ඊශ‍්‍රායෙල් කැබිනට් මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමේ යුද සැලැසුමක් අනුමත කළ බව පසුගිය සතියේ ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කෙරිණ. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල ව්‍යර්ථ කිරීමට නිතරම උත්සාහ කළ ඊශ‍්‍රායෙලය මෙවැනි ප‍්‍රහාරයකට සුදානම් වන බව ප‍්‍රකට කරුණක් වුවද ඒ ගැන ස්ථිරවම ප‍්‍රසිද්ධියට පත් වූ පළමු අවස්ථාව මෙයයි. කලින් රහසිගතව එවැනි සූදානමක් තිබුණ ද ඊශ‍්‍රායෙලයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන එක්සත් ජනපදය එවැන්නකට සහාය පළ නොකළ නිසා අත් හිට වූ බවටද වාර්තා පළ විය. එම නිසා මෙවර එවැනි ප‍්‍රහාරයක් ගැන තොරතුර දැන ගැනීමට ඉඩ සලසා ඇත්තේ එක්සත් ජනපදයේ අනුමැතිය නැතිව ප‍්‍රහාරයකට සුදානම් බව පළ කිරීමට හෝ ඊට එක්සත් ජනපදයේ අනුමැතිය ඇති බව හැඟවීමට විය හැකිය. ඊශ‍්‍රායෙල් රජය කි‍්‍රයාත්මක වන ආකාරය ගැන හොඳින් දන්නා නිරීක්‍ෂකයින් සඳහන් කරන ආකාරයට මීට පෙර ඊශ‍්‍රායෙලය සැලසුම් කොට ක‍්‍රියාත්මක කරන ලද සැලැස්මක් කලින් හෙළි වීමට කිසිදු අවස්ථාවක් නොවුවත් මෙවර ඒ ගැන කල් තියාම ජනමාධ්‍යවලට දැන ගැනීමට සැලැස්වීමේ කිසියම් යටි අරමුණක් තිබිය හැක. කෙසේ වුවත් ඊශ‍්‍රායෙලය 1981 දී ඉරාකයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් යැයි සැලකෙන ස්ථානයකට හා 2007 දී සිරියාවේ එවැනිම මධ්‍යස්ථානයකට පහර දුන්නේ සම්පූර්ණයෙන්ම රහසිගතවය. එම නිසා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට සුදානම් බව කල් තියාම හෙළි කිරීමේ එක අරමුණක් විය හැක්කේ එවැනි ප‍්‍රහාරයක් වැළැක්වීම සඳහා ජනමතය ගොඩ නැගීමක් විය හැක. එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂණ කණ්ඩායමක් සකස් කළ වාර්තාව එහි පාලක මණ්ඩලයට මේ සතියේ බදාදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ප‍්‍රහාරයක් ගැන තොරතුරු ජනමාධ්‍යයට ලබාදීම ද වැදගත්ය. ප‍්‍රකාශ කිරීමට පෙර එම වාර්තාවේ සඳහන් සමහර තොරතුරු ජනමාධ්‍යයේ පළ වූ අතර ඉන් අවධාරණය වුයේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට මෙන්ම එවැනි බෝම්බයක් මිසයිලයක මාර්ගයෙන් නිසි ඉලක්කයකට යැවීමට අවශ්‍ය තාක්‍ෂණය වැඩි දියුණු කරමින් සිටින්නේය යන්නයි. එම නිසා ඊශ‍්‍රායෙලය පවසන ආකාරයට දැන් එළඹ ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කර දැමීමේ අවසාන අවස්ථාවටය. එය ගිලිහී ගියොත් ඉරානය න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කිරීම වැළැක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය දරන්නේ ද ඊට සමාන මතයකි. කි.මී 2800ක දුරකට යැවිය හැකි මිසයිලයක් අත්හදා බැලූ ඊශ‍්‍රායෙලය පසුගිය සතියේදි නේටෝ ගුවන් හමුදා සමග එක්ව දුර දිග ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසයක් පැවැත් වූ බවද වාර්තා වේ. ඉරානය න්‍යෂ්ටික අවි සතු කර ගැනීම මැද පෙරදිග සාමයට බලවත් තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය ඊට පිළියමක් සේ යෝජනා කරන්නේ ඉරානයට එරෙහිව වඩාත් දැඩි සම්බාධක පනවා එම රජය බිඳවැටීමට සැලසීමය. