IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බි‍්‍රතාන්‍යයෙන් නෙරැපූ ඉරාන තානාපති නිලධාරීන්ට උණුසුම් පිළිගැනීමක්

ඉරානයේ තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඉරාන ජාතික කලහකාරීන් පිරිසක් පහර දීමෙන් පසු ඊට  විරෝධය පළ කරමින් බි‍්‍රතාන්‍යයෙන් නෙරපා දැමුණු ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් කණ්ඩායම පෙරේදා (3) යළි ඉරානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට ඉරාන වැසියන්ගෙන් උණුසුම් පිළි ගැනීමක් ලැබුණි. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි තානාපති කාර්යාල නිලධාරීන් පිළිගැනීමට දහස් ගණනක් ඉරාන වැසියෝ තෙහෙරාන් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එක් රැස්ව සිටියහ. ඉරාන පුවත් සේවා වාර්තා කළේ තානාපති නිලධාරීන් වීරයන් ලෙස පිළිගැනීමට ඉරාන වැසියන් කටයුතු කළ බවය. කුපිත වූ ඉරාන වැසියන් සිය ගණනක් තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී අලාභහානී කළේ ඉකුත් සතියේ අඟහරුවාදා, එනම් 29 වැනිදාය. ඊට හේතුවූයේ ඉරානය, හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට බි‍්‍රතාන්‍ය රජය දිගින් දිගටම චෝදනා කිරීමය. එම ප‍්‍රහාරයෙන් පසු තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපතිවරයා සහ කාර්ය මණ්ඩලය ආපසු කැඳවා ගැනීමටත්, ඉරානය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා නවතා දැමීමටත් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් තීරණය කළේය. බි‍්‍රතාන්‍යය කළ කි‍්‍රයාව අනුගමනය කරමින්  ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තය ද ඉරානයේ පිහිටුවා ඇති ඔවුන්ගේ තානාපති කාර්යාල ඉවත් කර ගැනීමට සැරසෙයි. මේ වනවිටත් එම තානාපති කාර්යාල තාවකාලිකව වසා දමා ඇත. මේ අතර ඉරානයේ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කලහකාරීන් පහර දීමේ සිද්ධියත් න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා එල්ල වීමත් මුල්කොට ගෙන ඉරානයට එරෙහිව අලූතින් සම්බාධක පැනැවීමටද යුරෝපා සංගමය තීරණය කර තිබේ.



අදහස් (0)

බි‍්‍රතාන්‍යයෙන් නෙරැපූ ඉරාන තානාපති නිලධාරීන්ට උණුසුම් පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site