ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘බි‍්‍රක්ස්’ සමුළුව ඊයේ (29) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට පැමිණි චීන ජනපති හූ ජින්තාවෝට ටිබෙට් ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. සමුළුවට සහභාගීවීමට, චීන ජනපති ඉන්දියාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කළෝ ටිබෙටයෙන් පිටුවහල්වී ඉන්දියාවේ වාසය කරන ටිබෙට් ජාතිකයෝය. චීනය, ටිබෙට් රට බලයෙන් අත්පත් කරගෙන සිටින බවට ඔවුහු චෝදනා කරති. චීන ජනපතිගේ ඉන්දීය සංචාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඔවුන් නවදිල්ලි නුවර විරෝධතා ආරම්භ කළේ පසුගිය 27 වැනිදාය. නවදිල්ලි පොලිස් නිලධාරීන් එදින එම පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළ අතර සියයකට වැඩි පිරිසක් පොලිස් අත් අඩංගුවට ද පත් වූහ. එම අවස්ථාවේදී එක් ටිබෙට් විරෝධතාකරුවෙක් සිරුරට ගිනිතබා ගෙන ද විරෝධය දැක්වීය. බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ 27 හැවිරිදි ජම්පෙල් යේෂී නමැති එම විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කළ අතර, ඔහු පෙරේදා (28) රාති‍්‍රයේ ජීවිතක්ෂයට පත්විය. නවදිල්ලි රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ ඔහුගේ සිරුරේ සියයට 98 ක් පිළිස්සී තිබූ බවය. මෙම සමුළුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර විරෝධතාකරුවන්ගෙන් ඊට කිසිදු බාධාවක් සිදු නොවුණු බව නවදිල්ලි පොලිසිය පවසයි. චීන ජනපති හූ ජින්තාවෝ අමතරව සමුළුවට සහභාගීවන සෙසු රාජ්‍ය නායකයන් වන්නේ බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසොෆ්, රුසියා ජනපති දිමිත‍්‍රි මෙඞ්වදේව් සහ දකුණු අපි‍්‍රකා ජනපති ජේකොබ් සූමාය. ‘බි‍්‍රක්ස්’ යනු සමුළුවට සහභාගී වන බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රිකාව යන රටවල ඉංගී‍්‍රසි නම්වල මුල් අකුරු එක් කිරීමෙන් සැදුණු වදනකි. නවදිල්ලි නුවරට පැමිණි රාජ්‍ය නායකයන් ඉතා හරසරින් පිළි ගනු ලැබුවේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං විසිනි. ඊයේ ඇරැඹුණේ බි‍්‍රක්ස් සමුළුවේ සිවුවැනි සැසිවාරයයි. එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට රටවල යටිතල පහසුකම් දියුණු කිරීම, ආර්ථික කටයුතු ඉහළ නැංවීම, වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ‘බි‍්‍රක්ස් බැංකුව’ නමින් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ද මෙවර සමුළුවේ ප‍්‍රධාන අරමුණ විය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘බි‍්‍රක්ස්’ සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට ටිබෙට් විරෝධතා