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය දැනටමත් එක්සත් ජනපදයේ හා බි‍්‍රතාන්‍යයේ ඉල්ලීම අනුව අවස්ථා හතරකදී සම්බාධක පනවා ඇත. ඊට අමතරව එක්සත් ජනපදය බි‍්‍රතාන්‍යය හා යුරෝපා සංගමයේ රටවල් ඉරානය හා කෙරෙන වෙළඳ ගනු දෙනු සම්බන්ධයෙන් සම්බාධක රැසක් ක‍්‍රියාත්මක කරවයි. එම නිසා තවත් සම්බාධක පැනවීම යන්නෙන් අදහස් වන්නේ ඉරානය සමග පවත්වන සියලූ ආකාරයේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම නතර කිරීමය. නොඑසේනම් ඊශ‍්‍රායෙලය යෝජනා කරන ආකාරයට හමුදාමය පියවරක් ගැනීමය. එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව එවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය හමුවේ නේටෝ රටවල් පසුබට නොවන බව ලිබියාවේදී පෙන්වා දුන් බවද අමතක කළ යුතු නැත. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, යේමනය හා දැන් සෝමාලියාව යන රටවල සතුරු ඉලක්කවලට නියමුවන් රහිත ගුවන් යානා වලින් ප‍්‍රහාර එල්ල කරන එක්සත් ජනපදයට මෙය අලූත් තත්ත්වයක් විය නොහැක. දැනට ඉරානය සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක හතර ආරක්‍ෂක මණ්ඩලයෙන් සම්මතකර ගැනීමේදී එහි නිශේධ බලය හිමි රටවල් දෙක වන රුසියාව හා චීනය යෝජනා සම්මතකර ගැනීමට එරෙහිව නිෂේධ බලය යෙදවූයේ නැත. ඒ රටවල් දෙකම ඉරානය සමග සමීප වෙළඳ සම්බන්ධතා පවත්වන නමුත් එක්සත් ජනපදයෙන් යෝජනා කළ සම්බාධකවලට එරෙහි නොවුයේ සමහර විට ඒ තුළින් ඉරානය සාකච්ඡුාමය විසඳුමකට එකඟ කරවා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු නිසා විය හැක. එහෙත් මෙවර රුසියාව හා චීනය, ඉරානය කෙරේ තවත් සම්බාධක පැනවීමට එකඟ වන්නේ නැත. එමෙන්ම අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ වාර්තාව ප‍්‍රසිද්ධ නොකළ යුතුයැයි කියා සිටිති. එවැනි වාර්තාවක් එළි දැක්වීම නිසා ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කිරීමට සාකච්ඡුා මාර්ගයෙන් අවස්ථාවක් ලබාගත නොහැකි බව රුසියාව පවසයි. අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයැයි චීනය ද පවසා ඇත. කෙසේ වුවත් ලිබියාවේ ගඩාෆි පාලනය ඉවත් කිරීමට නේටෝ ගුවන් ප‍්‍රහාර යොදාගත් ආකාරය ගැන තාමත් මතකයේ පවතින රුසියාව හා චීනය, ඉරාණයට තවත් සම්බාධක පැණවීමට හා සන්නද්ධ බලය යෙදවීමට එකඟ නොවනු ඇතැයි බොහෝ දුරට අනුමානය කළ හැක. තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාමකාමී කටයුතු එනම් බලශක්තිය නිපදවීම සඳහා වන බව අවධාරණය කරන ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේ අරමුණක් නැතැයි කියයි. න්‍යෂ්ටික පැතිරයෑම වැළැක්වීමේ ගිවිසුමේ සාමාජික රටක් වන ඉරානය ඊශ‍්‍රායෙලයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල ද අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂණයට ලක්විය යුතුයැයි පෙන්වා දේ. එමෙන්ම මැද පෙරදිග න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ යෝජනාවකට තමන් හැම විටම සුදානම්යැයි ද ඉරානය පවසයි. සහතික නොකළ වාර්තා අනුව ලොව පස්වැනි න්‍යෂ්ටික බලවතා වශයෙන් හැඳින්වෙන ඊශ‍්‍රායෙලය න්‍යෂ්ටික පැතිරයෑම වැළැක්වීමේ ගිවිසුමේ සාමාජිකත්වය ලබා ගෙන නැත. එමෙන්ම අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂකයන්ට තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන විවෘත කරන්නේද නැත. ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාරක ශක්තිය තර කිරීම සඳහා අවශ්‍ය කෙරෙන තාක්‍ෂණය, උපකරණ හා මුල්‍ය පහසුකම් ලබා දීමට එක්සත් ජනපදය හැම විටම සුදානම්ය. බොහෝ නිරීක්‍ෂකයන් පවසන ආකාරයට ඊශ‍්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ලබා දී ඇත්තේ ද එක්සත් ජනපදයෙනි. ෂා රජුගේ පාලනය බිඳ වැටීමෙන් පසු එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙල් විරෝධී ස්ථාවරයක සිටින ඉරානය ඒ රටවල් දෙකම දකින්නේ මැද පෙරදිග තම ආධිපත්‍යයට ඇති තර්ජනයක් සේය. ෂාගේ පාලනය බිඳ වැටීමත් සමග එක්සත් ජනපදයට ඉරානයේ තෙල් සම්පත් අහිමි වීමද බරපතල කාරණයකි. ඉරානය අනුගමනය කරන එක්සත් ජනපද හා ඊශ‍්‍රායෙල් විරෝධී ප‍්‍රතිපත්තිය මැද පෙරදිග සාමාන්‍ය ජනතාව අතර ජනප‍්‍රියවීම සෞදි අරාබිය වැනි එක්සත් ජනපදය කෙරේ නැඹුරු වූ පාලකයන් දකින්නේ තමන්ට එරෙහිව ඇති බලවේගයක් සේය. මැද පෙරදිග බොහෝ රටවල පසුගියදා ඇති වූ ජනතා නැගිටීම ද මේ පාලකයන් දකින්නේ තර්ජනයක් ලෙසිනි. බහරේනයේ පාලකයාට එරෙහිව ෂියා ආගමික බහුතරය ගෙන ගිය අරගලය සෞදි හමුදාව යොදා මර්දනය කළේ ඉරාන බලපෑම යටපත් කිරීමට යැයි පැවසිණ. පලස්තීනයේ හමාස් සංවිධානයේ අනුග‍්‍රාහකයා ලෙස හඳුන්වන්නේ ඉරානයයි. එම නිසා න්‍යෂ්ටික වැඩ පිළිවෙලක් ඇතත් නැතත් ඉරානයේ පාලනය වෙනස් කිරීමට එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට දැඩි අවශ්‍යතාවක් පවතින බව නොරහසකි. ඇත්තෙන්ම එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට එරෙහි ස්ථාවරයක සිටි මැද පෙර දිග පාලකයන් එකින් එකා ඉවත් කිරීමට ඔවුන්ට හැකිවිය. ඉරාකයේ සදම් හුසේන්, ලිබියාවේ ගඩාෆි ඉන් මුල් තැන ගත්හ. ඒ ආකාරයටම ඉරානයේත් පාලනය වෙනස් කිරීමට මේ රටවලට දැඩි අවශ්‍යතාවක් පවතින බව පැහැදිලිය. දැනට ඉරානයේ ගිනි කොණදිග ප‍්‍රදේශයේ කැරලිකරුවනට සහාය ලබා දීම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට සම්බන්ධයැයි සැලකෙන විද්‍යඥයන් හා අනෙකුත් පුද්ගලයින් ඝාතනය හා පැහැරගෙන යෑම සිදු වුවත් ඉරානය තවමත් අස්ථාවර කිරීමට ඔවුන්ට හැකි වුයේ නැත. එමෙන්ම ඉරානයේ පාලකයන් ද දිගු කලක් තිස්සේ එක්සත් ජනපද හා ඊශ‍්‍රායෙල් ප‍්‍රහාර අපේක්‍ෂාවෙන් සිටි නිසා හදිසියේ එල්ල කරන ප‍්‍රහාරයකින් විශාල ජයග‍්‍රහනයක් අත්කර ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැක. අනෙක් අතට ඉරානය ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළ හොත් මැද පෙර දිග තත්ත්වය වඩාත් ව්‍යකූල විය හැක. එහි තවත් ප‍්‍රතිඵලයක් විය හැක්කේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානයට අමතරව තවත් යුද පිටියක් විවෘත වීමය. ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින රටවල් ඊට විසඳුමක් වශයෙන් යුද්ධය තෝරා ගැනීම ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සත්‍යයක් වුවත් මෙවැනි යුද්ධයක් හට ගැනීම පෙර කවදාටත් වඩා හානිකර විය හැක.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මැදපෙරදිග යළි කැළඹෙයිද ?