IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මදුරු මර්ධනයට දුරකථනයේ සහය

ස්මාර්ට් දුරකථනවල භාවිතා කළ හැකි මදුරු උගුලක් වෙළඳපොළට ඉදිරිපත් කැර ඇත. එම උගුල ස්මාර්ට් දුරකථන ඇප් එකක් ලෙස බාගත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කරවිමෙන් අවට සිටින මදුරුවන් කලබල වී පලායන බවත් මදුරුවන්ගේ අභිජනන ක්‍රියාව අවුල් වීමෙන් වර්ගයා බෝවීම වැළැක්වෙන බවත් පර්යේෂකයෝ කියති.

මෙම නව මෘදුකාංගයෙන් සිදුවන්නේ අධිසංඛ්‍යාත ශබ්ද තරංගයක් නිකුත් කිරිමයි. මදුරුවන් කා දමන විලෝපිකයන් ලෙස සැළකෙන බත් කූරන් හා හා වවුලන් විසින් නිකුත් කරන ශබ්දයට සමාන ශබ්දය මේ මෘදුකාංගයෙන් නිකුත් වේ.

කීට විද්‍යාඥයන් පවසන්නේ ලෝකය පුරා මදුරු විශේෂ 3500 ක් පමණ හඳුනාගෙන ඇති බවයි. මෙමගින් නිකුත්කරන ශබ්දයෙන් මදුරුවන් කලබල වුවහොත් ඔවුන් අතර අභිජනනය නිසි පරිදි නොවීමෙන් මදුරු ගහණ ඝනත්වය අඩුවීම වඩාත් වැදගත් බව ද ඔවුහු කියති.

මදුරු දෂ්ඨයෙන් ඇතිවන රෝගවලින් වසරකට පුද්ගලයන් ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් ලොව පුරා මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව පැහැදිලිවන කරුණකි. මෙය සාර්ථක වුවහොත් එය මදුරුවන්ට එරෙහි හොඳම අවිය වනු ඇතැයි ද විද්‍යාඥයන් පවසයි. තෙල් වර්ග ඉසීම හා දුම් යොදා ගැනීම මගින් මදුරුවන් මර්ධනයට වඩා මෙය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් ද වෙයි.

article-2705412-1FF9027D00000578-382_634x360 article-2705412-1FF9027100000578-913_306x516



අදහස් (0)

මදුරු මර්ධනයට දුරකථනයේ සහය

රෝහණ Sunday, 27 July 2014 02:03 AM

හැබැයි ඕක ලංකාවේ නම් කරන්න හම්බුවෙන්නේ නැහැ මොකද මදුරු දඟර හදන අයගෙන් මැරුම් කන්න වෙනවා. අනික ලංකාවේ මදුරු දඟර හදන අය මදුරුවෝ බෝ කරන බව නොදන්නා වාදෝ.(නදී)

:       0       0

චින්තක Sunday, 27 July 2014 04:04 AM

රෝහණ ඔයා හණමිටිය බිම තියන්නෙම නැති නම් උස්සගෙන යන්න. නමුත් ඕනේ තරම් මේ දේවල් නොමිලේ බා ගත කර වැඩ ගැනීමට කිසිම බාදාවක් නම් නැතිබව පැහැදිලි ඇත්තකි. (නදී)

:       0       0

තාරක Monday, 28 July 2014 03:11 AM

මේක පරණ සිද්දාන්තයක්. (නදී)

:       0       0

ජයත් Monday, 28 July 2014 06:50 AM

සුනිල් මේක මේ දුරකථන වලට අලුත් වුණාට මේ තාක්ෂණය ටිකක් පැරණි එකක් බාගත කරගන්න පුළුවන් නමුත් ප්‍රයෝගිකව පාවිච්චියේදී යම් සීමාවල් තියනවා .(අ)

:       0       0

තේජාන්විත Monday, 28 July 2014 09:01 AM

මේක ඒතරම්ම සාර්ථකයි කියන්න බැහැ. (නි)

:       0       0

සුනිල් Saturday, 26 July 2014 04:34 PM

මමත් මේ ඇප් එක ඩවුන් ලෝඩ් කරගන්න බැලුවා. මට හම්බුනා මේ වගේ ඇප්ස් 160ක් විතර. ඉතින් මේක අලුත් එකක්ද? මේ ගැන හොඳින් දන්නා කෙනෙක් උපදෙසක් දෙනවා නම් ස්තුති වන්ත වෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 26 July 2014 05:39 PM

වැඩේ හොඳයි. හැබැයි පරහකට තියෙන්නේ ස්මාර්ට් ෆෝන් පාවිචි කරන අය ළඟ ට මදුරුවන්ට කිට්ටු කරන්නවත් බැරි එක. හැමතැනම, වායු සමීකරණ, විදුලි පංකා හා මඩු දැල්. වතුර බහින්නේ මිටි තැනින් කිව්වා වගේ මදුරු වෝ කන්නෙත් ඇඟේ ලේ කඳුලක් නැති අසරණයින්ව. (නදී)

:       0       0

අසාම් Saturday, 26 July 2014 06:17 PM

මේකට එක මම ට්‍රයි කරලා තියෙනවා. එ්ක යම් තාක් දුරට සාර්තකයි කියලා හිතෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 80 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1159 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 142 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1446 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 238 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 143 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site