IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති

පසුගිය වසරේ බහරේන් රජයට විරුද්ධව පැනනැඟුණු විරෝධතා රජයේ හමුදා යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට වසරක් ගතවීම නිමිති කර ගෙන සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් එරට පොලිසිය විසින් පෙරේදා (14) විසුරුවා හරින ලද බව එරට රජය ප‍්‍රකාශ කළේය. පසුගිය වසරේ දරුණු ලෙස විරෝධතා මැඬපැවැත්වූ පර්ල් චතුරස‍්‍රයට පැමිණීමට මනාමා නගර සීමාවෙහි පිහිටි ෂීතේ ගම්මානවල වාසය කරන ජනයා මනාමා නුවරට එක්රැුස් වූ අතර ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවෝ පෙට‍්‍රල් බෝම්බ සහ ගල් ප‍්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. සිද්ධියෙන් අනතුරුව විරෝධතාකරුවන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දහඅටවැනි සියවසේ සිට බහරේන් රාජ්‍යයේ බලය හොබවන කලීෆා රාජවංශයේ වත්මන් පාලකයා වන හමාඞ් බින් ඉසා අල් කලීෆා රජු හට බලයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙසේ වීදි බැස සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි. බටහිර රාජ්‍යයන් අරාබි වසන්තය නමින් හැඳින්වූ මැදපෙරදිග කලාපය හරහා වේගයෙන් පැතිර ගිය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බහරේන් රාජ්‍යයට පැමිණියේ මීට වසරකට ඉහතදීය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් රටතුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනයා බහරේන්හි අගනගරය වන මනාමාහි පිහිටි පර්ල් චතුරස‍්‍රයට රැස්ව මසක් තිස්සේ විරෝධතාවල නියැලූණහ. අනතුරුව එරට රජය විරෝධතා උත්සන්නවීමත් සමඟ රජයේ හමුදා යොදා විරෝධතා දරුණු ලෙස මැඬපැවැත්වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මනාමා නුවරට රැස්වූ විරෝධතාකරුවෝ



අදහස් (0)

බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි
2025 මාර්තු මස 14 41 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්‍


සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්
2025 මාර්තු මස 14 23 0

සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 589 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 557 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට
2025 මාර්තු මස 14 14 0

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1918 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 525 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 251 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site