IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මෘගපති මී හරකාට බයේ දුවයි

වනයේ රජු සිංහයා කුළු මීමුන් රංචුවකට බියවී පැන දුවන දසුන් පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.

කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේදී ගෙන ඇති මෙම ඡායාරූප වල එළවාගෙන එන කුළු මීමුන් දැක සිංහ රජා භ‍්‍රාන්තව සිටින අයුරු අපූරුවට සටහන්ව ඇත.

වනෝද්‍යානයේ සංචාරයක නියැළෙමින් සිටි යුවළකගේ කැමරාවේ මෙම දසුන් සටහන්ව තිබේ.

සිංහයා තම ධේනුවත් සමග කුළු මීමෙකු ගොදුරු කරගන්නට ඔවුන් ආසන්නයටම පැමිණීමට සමත් වුවත් දඩයම්කරුවන්ගේ ඉව දැනුණු කුළු මීමුන් වහාම ප‍්‍රහාරයට සූදානම් වූ බව ඔවුන් කියයි.

ඒ හාම තම සැමියා අතහැර සිංහ ධේනුව පළා ගොස් ඇත.අසරණ සිංහයා තමන් වෙත එන කුළු මීමුන් රංචුව දෙස ඇස් හයාගෙන භ‍්‍රාන්තව බලා සිට ඊළග මොහොතේ පසුනොබලා දිවගොස් තිබේ.

254B840400000578-0-image-a-37_1422965696852 254B843200000578-0-image-a-30_1422965640867

 



අදහස් (0)

මෘගපති මී හරකාට බයේ දුවයි

කලීල් Saturday, 07 February 2015 05:10 PM

මේකෙන් තීරණය වෙන්නේ බලය සැමදා තියාගන්න බැහැ කියලා නේද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 February 2015 11:58 AM

මෙය හොඳ උදාහරණයක් අපේ අනාගතයට. නමුත් අපේ අයට තේරෙන්නේ ගොඩක් කල්ගියාට පස්සේ (නි)

:       0       0

වීරවංශ Saturday, 07 February 2015 06:17 PM

සිංහ දෙනුව දිව්වේ ගෙදර ඉන්න ළමයින් දෙන්න බලාගන්න. සිංහයා දිව්වේ ජාතිවාදේ අවුස්සනයි (නදී)

:       0       0

සෑම් Thursday, 05 February 2015 02:45 AM

මේක හරියට පහුගිය ජනාදිපතිවරනයට සමාන කරන්න පුළුවන්. (නදී)

:       0       0

ඇසළ Wednesday, 04 February 2015 12:18 PM

ජගත් ඇත්තම ලියලා තියනවා දැන් ඉන්නේ මීහරක් කියලා. (හේ)

:       0       0

නුවන් Thursday, 05 February 2015 03:06 AM

ඇසළ,ජගත් කියන්නේ ජනපතිවරණයට පෙර රට පාලනය කල අය ගැනයි (නදී)

:       0       0

දනීෂා Friday, 06 February 2015 03:52 AM

ඒ කියන්නේ කෙන්යාවේ කැලේ දැන් අලුත් කැලේ රජා මී හරකා කියලද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 07 February 2015 08:59 PM

මෙතන තියෙන්නේ සිංහයා උපක්‍රමශීලී ලෙස පසුබැසීමක්. අනික පෙනෙන්නේ නැද්ද, සිංහ ධේනුවත් ආරක්ෂා කරගන්න එපායැ! මට පෙනෙන විදියට අපේ අය බලන්නේම නොපිටට. (නි)

:       0       0

රොෂාන් Thursday, 05 February 2015 12:43 PM

මේ සිද්දිය අහඹු දෙයක් නෙමෙයි අප්‍රිකාවේ ඔය කියන වනාන්තරයේ මේ සිදුවීම සුලබ දෙයක්. (හේ)

:       0       0

ටි‍රෝන් Wednesday, 04 February 2015 12:48 PM

මරණ බය කාටත් පොදුයි (නි)

:       0       0

දහම්දී Thursday, 05 February 2015 03:44 AM

මොනවා වුණත් නුවණක්කාර තීරණයක් (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 04:14 AM

සත්ත්ව ලෝකයේත් වෙනස්කම් වෙනවා වගෙයි (නි)

:       0       0

සුදේශ් Wednesday, 04 February 2015 01:43 PM

අනේ මෙහෙමත් අය.(හේ)

:       0       0

ලයනල් Thursday, 05 February 2015 02:28 PM

මිනිස් සාමාජය විසින්, සිංහයා කැලේ රාජා ලෙසත්, මී හරකා යනු ඕනෑම දුකක් විදිමට සුදානම් ජාතියක් ලෙසත් (මේ කිසිත් නොදන්නා ) කැලේ සතුන් හට ආරෝපණ ලබාදි තිබේ. මේ ප්‍රවෘත්තියේ ආරම්භක වාක්‍ය බලන්න. සෑම විටම සිංහයා බලවත් වී මී හරකා මිය යායුතු යැයි ස්භාවධර්මයේ නීතියක් නැත. නමුත් මිනිස් අපි එය අපේක්ෂා කරමු. එසේ නොවු විට එය ප්‍රවෘත්තියකි. කෙසේ වුවද සාමාජ ආරෝපිතයන් තුලින් අපට ගත හැකි පාඩමක් මෙහි තිබේ. සියලු දෙනා එකතු වු විට ඕනෑම අභියෝගයක් ජයගත හැකිය යන්නයි.(හේ)

