බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිත තෙරේසා මේ එරට දෙවැනි අග්‍රාමාත්‍යවරියයි. ‘යකඩ ගැහැණිය‘ ලෙස විරුදාවලිය ලද මාග්‍රට් තැචර්ගෙන් පසු එම ධූරයට පත්වන කාන්තාව තෙරේසාය. ඇය බදාදා (13) අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. ඒ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි. පසුගියදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග කැමරන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
කැමරන්ගේ ස්ථාවරය වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බවයි.
තෙරේසා මාරි මේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය. 1965 ඔක්තෝබර් 1 වැනිදා ඊස්ට්බෝර්න් හිදී උපත ලද තෙරේසා 1977 වසරේදී දෙවැනි පන්තියේ සාමාර්ථයක් සහිතව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්තාය.
ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ ඔක්ෆෝර්ඩ්ෂයර් ප්‍රාථමික විද්‍යාලයයෙනි. ශාන්ත ජුලියානා කන්‍යාරාමයේ, රෝමානු කතෝලික නිදහස් පාසලේ ද හොල්ටන් පාර්ක් කාන්තා විද්‍යාලයේද ඇය අධ්‍යාපනය ලබා ඇත.
තෙරේසා මේ 1977 සිට 1983 දක්වා කාලයේ එංගලන්ත බැංකුවේ සේවය කළාය. 1985 සිට 1997 දක්වා කාලයේ ඇය මුල්‍ය උපදේශකවරියක සහ වැටුප් නිශ්කාෂණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරියක ලෙස ඇය සේවය කළාය. ඇය උපාධිය ලබාගෙන වසර කිහිපයකට පසු ඇගේ මව හා පියා අභාවප්‍රාප්ත වූහ. මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඇගේ පියා මෙලොව හැර ගියේය.
පිලිප් මේ ඇගේ සැමියාය. කැපිටල් ජාත්‍යන්තර මහාගමේ ආයෝජන බැංකුකරුවකු ලෙස ඔහු කටයුතු කරයි. මේ යුවළට දරුවන් නොමැත.
ඇය 1997 මහ මැතිවරණයෙන් මේඩ්න්හෙඩ්හි කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූවාය. පාර්ලිමේන්තුවට ආ ඇය විලියම් හේග්ගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂයේ සාමාජිකාවක වූ අතර පාසල්, ආබාධිත පුද්ගලයන්ගේ සහ කාන්තා කටයුතු සම්බන්ධ ඡායා නියෝජිත ලෙස කටයුතු කළාය. ඡායා කැබිනට්ටුවට ඇතුළත්වූ ඇය 1999 දී අධ්‍යාපන හා කම්කරු ලේකම් ලෙස ඡායා කැබිනට්ටුව නියෝජනය කළාය.
2002 ජූලි හිදී තෙරේසා මේ කොන්සර්වේටිව් පක්ෂයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස පත්වූවාය. 2010 මැතිවරණයෙන් විශාල ප්‍රතිශතයකින් යුතුව ජයගත් ඇය යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූවාය. අගමැති ඩේවිඩ් කැමරන්ගේ රජයේ ස්වදේශ ලේකම්වරිය ලෙස 2010 මැයි 12 වැනිදා පත්වූ තෙරේසා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය කටයුතු සම්බන්ධ සිව්වැනි නිලධාරිනිය ලෙස ඉතිහාසයට එක්වූවාය. මාග්‍රට් තැචර් අගමැතිනිය, මාග්‍රට් බෙකට් විදේශ ලේකම් හා ජැකී ස්මිත් ස්වදේශ ලේකම් යන අය ඊට පෙර ඉහළම රාජ්‍ය තනතුරු දැරූ කාන්තාවන් විය.
මේ සිය තනතුරේ රාජකාරි කරමින් බ්‍රිතාන්‍යයේ ඖෂධ ප්‍රතිපත්තිය, සංක්‍රමණික නීති, සමාජ විරෝධී ක්‍රියාවන් මැඩලීම, පවුල් සංක්‍රමණය, පිටුවහල් කිරීමේ නීති හා සමලිංගික විවාහ නීතිය ආදී කටයුතු සඳහා මැදිහත්ව ක්‍රියා කළාය.
බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිපදවූ ‘සාටර්ෂිප් ෆල්යට් 7’ අභ්‍යවකාශ යානය, අත්හදා බැලීමේ පියසැරියක් අතරතුරේ පුපුරා විනාශ
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමටත්, සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් සංවිධානයේ නියෝජ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. එහිදී, ඉදිරි වසර 100 දක්වා කාලය
පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට සිදු කළ සැත්කම සාර්ථක වූ බවත්, 56 හැවිරිදි බොලිවුඩ් නළුවා හොඳ සෞඛ්‍ය තත්ත්වය
බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බ
මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බ්‍රිතාන්‍ය දෙවැනි අගමැතිනිය බදාදා වැඩ බාරගනී
නිරුල් Wednesday, 13 July 2016 05:09 AM
එක්කෝ හැදෙයි. නැත්නම් නැතිවෙයි. ඕනෑම මිනිහෙක් හැදෙන්නත්, නැතිවෙන්නත් මුල්වෙන්නේ ගැහැණියක්ලුනේ (නි)
සිල්වා Wednesday, 13 July 2016 05:58 PM
සුබ පැතුම්! (නි)