IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මෙක්සිකෝ කුඩු රැජිණගේ කෙරුම් හමාරයි

මෙක්සිකෝවේ බිහිසුණුම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායිකාවක ලෙස සැළැකුණු මෙලිසා කැල්ඩෙරොන් හෙවත් ලා චයිනා ඇයගේ පෙම්වතාගෙන් ලද ඔත්තුවක් මත අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්විය.

පොලිස් වාර්තා උපුටා දක්වන මෙක්සිකෝ මාධ්‍ය වලට අනුව ලා චයිනා ගේ කල්ලියේම සාමාජිකයෙකු වන ඇයගේ පෙම්වතා මෙසේ ඇය බලධරයින්ට හසුකරදී තිබෙන්නේ ඇයගේ බිහිසුණුකම් හමුවේ ඔහු අතිශයින් බියපත්ව සිට ඇති නිසාවෙනි.

ඇය මිනිසුන් මරණයට පත්කිරීමෙන් සතුටට පත්වන්නියක ලෙසත්, තමන් යටතේ සිටින්නවුන් මර්දනකාරී ලෙස පාලනය කරන්නියක ලෙසත් ඔහු පවසා තිබේ. තොරතුරු දුන්නත් පෙම්වතාට ලිහිල් දඬුවමක් ලැබෙනු ඇතැයි මෙක්සිකෝ මාධ්‍ය මත පළකරයි.

ලා චයිනා මෙක්සිකෝවේ ලා පාස් නුවර සිදුවූ මිනීමැරුම් 180 කට පමණ සම්බන්ධ යැයි සැකකෙරේ. ඇය මත්කුඩු ජාවාරම් ලෝකයට අත්පොත් තබා ඇත්තේ මෙක්සිකෝවේ ප‍්‍රකට සිනලෝආ කල්ලියේ සාමාජිකාවක ලෙසය.

එම කල්ලියට සම්බන්ධ කුඩා කල්ලියක් වන ඩැම්සෝ කල්ලියේ අණ දෙන්නිය ලෙස කටයුතු කර ඇති ඇය පසුව එම තනතුර වෙනත් කෙනෙකුට භාරදෙන්නැයි ඉහළින් ආ නියෝගය පිළිනොපැදීම නිසා සිනලෝආ සාමාජිකයින් සමගද ගැටුම් ඇතිකරගනිමින් සිටි බව මෙක්සිකෝ පොලිසිය කියයි.

ඇයගේ අණට ඉහළින් යන්නවුන් පැහැරගෙන යාමත් පසුදින උදය වන විට එසේ පැහැරගත් පුද්ගලයින්ගේ සිරුරු කොටස් ඔවුන්ගේ නිවෙස් වලට ගෙනැවිත් දැමිීමත් ලා චයිනාගේ පිළිවෙතයි.

ඇයගෙන් දැනට ප‍්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතින අතර නඩු විභාගයක් ලබන වසර ආරම්භයේදී පැවැත්වෙනු ඇතැයි සඳහන් වේ.

2CAB12A600000578-3245907-i2015925mage-a-52_1443000269071 2CAB121E00000578-324590201592537-image-a-51_1443000244541 2CAB122600000578-3245907-i2015925mage-a-3_1442998802793



අදහස් (0)

මෙක්සිකෝ කුඩු රැජිණගේ කෙරුම් හමාරයි

සනත් Sunday, 27 September 2015 08:09 AM

අපේ කුඩු රජාට බන්ඳලා දුන්නා නම් මරු...(හේ)

:       0       0

සංජිව Friday, 25 September 2015 08:09 AM

හොද වැඩේ.මේ වගේ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ජයත් Friday, 25 September 2015 08:46 AM

අපේ සමහර අයගේ "කෙරුම් " නම් තාමත් ඉවර නැහැ වගේ ඉවරයි ඉවරයි කියන සද්දේ විතරයි (අ)

:       0       0

සොපි Saturday, 26 September 2015 05:06 AM

මේ අම්මණ්ඩි හිරෙන් පනියිද දන්නේ නැහැ .(අ)

:       0       0

ලලිත් Saturday, 26 September 2015 09:00 PM

ලංකාවේ නම් ටික කාලයක් ගියාම ඇප දීලා එළියට දානවා. පසුකලෙක ලොකු දේශපාලකයෙක් වුණත් වෙන්න වාසනාව ලැබෙනවා. (නි)

:       0       0

සමන්ති Saturday, 26 September 2015 10:34 PM

ලංකාවේ නම් මොනවා වෙයිද? (නි)

:       0       0

චන්න බුවනක Friday, 25 September 2015 08:56 PM

අපොයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site