:       0       0

නුවන් Wednesday, 04 February 2015 02:13 PM

ගැණු කොහොමත් ඔහොම තමයි ...අන්තිම මොහොතේ දාලා යනවා .(හේ)

:       0       0

සමන් Friday, 06 February 2015 11:55 AM

සිංහයෝ පරාදයි කියල හිතුවද ? එහෙම හිතල සතුටු වෙන්න උදම් අනන්න එපා (නදී)

:       0       0

රවින්ද්‍ර Friday, 06 February 2015 04:50 AM

සමගිය බලය වේ (දිල්)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 06 February 2015 04:57 AM

මෙතන තිබෙන අදහස් වලින් ජෙහාන් තමයි නියමම අදහස දාලා තියෙන්නේ. කියලා වැඩක් නැහැ නියම අදහස. (නි)

:       0       0

සහන Friday, 06 February 2015 05:12 AM

ගැහැණු කොහොමත් පිරිමියාව දාලා දුවනවා (නි)

:       0       0

අජිත් Thursday, 05 February 2015 03:52 PM

අප්‍රිකා වනාන්තර වල ඔය වගේ සිද්ධි බහුලව දකින්න පුළුවන්. ඔය හරක් රංචු පිටින් ඉන්නකොට ඔහොම තමයි (නි)

:       0       0

ද සිල්වා Friday, 06 February 2015 05:41 AM

පොදුවේ සියලුම ගවයන් මෝඩ බියගුළු සතුන් බවට සිතා සිටින මිනිසුන්න්ට හොඳ පාඩමක් , සතුන් අතරත් නිර්භීත හොඳ සංවිධාන ශක්තියක් ඇති නුවන්නක්කර සතුන් සිටින බවට හොඳ උදාහරණයක් මේක ,(හේ)

:       0       0

හැරල්ඩ් Saturday, 07 February 2015 06:18 AM

නමුත් මේක තාවකාලිකයි. සිංහයෝ හැමදාම පරාදවෙන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Saturday, 07 February 2015 06:53 AM

මීහරකාට තිබෙන මොළයවත් සමහරුන්ට නැහැ. (නි)

:       0       0

නිමල් Thursday, 05 February 2015 06:43 AM

යහ පාලනයත් සමග සිංහයොත් දැන් බලු වෙලා තියෙන්නේ.(දිල්)

:       0       0

උපුල් Wednesday, 04 February 2015 09:23 AM

නුවණක්කාර තීරණයක්. (හේ)

:       0       0

එස් දුලක්ෂී Friday, 06 February 2015 07:42 AM

ලංකාවේ සිංහයෝ නම් කිසි කෙනකුට බය නෑ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 February 2015 07:48 AM

මේක කාට කාටත් හොඳ පාඩමක් , බලය තියෙනකොට කවුරුත් මේ සිංහයා වගේ තමයි බොරු සද්දේ දාල බයකරගෙන ඉන්නවා , හැබැයි ඉතින් සිංහයාගේ ගැනී දාල දිවුවට අපේ නම් එහෙම උනේ නැහැ නේද ?(හේ)

:       0       0

සම්පත් Thursday, 05 February 2015 07:56 AM

ඔව් ඔව් නුවන්, ජනපතිවරණයට පෙර රට පාලනය කල අය ගැනයි, ජනපතිවරණයට පසු රට පාලනය කරන අය ගැනයි. නියම උපහරණය නේද? (ර)

:       0       0

ජෙහාන් Thursday, 05 February 2015 08:06 AM

මේක දකින කොට මට නම් මතක් වෙන්නේ බන්දුල පෙරේරා හෙවත් යහපාල මැතිවරණයට කලින් අපේ පසුපස පන්නගෙන ආපු හැටි. (දිල්)

:       0       0

ෂ්‍යාම් Friday, 06 February 2015 01:31 AM

දැන් කාලයට හොඳට ගැළපෙනවා (නි)

:       0       0

කුමාර් Wednesday, 04 February 2015 10:30 AM

පිරිමි සිංහයෝ නම් කම්මැලිම සත්තු කොටසක්. සමහර ලංකාවේ ඉන්න බොරු සිංහයෝ වගේ. (දිල්)

:       0       0

ජගත් Wednesday, 04 February 2015 10:33 AM

පහුගිය දවස්වල අපේ රටෙත් මීට සමාන සිදුවීම් උනා කාටත් මතක නේද ?(දිල්)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 05 February 2015 12:50 AM

නුවන්, ගැහැණු අන්තිම මොහොතේ දාලා යන්නේ ඉඳලා ඇතිවුණාම. (නි)

:       0       0

පාරමී Thursday, 05 February 2015 01:06 AM

චණ්ඩි කියලා හිතාගෙන ඉන්න අයට හොඳ පාඩමක් (නි)

:       0       0

ශ්‍රිපාල Friday, 06 February 2015 09:33 AM

ගෑනු හැමදාම කරන්නේ මෙහෙම තමයි.(හේ)

:       0       0

රෝහණ Wednesday, 04 February 2015 11:01 AM

අං සහ දත්/ නියපොතු අතර සටනක්. (නි)

:       0       0

සෝමරත්න Saturday, 07 February 2015 04:09 PM

හැමදාම සිංහයන්ට බයේ ඉන්න හොඳ නෑ. මොකද මීහරකට අන් තියනවනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 10 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 925 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 80 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1145 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 218 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 132 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site