IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බලයෙන් නෙරැපූ ජනපති මොර්සිගේ ආධාරකරුවෝ 48 ක් මැරුම් කති

බලයෙන් නෙරැපූ ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර පෙරේදා (9) දරුණු ගැටුම් හටගත් අතර, එම පිරිස් විසුරුවාලීමට පැමිණි හමුදා සෙබළුන් එල්ල කළ වෙඩි පහරවලින් මොර්සි ආධාරකරුවෝ 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 435 දෙනෙක් තුවාල ලැබූහ.
මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය චෝදනා කරන්නේ හමුදා සෙබළුන් මොර්සිගේ ආධාකරුවන් සොයමින්, ඔවුන්ට වෙඩි තැබූ බවය.

ඊජිප්තුවේ ඉකුත් සතියේ සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු බලයෙන් නෙරැපූ ජනපති මොර්සි අත්අඩංගුවට ගැණුනු අතර ඔහු රඳවා තැබෙන්නේ කයිරෝ අගනුවර හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේය. විරෝධතාකරුවන් සහ මොර්සි ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේ එය ඉදිරිපිටය.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුකොට ගෙන කයිරෝ අගනුවර එකම යුද පිටියක් වී ඇතැයි ද පැවැසෙයි.

අසල්වැසි තුර්කිය පවසා ඇත්තේ ඊජිප්තු හමුදාව විසින් සිදුකළ එම ඝාතනය ‘සමූල ඝාතනයක්’ කියාය. ඊජිප්තුවේ සිවිල් යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් ඇතැයි ද තුර්කිය බිය පළ කර සිටී.

හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, ඊජිප්තුවේ පිහිටු වූ අන්තර්වාර රජයේ නව ජනපතිවරයා ලෙස බලයට පත් හිටපු අගවිනිසුරු ඇඞ්ලි මන්සූර් පෙරේදා නව අගමැතිවරයකු පත් කිරීමට නියමිතව සිටියේය.

නව අගමැති ධුරයට දෙදෙනකුගේ නම් යෝජනා වී ඇත. ඉන් එක් අයකු නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඞ් එල් බේරූට්ය. දෙවැනියා සිහාඞ් එල්ඞීන් ය. ඔහු නීතීඥවරයෙකි.

නව අන්තර්වාර ජනාධිපති මන්සූර් පවසා ඇත්තේ 2014 දී ඊජිප්තුවේ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් ඉවත් කිරීමේ හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කෙරුණේ පසුගිය 3 වැනිදාය.

අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ය. ඔහු ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වෙයි.

ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

මොර්සි ආධාරකරුවෝ
ඊජිප්තු හමුදාව

 



අදහස් (0)

බලයෙන් නෙරැපූ ජනපති මොර්සිගේ ආධාරකරුවෝ 48 ක් මැරුම් කති

ෆර්සාන් Wednesday, 10 July 2013 04:56 PM

පොත් පාඩම් කරල පන්ති පාස්වෙන එක තමයි මොළේ කියල හිතන් ඉන්නවා වගේ කට්ටිය. (අ)

:       0       0

ජෙරාඩ් Wednesday, 10 July 2013 12:37 PM

'රෝස වසන්තය' මොනතරම් සුන්දරද?  (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 July 2013 12:55 PM

බුදු කෙනෙක්ගේ උපත දුර්ලභයි, බුදු කෙනෙක්ගේ ඉගැන්වීම් අහන්න ලැබීම ඊටත් වැඩ දුර්ලභයි... 100% ඇත්ත.(නදී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 10 July 2013 01:03 PM

චානක එතකොට ජෙරාඩ් වගේ කට්ටියට මොනා වෙයිද දන්නේ නැහැ නේ? එතකොට අදටත් මස් කන උදවියට එහෙම?(නදී)

:       0       0

නුවන් ඊජිප්තු Wednesday, 10 July 2013 06:32 PM

රුචිරා කියන්නේ සහතික ඇත්ත (දී)

:       0       0

ලාල් Wednesday, 10 July 2013 06:50 PM

මම නම් කැමැතියි මෙහෙම වෙනවට (දී)

:       0       0

රංගා Wednesday, 10 July 2013 07:34 PM

රුචිරා, නුවන්, ඔයගොල්ලන්ගේ මෝඩ මොලේට බෙහෙත් නැහැනේ, අපේ රටේ අයට මොලේ තිබ්බා කියලා මොනවද රටට වෙලා තියෙන්නේ? අනිත් රටවල් එක්ක බැලුවහම තවම අපි අවුරුදු 20 ක් පිටිපස්සේ (දී)

:       0       0

අචිනි Wednesday, 10 July 2013 02:08 PM

අපේ රටේ ජනතාව මේ වගේ ශක්තිමත් නැහැ (දී)

:       0       0

රුචිර Wednesday, 10 July 2013 09:12 PM

රංගා අමතක කරන්න එපා අපිට නිදහස ලැබිල අවරුදු 65ක් උනා, එකෙන් අවරුදු 30ක්ම අපි යුද්දෙන් බැට කෑව,(අ)

:       0       0

චානක Wednesday, 10 July 2013 11:05 AM

පොඩි කාලයේ ඉදලම සත්තු මරණ විදිය පුරුදු කරන සමාජයක මිනිස්සුන්ට කිසිම සහනයක් හිතට ලැබෙයි ද ? බුදු කෙන්ක්ගේ උපත දුර්ලබයි, බුදු කෙනෙක්ගේ ඉගැන්වීම් අහන්න ලැබීම ඊටත් වැඩ දුර්ලබයි... (නි)

:       0       0

රුචිරා Wednesday, 10 July 2013 03:28 PM

අචිනි ඊජිප්තු ජාතිකයන් හා ලාංකිකයන් සසදන්න එපා ! උන් ශක්තිමත් කියල ඔයා හිතනවානම් ඔයා දැනගන්න උන්ට මොලේ නෑ. හැබැයි අපිට ශක්තියත් තියෙනවා මොලේත් තියෙනවා. ඔයා කවදාහරි ඊජිප්තු ගියොත් හරි උන් එක්ක වැඩ කොලොත් හරි ඔයාගේ ටිකිරි මෝලේටත් ඒ බව තෙරෙයි. එතකන් ඔයා පව් .... (අ)

:       0       0

ලාල් Wednesday, 10 July 2013 12:00 PM

චානක ඔබ හරි. මේ මිනිස්සු කවදා ඔය වගේ දේවල් වලින් වැළකිලා බුද්දාගම පැත්තට එවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

මලිත් Thursday, 11 July 2013 12:10 AM

මෙහෙම ගියොත් අපේ රටට වෙන්නෙත් මේකම තමයි. අනේ මන්දා. (අ)

:       0       0

ලාල් Wednesday, 10 July 2013 12:00 PM

චානක ඔබ හරි (දී)

:       0       0

සිරිපාල Wednesday, 10 July 2013 12:01 PM

චානක පිස්සෙක් කතා කරනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1935 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site