඉගෙනගත්තේ 2007-2010 කාලයේ හැමදාම චිනේ පන්සලකට යනවා . මම දැකපු දෙයක් චිනේ පන්සලේ උදේට හවසට පිරිත් කියනවා .අපේ ලංකාවේ වගේ නැහැ .චීන පිරිත් පොතේ අකුරු ඒ ඒ ශබ්දයට උච්චාරණය වෙන්නේ. අකුරු 3500 දන්නවනම් කතාකරන්න ,ලියන්න ,කියවන්න පුළුවන් .අකුරු 3500 ට 1 අකුරට හඩවල් 4 තියෙනවා ඒ අනුව තේරුම වෙනස් වෙනවා .මම යන හෙම වෙලාවෙම දෙකපු දෙයක් නම් පන්සලේ ලොකු පොඩි හාමුදුරුවන් පොත බලාගෙන තාම කියන්නේ .මතකෙන් කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .මේ දෙය ගොඩක් හොද දෙයක් චිනේ පන්සල් වලට. (ර)
වි.ස.ප.විමලසේන Thursday, 28 April 2016 01:26 AM
බෞද්ධ දර්ශනය බේරාගැනීමට හොද මාර්ගයක් මේකෙන්වත් පෑදුනොත් නම් හොඳයි. බොරු කියන සමහර චීවරධාරීන්ට වඩා රොබෝ කොච්චර හොඳද? (නි)
මොහාන් Monday, 25 April 2016 03:58 PM
සමරනායක, රුවන්, කුමාර් මේ යන විදිහට මේක තමයි හොදම ක්‍රමය. (ර)
රුවන් Monday, 25 April 2016 09:03 AM
බෞද්ධාගමත් හෑල්ලුවට ලක් වෙනවා මේ දේවල් වලින් හෙට අනිද්දාට හමුදුරුවරුත් ඕනේ නැහැ කියයි රොබෝලා ඉන්න නිසා තාක්ෂණය ලෝකයට ඕනේ නමුත් මෙවෑනි දේවලට නෙමෙයි කියලයි මගෙ අදහස (බ)
කෝනාර Tuesday, 26 April 2016 11:18 PM
පවින් පිරි මනුස්ස හාමුදුරුවරුන්ට දණගහලා වැඳලා අපිත් පව් පුරවාගන්නවා. අනික මේකෙන් ප්‍රචාරණය කරන්නේ පොත්පත් වල ඇති ධර්මයයි. නමුත් බොහෝ හාමුදුරු වෙසින් සිටිනා අය ප්‍රචාරණය කරන්නේ පොත්පත් වල ඇති දේවල් නෙමෙයි. තමන්ට ඕනෑ ඕනෑ දේවල්. (නි)
සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 April 2016 03:41 AM
දැන් කාලේ හාමුදුරුවරු හරියට බණ කියන්නේ නැති කාලේ දේශපාලුවන්ට බණ අස්සේ ආවඩන කඩේ යන කාලේ. දේශපාලුවන්ට ආ වඩමින් බණ කියන්න තියෙන පැය නාස්ති කරන කාලේ තමන් පිළි නොපදින ධර්මය අනුන්ට දේශනා කරන කාලේ මෙහෙම රොබෝවරයෙකු දාලා හරි හරියට බුදු බණ ටික දේශනා කරන්න සැලැස්වීම නම් හරියට හරි හොද දෙයක්. (බ)
ෆසීර් Thursday, 28 April 2016 05:07 AM
බුදු හාමුදුරුඔවොත් පස් මහා බැලුම් බලල තමයි පහළ වුණේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට තමයි ඒ ඒ වැඩ උචිත වුනේ. ඉතින් මේ කාලේ හැටියට මේක තමයි උචිත. (බ)
නුවන් Tuesday, 26 April 2016 12:11 PM
කට පාඩමින් ගෙන ආ ධර්මය ග්‍රන්ථාරූඪ කල වෙලෙත් මේ වගේම සමරනායක, රුවන් කුමාර ලා හෙලා දකින්න ඇති , වෙනස්වීම තේරුම් ගන්න, සියල්ල වෙනස් වෙනවා. (ර)
කුමාර් Monday, 25 April 2016 10:55 AM
බණ කියනවා මිසක ඒවා රකින්නේ නැති මහනුන් ඉන්නා ලංකාව වගේ රටවලට මේ රොබෝලා හොඳයි, මොකෝ එයාල ගාව පව් නෑනේ. (හේ)
කුමාර් Monday, 25 April 2016 10:58 AM
මේ දේ නම් ගැලපෙන්නේ නෑ.(හේ)
ඇසළ Tuesday, 26 April 2016 12:16 AM
මේ ක්‍රමය හොඳයි, පුංචි කාලෙදිම කුඩා දරුවන්ගේ ආකර්ෂණය බුදුදහම වෙත ළඟා කර ගැනීමට. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රයෝජනයක් නැහැ. (නි)
වරුණ ජයතිලක Wednesday, 27 April 2016 02:40 AM
ලංකාවේ මිනිසුන්ගේ හැටි මේ ප්‍රතිචාරවලින් පේනවා. හොඳ දේවල් පිළිගන්න සූදානමක් නෑ. හැම දේකම වැරදි විදියට පේන්නේ. මේ වගේ දේවලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් (බ)
හරිශ්චන්ද්‍ර Tuesday, 26 April 2016 01:45 AM
සමරනායක,රුවන් කුමාර, ඔබ දෙදෙනාගේ අදහස් හරි. බෞද්ධාගම සැහැල්ලුවට ලක්වීමේ ක්‍රමයක් වගේ මටත් පෙනෙන්නේ (නි)
දේවි Monday, 25 April 2016 12:04 PM
මේ ගොල්ලෝ නම් සිල් බිදගන්න එකක් නැහැ. දේශපාලකයන්ට කඩේ යන එකකුත් නැත. (බ)
නුවන් Monday, 25 April 2016 12:11 PM
එක කාලයක ග්‍රන්ථාරූඨ කළා, මෙකල අන්තර්ජාලයට එක්කළා, දැන් රොබෝවෙක් මගින් ඉදිරිපත් කරනවා , මිනිසුනේ හැඟීම් වලින් නොවේ බුද්ධියෙන් හිතන්න, නිරපේක්ෂ සත්‍ය එසේම පවතිනවා.(බ)